2013-08-17

වින්ඩෝස්8 හදුනාගනිමු -දෙවන කොටස-

    වින්ඩෝස් 7 වල සිට හෝ වින්ඩෝස් පෙර සංස්කරනයක සිට වින්ඩෝස් 8 වෙත පිවිසෙන ඔබට මුලින්ම හමුවන වෙනස නම් නව ප්‍රධාන මුහුනතයි. එනම් සාමන්‍ය ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කල විට එම ආරම්භ කිරීමේ ක්‍රියාවලිය අවසන් වන ප්‍රධාන මුහුනතයි. එයට UI එනම් යුසර් ඉන්ටර්ෆේස් ලෙසට නම් කෙරෙන අතර වින්ඩෝස් 8 සමග ඔබ පැමිනෙන මුහුනත මොඩර්න් යුසර් ඉන්ටර්ෆේස් එක ලෙසට නම් වනවා. වින්ඩෝස් හි සියලු පෙර සංස්කරන සමග පැමිනි ඩෙස්ටොප් මුහුනතින් මෙය වෙනස් ආකාරයක් ගන්නා අතර පෙර සංස්කරන වල අයිකන ලෙසට නම්වූ ඩෙස්ටොප් එක මත වන සබදතාවන් වින්ඩෝස් 8 මොඩර්න් ඩෙස්ටොප් එක මතදී ටයිල් ලෙසට නම් කෙරෙනවා. ප්‍රමානයෙන් විශාල මෙම ටයිල් සබදතා අතරින් සමහරක වන අනෙකුත් විශේෂත්වය වන්නේ එම ටයිලය නියෝජනය කරන ඇප් මෘදුකාංගයේ වර්තමාන තොරතුරු සමහරක් ටයිලය මතුපිට සජීවීව දක්නට හැකි වීමයි.වින්ඩෝස් පෙර සංස්කරන සමග ක්‍රියාත්මක වූ මෘදුකාංගවල සබැදියාවක් ඩෙස්ටොප් එක මත නියෝජනය වීම අයිකන ලෙසට නම් වූ වත් වින්ඩෝස් 8 මොඩර්න් ඩෙස් ටොප් එක මත නියෝජනය වන්නේ වින්ඩෝස් ඇප් ස්ටෝර්ව මතින් පමනක් ලබා ගන්නා ඇප් මෘදුකාංගවල නියෝජනයක් වනවා.එසේ වුවත් පැරනි වින්ඩෝස් සමග ක්‍රියාත්මක වූ  “legacy” මෘදුකාංගද වින්ඩෝස් 8 මතට ස්ථාපනය කරන්නට හැකි වන අතර මොඩර්න් ඉන්ටර්ෆේසය -ස්ටාර්ට් ස්ක්‍රීනය ලෙසටද මෙය නම්වේ- මත එම ස්ථාපනයන්ගේ ටයිල් ආකාරයේ නියෝජනයන් පැමිනුනද එම මෘදුකාංග විවෘත වන්නේ වින්ඩෝස් 8 සමග පැමින ඇති තවත් ඇප් එකක් ලෙසට ක්‍රියාත්මක වන පැරනි වින්ඩෝස් 7 වලට සමාන ඩෙස්ටොප් මුහුනතක් මතදීයි.
   පෙර කී වින්ඩෝස්7 වලට සමාන ඩෙස්ටොප් මුහුනත මතට කෙලින්ම ප්‍රවිශ්ටවීමේ නොහැකියාව මෙන්ම එම සුපුරුදු ඩෙස් ටොප් එක මතින් ඉවත්ව ඇති ස්ටාර්ට් බටර්න් එක පිලිබදව භාවිතාකරන්නන් අතරින් නැගුනු අසතුට සදහා ප්‍රතිචාර දක්වමින් මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 සංස්කරනය නිකුත්කොට කෙටි කලකින් නිකුත් කරන්නට සැලසුම් කොට ඇති හා දැනට පෙර සංස්කරනයක් නිකුත් කොට ඇති වින්ඩෝස් 8.1 නම් මෙගා මට්ටමේ වින්ඩෝස් 8 යාවත්කාලීනය තුලදී විසදා තිබෙනවා. එම සංස්කරනය සමග භාවිතයේදී කෙලින්ම පරිගණකය ආරම්භය සුපුරුදු වින්ඩෝස් 7 සමාන මුහුනතට පැමිනීමට මෙන්ම එහි ටාස්ක් බාර් වම් කෙරවලට සුපුරුදු ස්ටාර්ට් බටනයක් නැවත ගෙනෙන්නට එම ආයතනය කටයුතු කොට තිබෙනවා.එහෙත් මෙම ස්ටාර්ට් බටනය ඔබව යොමු කරන්නේ වින්ඩෝස් 8 හි ප්‍රධාන නිල යුසර් ඉන්ටර්ෆේස් එක වන මොඩර්න් යුසර් ඉන්ටර්ෆේස් එක නැතිනම් ටයිල් වලින් සැරසුනු නව ඩෙස්ටොප් මුහුනතටයි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...