2013-06-07

වින්8.1 සමග ස්ටර්ට් බටනය එන බවට මයික්‍රසොෆ්ට් නිල ලෙස පවසයි....

      .... ඇත්තෙන්ම කෙනෙකුට දැනෙන්නට පුලුවන් ඒක මහ විකාර වැඩක් විදිහට. "ස්ටාර්ට්" බටනය වින්ඩෝස්8.1 සමග එනවාද නැද්ද වගේ ප්‍රශ්නයක් මේ තරම් කථා බහට ලක් කරන්නට තරම් වටිනවාද කියලා ඔවුන් ප්‍රශ්න කරාවි. ඇත්තටම මේ ස්ටාර්ට් බටනය පිලිබද ගැටලුව දෙයාකාර හැදෑරීමක් ලෙසටයි අපි දකින්නේ. එකක් තමයි  මිනිසුන් තමන් හුරු පුරුදුවෙලා ඉන්නට තැනක ඉදලා වෙනස් තැනකට ගමන් කරන්නට සිද්ද උනාම දක්වන අකමැත්ත.අනික තමයි ප්‍රධාන පෙලේ වෙළඳ ආයතනයක් තම පාරිභෝගිකයන් කෙරෙහි දක්වන නම්‍යතාවය.
                                       කොහොම උනත් අද පලවන නිවේදනයකට අනූව මයික්‍රසොෆ්ට් ආයතනය මේ දිනවල පැවැත්වෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ශනය හා සම්බන්දිත හමුවේදී ඉදිරිපත්කල කුඩා වීඩියෝවක් තුල පෙර කී ස්ටාර්ට් බටනය එලබෙන වින්ඩෝස්8.1 සංස්කරනය සමග පැමිනෙන බවට දක්වා තිබෙනවා. හැබැයි එම බටනය ඔස්සේ ඔබව ගෙන යන්නේ පැරනි ස්ටාර්ට් මෙනුවකට නොව මොඩර්න් මුහුනත වෙතයි. හැබැයි භවිතාකරන්නා හට වෙනත් සහනයක් ගෙන විත් තිබෙනවා. ඒක තමයි පැරනි ස්ටර්ට් බටනය සහිත ඩෙස්ටොප් එකේ බෑක්ග්‍රවුන්ඩ් එකේ දර්ශනයම නව ස්ටාර්ට් ස්ක්‍රීනයේ පසුබිම වෙත යොදා ගන්නට අවස්ථාව සලසමින් එම ස්ටාර්ට් මෙනුව හා පැරනි ඩෙස්ටොප් එක අතර එතරම් වෙනසක් හැගෙන්නට ඉඩ නොතැබීම.....

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...