2013-08-17

වින්ඩෝස් 8 හඳුනාගනිමු -හතරවන කොටස-

  ලොක් ස්ක්‍රීනයද වින්ඩෝස් 8 සමග වෙනස්කම් කිහිපයක් ‍රැගෙන විත් ඇත.වෙනස් සංස්කරන වලදී මෙන් නොව වින්ඩෝස් 8 ලොක් ස්ක්‍රීනය අත්‍යාවශ්‍ය තොරතුරු කිහිපයක් සමග සිටී.ඒවා අතර ලැප්ටොප් පරිගණකයේ බැටරි තත්වය, අන්තර්ජාල සම්බන්දයේ තත්වය, අලුතින් පැමින ඇති ඊමේල් තත්වය ආදිය ඒවායි. එසේම අවශ්‍ය සමහර ඇප් සබදතාද සැකසුම් ඔස්සේ ලොක් ස්ක්‍රීනය වෙත කැදවා ගන්නට  භාවිතාකරන්නාහට හැකි වීමද වැදගත් කාරනයකි. එසේම මෙලෙස ලොක් ස්ක්‍රීනය  වෙත කැදවා ගන්නා ඇප් වලින් නිරවරනය වන තොරතුරු ප්‍රමානයද භාවිතාකරන්නෙකු හොදින් සලකා බලා සකසා ගැනීමට කල්පනාකරී වීම වැදගත් බවටයි පැවසීමට ඇත්තේ.මෙහි සැකසුම් පිලිබදව පසුව විස්තර කරනු ඇත. ලොක් ස්ක්‍රීනය වෙත කැදවාගත හැකිවන  උපරිම ඇප් සංක්‍යාව හතකට සිමා වේ.
                                             වින්ඩෝස් 8 සමග ඔබගේ ගිනුමට ඇතුලුවීම සදහා ක්‍රම කිහිපයක් පැමින ඇත. සාමන්‍ය ආකාරයට වන  password මෙන්ම  picture password හෝ සරල  PIN.  අංකයක් ඔස්සේ මෙන්ම Live ID ඔස්සේද ඔබට ඔබගේ වින්ඩෝස් 8 ගිනුමට ඇතුලුවීමට හැකිවනු ඇත. මෙහිදී password යනු සාමන්‍යන් හුරු පුරුදු සංකීර්න සංයෝජනයක් ඇති සංක්‍ය , අක්ශර, සංකේත ආදිය භාවිතාකරමින් සකස් කර ගත්තක් භාවිතාකරමින් ගිනුමට ඇතුලුවීම වේ. PIN භාවිතයේදී සරලව අංක හතරක් සහිත පිවිසුම් පදයක් භාවිතාකිරීම වන අතර picture password වලදී ඔබ ‍තෝරා ගන්නා පින්තූරයක් භාවිතාකරමින් ස්පර්ෂක තිරයක් ඔස්සේ කිහියම් රටාවකට ඇගිලිතුඩු හැසිරවීමක් ලබාදීම සිදුවේ. නැවත ගිනුමට පිවිසීමට අවශ්‍ය වන විට පෙර ලබාදුන් පරිදි නැවත එම රටාව ලබාදීම සිදුකල යුතුවේ. වින්ඩෝස් 8 සමග ගිනුමකට ඇතුලු වීමට ක්‍රම දෙකක් වේ. එනම් ඔබගේ පරිගණකයට පමනක් සීමා වූ ගිනුමකට පමනක් වන අතර අනෙක් ක්‍රමය වන්නේ වින්ඩෝස් හි  Live ID  එකක් සමග onlin ආකරයට ගිනුමටට ඇතුලුවීමය. එහිදී එම  වින්ඩෝස් 8 භාවිතාව ස්කයි ඩ්‍රයිව් -මයික්‍රසොෆ්ට් හි ක්ලවුඩ් ආකාරයට වන ගොනු ‍රැදවිමේ පහසුව- වෙතටද බර වෙන අතර පසුව ඒ ආකාරයටම වින්ඩෝස් 8 පරිගණකයකින් ඇතුලු වූ විට පහසුවෙන් පෙර සැකසුම් සහිත පරිසරයකට ගොඩවිමට ඕබට සහය වනු ඇත

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...