2013-07-15

"Angry Birds Star Wars II" නොවැම්බරයේ නිකුත්වනු ඇත

          භාවිතාකරන්නන් අතර මහත් ප්‍රසාදයක් දිනාගත් Angry Birds Star Wars හි දෙවන නිකුතුවක් එලබෙන නොවැම්බරයේ 19 දින Angry Birds Star Wars 2 ලෙසින් නිකුත්කිරීමට Rovio හි මෘදුකාංග සංවර්දකයින් මේ වන විට ලහි ලයියේ සූදානම් වෙමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ. පසුගිය දින වල පැවති මාධ්‍ය හමුවකදී එම ආයතනය මෙම බව නිල ලෙසටත් ප්‍රකාශයට පත්කොට සිටියා. මෙම ක්‍රිඩාවේ නව සංස්කරනය තුල චරිත 30කින් සමන්විත වන්නට නියමිත අතර ක්‍රිඩාවතුලදී good හා dark side ලෙසින් ‍තෝරා ගැනීම් අවස්ථා දෙකක්භාවිතාකරන්නාට ගෙනෙනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. TELEPODS තාක්ශන සහය ඔස්සේ භාවිතාකරන්නාහට වඩාත් ‍තෝරා ගැනීමේ අවස්ථා ලැබෙනවා සේම ඔහුගේ කැමැත්ත පරිදි නව ‍තෝරා ගැනීම් අවස්ථා බොහොමයක්ද ‍රැගෙන ඒමට නිය මිත බවටයි පවසා සිටින්නේ.worldwide ඇප් ස්ටෝර්ව ඔස්සේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය  iOS, Android, Windows Phone 8 හා  Windows 8  මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වන සංස්කරන වලින් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...