2013-08-17

වින්ඩෝස් 8 හඳුනාගනිමු. -තෙවන කොටස-

  වින්ඩෝස් 8 ‍රැගෙන විත් ඇති නව අංග අතර මෙහෙයුම් පද්ධතියටම බද්ධව පැමිනෙන ආරක්ශක මෘදුකාංගය ප්‍රධාන තැනක ඇත. එය Security Essentials software මෘදුකාංගය වින්ඩෝස් 8 සදහාම සංවර්ධනය කරනලද  Windows Defender මෘදුකාංගය ලෙසට නම් වනවා.එලෙසම  File Explorer වැනි වින්ඩෝස් 8 උප අංග සමග පැමින ඇති  Ribbon interface භාවිතාකරනන් වෙත වේගවත් හා පහසු හැසිරවීමේ හැකියාවක් ගෙනවිත් තිබෙනවා. එසේම මෙවැනි භාවිතාව වඩාත් පහසුකරන නවවාංග කිහිපයක් අතර තවත් කැපී පෙනෙන වෙනසක්  Task Manager වෙතට පැමින තිබෙනවා. පැරනි  Task Manager පහසුව හා සසදත්දී නව සංස්කරනය වඩාත් පහසුවෙන් හා පැහැදිලිව මෙහෙයුම් පද්ධතිය මතසිදුවන ක්‍රියාවලීන් හදුනා ගන්නට සහය වන ආකාරයට සකස්වී තිබෙනවා-වැඩි විස්තර ඉදිරි සටහනකදී- සරලව පැමින ඇති තවත් අංග කිහිපයක් දක්වන්නේ නම් Refresh හා Reset හැකියාව, එනම් මෙහෙයුම් පද්ධතියේ ගැටලුවකදී මෙහෙයුම් පද්ධතියම භාවිතාකරන්නා ස්ථාපනය කර ගත් ඇප් හා සැකසුම් සමග හෝ හුදු මෙහෙයුම් පද්ධතියටම පමනක් නැවත යැමේ හැකියාව -පසුව විස්තර කෙරේ- වින්ඩෝස් 8  Enterprise සංස්කරනය සමග පමනක් පැමින ඇති  USB flash drive එකක් සමග සමස්ථ මෙහෙයුම් පද්ධතියම තවත් පරිගණකයක් වෙත ගෙන යාමේ හැකියාව මෙන්ම Hyper-V සමග පෙරට වඩා පහසුවෙන් වෙනත් මෙහෙයුම් පද්ධතියක් වින්ඩෝස් 8 මත ධාවනයට හැකියාව මෙන්ම,Storage Spaces  පහසුව සමග විශාල දෘඩාංග තැටි දෙකක් උවත් එකම දට්ත ගබඩාවක් ලෙසට භාවිතාකිරීමේ හැකියාව - single large storage location- දක්වන්නට පුලුවන්.
                                                                        තවද  Trusted Boot නැතිනම් - UEFI- සමග පරිගණකය සුරක්ශිතව බූට් කිරිමේ හැකියාව වින්ඩෝස් 8 සමග පැමින තිබෙනවා. මවුපුවරු නිෂ්පාදනයේදී අඩංගු වන සහයත් සමග පමනක් ක්‍රියාත්මක වන මෙම පහසුව සමග පරිගණකය ආරම්භක ක්‍රියාවලියේදී අනාරක්ශිත firmware හෝ drivers ආදිය ක්‍රියාත්මක වීම වලකනු ලබනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...