2013-08-01

වින්ඩෝස් 8 මුල්ම නිකුතුවට වසරකි

   වින්ඩෝස් 8 මුලින්ම උපාංග නිෂ්පාදකයිට නිකුත්ව වසරක කාලයක් ගෙවී යමින් තිබෙනවා. මයික්‍රසොෆ්ට් සමාගම ප්‍රථම වතාවට සම සුපුරුදු ඩෙස්ටොප් රටාවෙන් මිදී ස්පර්ශක තිර මිත්‍ර මොබයිල් ආකාරයට වඩාත් හිතවත් මෙහෙයුම් පද්ධතියකට තම මෙහෙයුම් පද්ධති යොමු කරමින් කටයුතු කිරීම ඇරබීම වින්ඩෝස් 8 සමග සටහන් වුවා. එලබෙන ලෝකයේ පරිගණක ජංගම භාවිතාවට වඩාත් නැබුරුවීමේ ප්‍රවනතාවය ලොව බහුලතම මෙහෙයුම් පද්ධති සමාගම එකග වීමක් එයින් සංකේතාත්මකව දැක්වූවා. වින්ඩෝස් 7 මත හිද එය නැවත ප්‍රතිනිර්මානය කරමින් තමන්ගෙම නිකුතුවක් වූ සර්ෆේස් උපාංගයට වඩාත් සුසරකල මෙහෙයුම් පද්ධතියක් ලෙසටයි විචාරකයින් වින්8 හදුන්වාගන්නට වැඩි කැමැත්තක් දැක්වූවේ.
                                           දිවිත්ව පෞර්ෂත්වයක් ‍රැගෙන ආ මෙම මෙහෙයුම් පද්ධතිය මාස කිහිපයකට පෙර දී ලොව වින්ඩෝස් විස්ටා භාවිතාව ඉක්මවන්නට සමත්වූ අතර දැනට සමස්ත ඩෙස්ටොප් භාවිතාවතුල සියයට 5.4ක ස්ථාවරයක් ලබා ගෙන තිබෙනවා. ඇප්ස් ස්ටොර්ව වැනි අතිරේක  භාවිතාවන්ද ‍රැගෙන මෙම මෙහෙයුම් පද්ධතිය බලාපොරොත්තු වු ලෙසින් භාවිතාවට නොපැමිනීමේ අපහසුවක් සමාගම දෙසින් පල වුවද වඩාත් ශක්තිමත්ව භාවිතාකරන්නන් තුල ස්තාවර වෙමින් පවතින බවටයි විචාරක මතය වන්නේ.ඇප්ස් ස්ටෝර්ව ඔස්සේ ලබාගන්නා ඇප්ස් සමග් භාවිතාකරන්නෙකුට පහවුවෙන් මෙන්ම සුරක්ශිතව තම පරිගණ්කයේ භාවිතාව පුලුල් කර ගත හැකි බවයි ආයතනය පවසන්නේ.
          වින්ඩෝස් 8 වෙත නිරන්තරයෙන් වූ විමසුම සමග වෙගවත් ප්‍රථිචාර දක්වමින් ම්යික්‍රසොෆ්ට් ආයතන මේ වන විට වින්ඩෝස් 8 වෙත නව සංස්කරනයක් වින්ඩෝස් 8.1 ලෙසින් හදුන්වා දී ඇති අතර එය සමග වින්8 හි මොඩර්න් මුහුනතට නවතා කිහිපයක් මෙන්ම භාවිතාකරන්නන්ගෙන් නිරන්තර චෝදනාවක් වූ ස්ටාර්ට් බටනය නැවත ‍රැගෙන විත් තිබෙනවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...