2013-08-18

එලබෙමින් ඇත්තේ "personal area network" යුගයයි....

   පලඳින පරිගණක යුගය තොරතුරු ලෝකයේ මීලග ප්‍රධාන හැරවුමක් ලෙසට සටහන් වනු ඇති බව හදාරන්නන්ගේ මතයයි.අප සාමන්‍යයෙන් සිතන ආකාරයේ උපාංග වෙළඳ පොලෙහි තවත් උපාය මර්ගයක් ලෙසට එය තේරුම් ගැනීම එතරම්ම සාර්ථක උපකල්පනයක් නොවනු ඇති බව සරල හැදෑරීමකදී පවා තේරුම් ගත හැකි කාරනාවකි. සැබවිනම එය පරිගණකයට හා අන්තර්ජාලයට ඔබේ සැබැදියාවේ වෙනසක් ගෙන එන්නෙකි.
           හදාරන්නන් යෝජනා කරන්නේ ඔබ අන්තිම වශයෙන් සලකන Home network නැතිනම් නිවෙස් ජාලයෙන් තවත් මදක් ඔබ්බට චලනය වෙමින් "personal area network"  නැතිනම් පුද්ගල ජාලයට පිවිසීමකි. සැබවින්ම එය Bluetooth, Wi-Fi හෝ  NFC වැනි සබදතාවයක් ඔස්සේ පැමිනෙන wireless PAN එකක් ලෙසට නම් කරන්නට ඔවුන් කැමති වෙති. පැරනි LAN ඔස්සේ පැමිනි සබදතාවයට Wi-Fi ඔස්සේ වන ලැප්ටොප් උපාංගය සබදවීමේ යුගයේ සිට ඔබගේ ස්මාර්ට් දුරකතනය Internet-connected server බවට පත්වන යුගය එය ‍රැගෙන විත් ඇත.විශේෂයෙන්ම ඔවුන් සදහන් කරන්නේ වඩාත් අඩු බැටරි බලයක් භාවිතකරන Bluetooth 4.0  වැනි තාක්ශනයන් මෙම නව යුයේ ප්‍රවර්ධනයට මහත් සහයක් දෙමින් සිටින බවයි.හදාරන්නන් පවසන්නේ 2017 වන විට 70 million ක් පලදින ආකාරයේ උපාංග වෙළඳ පොලට ඉල්ලා සිටිනු ඇති බවයි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...