2013-03-05

Samsung Galaxy S IV සමග "දෘශ්‍ය පාලන තාක්ශනයක්" පැමිනෙනු ඇත....

නිල නොවන මට්ටමින් පැතිරයන තොරතුරකට අනූව පැවසෙන්නේ Samsung Galaxy S IV දුරකථන නිකුත්ව සමග දෘශ්‍ය පාලන තාක්ශනයක්(turns your eyeballs into page scrollers )සමන්විත වීමේ ඉඩකඩ ඇති බවකි. එම ආයතනය විසින් මෑතකාලීනව ලබාගත් පේටන් අයිතීන් සමගද මේ බව තහවුරු වන බවයි විචාරකයින් පවසන්නේ. "Eye Scroll" ලෙසට වන මෙම පේටන් අයිතිය විස්තර කෙරෙනුයේ " මෙම පරිගණක මෘදුකංගය මගින් දෙනෙතේ  චලනයන් සංවේදී වන අතර තිරය මත වන දෑ හැසිරවීමේ හැකියාවෙන් එය සමන් විත වන බවයි. මෙම ආයතනය තම Galaxy S III නිකුතුව සමගද මෙම තාක්ශනයේ සරල භාවිතාවක් නිකුත්කරනු ලැබූ අතර එහිදී සිදුවූයේ උපාංගය අවදියෙන් තබාගත යුතු බව තහවුරු කිරීම සදහා යමෙන් දුරකථනය දෙස බලාසිටින්නේදැයි හදුනා ගැනීම සදහා ඉදිරි පස කැමරාවෙන් එම තාක්ශනයක් ක්‍රියාත්මක වීමයි. මෙම  තාක්ශන භාවිතාවීම  එලබෙන මාර්තු 14ට නියමිත නිකුතුව සමග සමන්විත වනවාද යන්න තවමත් පැහැදිලි නැති බවටයි සටහන් වන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...