2013-08-17

වින්ඩෝස් 8 හදුනා ගනිමු. -පලමු කොටස-

 2011 ජනවාරි මාසයේදී මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටියේ තම මෙහෙයුම් පද්ධති රටාව මීලග සංස්කරනය සමග තීරනාත්මක වෙනසකට ගෙනයන්නට තමන් සූදානම් බවයි. වඩාත් අපුරු මුත් එවැනි නිර්භීත තීරනයකට එලබෙන්නට ඒ වන විට එම සමාගමට අනිවාර්ය වී තිබිනි.එනම් වේගයෙන් භාවිතාකරන්නන් අතර ප්‍රචලිත වෙමින් ඇති ටැබ්ලට් ආකරයේ උපාංග වෙළඳ පොල තුල මයික්‍රසොෆ්ට් අනන්‍යතාවයක් රදවා ගන්නට නම් ඩෙස්ටොප් පරිගණකය මූලික තම මෙහෙයුම් පද්ධති රටාව වෙනස් කොට ටැබ්ලට් පරිගණක කේන්ද්‍රීය මෙහෙයුම් පද්ධති රටාවකට පැමිනීම අනිවාර්ය වී තිබිනි. සුපුරුදු ඩෙස්ටොප් මුහුනතේ සිට වඩාත් සරල ස්පර්ශක මිත්‍ර මුහුනතකට පැමිනීම එහි මග හැරිය නොහැකි සාධකයක්ව තිබිනි.
                             2012දී මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය නිකුත්කරන්නට කටයුතු කෙරිනි.එය MinWin නම් කර්නලය මත ගොඩ නැගුනු මෙහෙයුම් පද්ධතියක් විය. ඇත්තෙන්ම එය වින්ඩෝස් සර්වර් මෙන්ම වින්ඩෝස් ෆෝන් සදහාද පොදු වන කර්නලයක් වේ.මෙලෙස එකම කර්නලයක් භාවිතය නිසා විවිධ උපාංග-පැට්ෆෝම්- අතර පහසු  භාවිතය මෙන්ම මෘදුකාංග නිර්මාණය කිරීමේ පහසුව හා ආරක්ශාව පහසුව කැපී පෙනෙන ලක්ෂන විය. ඇත්තෙන්ම මෙය ඇපල් ආයතනයේ මෙහෙයුම් පද්ධති අතර පවතින ක්‍රමයද විය.එහිදී ඇපල් ඩෙස්ටොප් .iPad මෙන්ම iPhone උපාංග සියල්ල මතම ධාවනය වන මෙහෙයුම් පද්ධති වල පදනම එකම කර්නලයක් විය.
                                       එසේම වින්ඩෝස් විස්ටා , වින්ඩෝස් 7 මෙන්ම වින්ඩෝස් 8 සියල්ලේහිම තවත් පොදු ලක්ෂනයක් වූවේ ඒවා  modular operating system ආකාරයේ වීමය. එනම් මෙහෙයුම් පද්ධතිය තුල ක්‍රියාත්මක වන අංග තනි තනිව අක්‍රියකර දමන්නට හෝ ඉවත්කර දමන්නටද හැකිවීමය.එසේ කිරීම තුල ප්‍රධාන පද්ධතියේ ක්‍රියාත්මකවිමට හානියක් නොවීම පහසුවක් විය. අනිත් අතින් මෙම පහසුව නිසා වින්ඩෝස් සර්වර් , වින්ඩෝස් ඩෙස්ටොප් ආදි වෙනස් අවශ්‍යතා ඉ‍ටුකරන මෙහෙයුම් පද්ධති උවද එකම පදනමක් මත නිර්මානය වීම නිසා ඒවා අතර ගනුදෙනු කිරීම පහසුවිය.එසේම මෙම මොඩියුලර් ස්වභාවය මත වින්ඩෝස් පැරනි සංස්කරන වලට සහය දක්වන මෘදුකාංගද ධාවනයට සහය දැක්විය හැකි විය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...