2013-03-02

තොරතුරු තාක්ශනය ගෙනෙන්නේ වෙනස් භාවිතාවක්... -නන්නාඳුනන දේශකයා-

.............ඇත්ත්ටම තේරුම් ගත යුතු වන්නේ "තොරතුරු තාක්ශනය" ජීවිතය ගෙනෙන්නේ වෙනස් දැක්මක් කියන එක.එහෙම නැත්නම් වෙනස් භාවිතාවක් කියන එක.ඇත්තටන්ම මේක "ඔබට වින්ඩෝස් ප්‍රෝ උපාංගයක් ගන්න සල්ලි තියනවද? අයියෝ නැහැනේද? ඉතින් කොහොමද ඔයා මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක ඉන්න කෙනෙක් කියලා පිලිගන්නේ" වගේ  බාල අර්ථයක් තුලින් අවසන් වන කථාවක් නොවේ. හැබැයි අමතක කරන්න එපා මම එම උපාංග අවතක්සේරු කරනවා කියලත්.හැකි හැම වෙලාවෙම අපගේ ජීවිතය අවට තියන උපාංග වඩාත් අලුත් තාක්ශන සහිත ඒවා වෙතට ඉහල නංවා ගැනීම හරිම වැදගත්. මට හිතෙන්නේ අපි පෙන්ටියම් මට්ටමේ භාවිතාවක් එක්ක අයි මට්ටමේ උපාංග භාවිතාකිරීම ඒ තරම්ම තේරුමක් නැහැ කියලයි.
                                                 හරියටම කිව්වොත් අපි කැමති උනත් අකමැති උනත් තාක්ශනික ජීවිතයට මග පෙන්වන පහන් තරුව අද කථා කරන්නේ මීට ගොඩාක් වෙනස් භාවිතාවක් ගැන කියන එක. ලොකු සිස්ටම් යුනිට් එකක් ලග තියන පොඩි මොනිටර යුගය පහුවෙලා ගොඩාක් කල්. බිත්තියක් තරම් විශාල තිරයක් මත එක විට හය හත් දෙනෙක්  කටයුතු කරන යුගයක්, තවත් විටක විශාල තිර මේසයක් වටා වාඩිවී සිටින දහ දොලොස් දෙනෙක් වෙනස් භාවිතාවන් දහදොලහක්  කරමින් කරන සාකච්චාවන්, නිවසේ ගරජය වෙත වාහනය ගොඩවන මොහොතේ එහි රෝදවල තත්වයේ සිට සියලු තොරතුරු ස්වංක්‍රීයව ගනනය වෙමින් අවශ්‍ය මට්ටමට වඩා පහත වැටී ඇත්නම් තාක්ශනික පහසුකම්  ලබා දෙන ආයතන වලට දන්වන තත්වය, වාහනේ සිට ඔබගේ විසිත්ත කාඹරයේ මේසය දක්වා අතින් ‍රැගෙන එන ස්මාර්ට් මට්ටමේ දුරකථන ඔස්සේ එම වේලා තුලදී‍රැස්කරගත් දත්තයන් විලේශනය කොට නිවසේ කාඹරයේ උෂ්නත්වයේ සිට සිරුරේ තත්වය දක්වා වාර්ථා කරගනිමින් අවශ්‍ය විටකදී ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා දක්වා තොරතුරු ලබාදීම් මේවා අතර තිබෙන කිහිපයක් පමනයි.........
(නන්නාඳුනන දේශකයාගේ  වාචික සටහන් ඇසුරෙනි)
 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...