2013-03-05

පරිගණකයේ "ඩ්‍රයිවර්ස්" යාවත්කාලීනව තබා ගැනීමට මෘදුකාංගයක්

ඔබගේ පරිගණකයේ මෘදුකාංග තලය හොඳින් පවත්වාගෙන යාමට නම් ඔබ සිතනවාට වඩා වැඩි අවධානයක් එය වෙත යොමුකලයුතුය. එම මෘදුකාංගවල වැඩි දියුනු කිරීම් මෙන්ම පිලිසකරයන් නිවැරදිව ස්ථාපනය කර නොගැනීම අනවශ්‍ය හිරිහැර පරිගනකයවෙත කැදවා ගැනීමකි. විටක තව දුරටත් පරිගණකය පවත්වාගෙන යානොහැකි තත්වයට පවා පත්වීමට හේතුවක් වන්නටද පුලුවන. එහෙත් දෛනික අවශ්‍යතා මත පරිගණකය මත තැන්පත් කොට ඇති විශාල ප්‍රමානයක් වන මෘදුකාංග අතරින් මැනුවල් ආකාරයට ඒවා සදහා පැමින ඇති යාවත්කාලීනයන් විමසීමද ප්‍රායෝගික නොවේ.
                                මේ සඳහා ඇති එක් විසදුමක් වන්නේ පරිගණකය මත ස්ථාපනය කර ගන්නා එක් මෘදුකාංගයක් මගින් ස්වංක්‍රීයව එම කටයුත්ත කර ගැනීමය. මෙම මෘදුකාංගය පරිගණකයේ ඩ්‍රයිවර්ස් වල යාවත්කාලීනයන් පිලිබදව විමසිලි මත්වන  බවයි පවසන්නේ. ප්‍රින්ටරයේ මොනිටරයේ කීබෝඩයේ පවා ක්‍රියාත්මක වන ඩ්‍රයිවර්ස් මෘදුකාංග විමසමින් ඒවා සදහා අවශ්‍ය යාවත්කාලීනයන් සොයා බලා ස්වංක්‍රීයව ඒවා ලබා ගැනීම මෙන්ම තවත් පහසුකම් කිහිපයක් මෙම මෘදුකාංගය සහයවන බවටයි පැවසෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...