2013-08-17

සූර්යබල ලැප් පරිගණකය ඩෝලර් 350කට

  කැනේඩියානු ආයතනයක් පවසන්නේ තමන් සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මකවන ලැප් ටොප් පරිගණකයක් එලබෙන සතියේ නිකුත් කරන්නට සූදානම් වෙමින් සිටින බවයි WeWi Telecommunications ආයතනය පවසන්නේ ඩෝලර් 350ක වැනි මුදලකට මිලකර ඇති මෙම පරිගණකය five pounds බරකින් හා අඟල් දෙකක ඝන කමකින් යුත් උපාංගයක් වනු ඇති බවයි.ඔවුන් පවසන්නේ පැහැබර දිනයකදී දෙපැයයක කාලයකදී හෝ වලාකුලු සහිත දිනකදී තෙපැයකදී ලබා ගන්නා බලය ඔස්සේ පැය 8-10 කාලයක් භාවිතාවට හැකිවනු ඇති බවයි.13.3ක LCD තිරයකින් සමන්විත වන මෙම උපකරනය Ubuntu ස්ථාපිතව පැමිනෙනට නියමිත අතර අනෙකුත් මෙහෙයුම් පද්ධතිවලට පවා සහය දක්වනු ඇති බවටයි පවසා සිටින්නේ.3G හා  4G networks සහය දක්වන මෙම පරිගණකය Wi-Fi සහය සමග පැමිනෙන්නට නියමිත අතර ප්‍රොසෙසරය Intel Atom chip වන අතර 320GB  දෘඩ තැටියකින් හා 2-4GB  RAM මතකයකින් සමන්විත වනු ඇති බවටත් රලු භාවිතාවට වඩාත් ඔරොත්තු දෙන ලෙසට නිමවී ඇති බවටත් පවසා සිටිනවා.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...