2013-08-18

භාවිතය වැඩි වෙමින් ඇති SSD ගැන තොරතුරු කිහිපයක්!!!!

  පරිගණකයට වේග සීමා ගෙනෙන උපාංග අතර දෘඩ තැටිය එකකි. අප සාමන්‍යයෙන් භාවිතාකරන යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයක් ඇති එහි 7,200rpm  වේගයක් සහිත උපාංගයේ උවත් දත්ත වේගය 150MB/s කට සීමා වීම දක්නට හැක.එපමනකද නොව ක්‍රියාකාරීත්වයේදි අමතර හඬක් නැංවීම මෙන්ම ගැස්සීමකට ඔරොත්තු නොදීම ආදී අමතර අපහසුතාද එය ‍රැගෙන එයි.  SSD නැතිනම් solid-state drive මේ සදහා හොදම විසදුමකි. ඔබ SATA 6Gb/s interface එකක් හරහා එය භාවිතාකිරිමේදී දල වශයෙන් 550MB/s ක වේගයකින් දත්ත හුවමාරු හැකියාව පරිගණකයේ සමස්ත වේගයට හොද සහනයක් ලබා දෙනු ඇත. එසේම හඬ නොනැගීම මෙන්ම යාන්ත්‍රික කොටස් නොමැති නිසා කම්පනයට ඔරොත්තුදීම පරිගණකය භාවිතාවේදී පහසුවක් වනු ඇත. එපමනකදු නොව එහි ක්‍රියාකාරීතය නිසා ඉපැදෙන උෂ්නත්වය සාපේක්ශව අවම වීම මෙන්ම ප්‍රමානයෙන් නයවර පත් කිහිපයක ප්‍රමානයට සීමා වීම සැලකිය යුතු ප්‍රමානයේ ඉඩක් පරිගණකය තුලට ගෙන එයි.
                      මිල අදික වීම මෙහි එන ප්‍රධානතම අවාසියයි. එහෙත් වේගයෙන් මිල අඩු වෙමින් වැඩි දත්ත ප්‍රමානයකට ඉඩ කඩ ලබාදෙමින් SSD වල වේගවත් වර්ධනයක් දක්නට ලැබෙයි. මුල යුගයේ පැමිනි SSD උපාංග භාවිතාකරන ලද්දන්ගේ එල්ලවූ චෝදනාවක් වූවේ එහි අඩුභාවිතකාලයක් තිබීම උවද වේගයෙන් වන දියුනු කිරීම් සමග වඩාත් සාර්ථක controller හා firmware සමග වඩාත් සාර්ථක SSD මේ වන විට වෙළඳ පොලට පැමිනෙමින් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.
                                                                                                                               by pubudu siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...