2013-03-17

ගිය වසරේ හමුවූ වැඩිම හානිකරයන් ට්‍රෝජන් ආකාරයේය....

පැන්ඩා ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ 2012 වසර සැලකීමේදී මිලියන හයක් පමන නව හානිකර මෘදුකාංග කොටස් හදුනාගෙන ඇති බවයි.එයින් හතරෙන් තුනක්ම ට්‍රෝජන් ආකාරයේ හානිකරයන්වන බවයි ඔවුන් පවසන්නේ.ගෙවී ගිය වසරේ හමුවූ නව හානිකර මෘදුකාංගයන් ප්‍රථිශතයක් ලෙස සැලකීමේදී සියයට 75.58ක්ම ට්‍රෝජන් ආකාරයේ වන අතර සියයට 14.47ක් වෛරස ගනයේ වන බවත් සියයට 10.53 ක් වෝම් ආකාරයේ හානිකරයන් වන බවත් සියයට 2.08ක් ඇඩ්වෙයාර් හා ස්පයිවෙයාර් වන අතර සියයට 0.34ක් වෙනත් හානිකරයන් ගනයේලා සැලකෙන බවටයි පවසා සිටින්නේ. නිවැරදිව ආරක්ශක මෘදුකාංගයන් නඩත්තු නොකිරීම ,අනාරක්ශිත මාධ්‍යයයන් ඔස්සේ ලබාගන්නා මෘදුකාංග ස්ථාපනය මෙන්ම නිසිලෙස මෘදුකාංග යාවත්කාලීන නොකිරීම මෙන්ම ඊමේල ඔස්සේ පැමිනෙන අනාරක්ශිත ගොනු විවෘතකිරීම හා ආරක්ශක මෘදුකාංග උපදෙස් නොතකා වෙබ් අඩවි වෙත පිවිසීම වැනි කාරනා කිහිපයක්ම මෙම තත්වයෙහිලා හේතුවන බවයි ඔවුන් පවසන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...