2013-03-13

ගූගල් මයික්‍රසොෆ්ට් වෙත නැවතත් තම විරසකය පලකරයි.....

ගූගල් ආයතනය මේ වන විට තම ජීමේල් සදහාවන මොබයිල් වෙබ් ඉන්ටර්ෆේසය සදහා නව යාවත්කාලීනයන් කිහිපයක් නිකුත්කොට ඇතිබවයි දක්නට ඇත්තේ. එසේම ජීමේල් ආයතනය පවසා සිටින්නේ ඒවා සදහා භාවිතාකරන්නන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරයන් නිසාම iOS, Android, BlackBerry  Kindle Fire සදහා වන වෙබ් ඇප් වෙතද නව පෙනුමක් ‍රැගෙන එන යාවත්කාලීනයන් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවයි.
                 මෙම නිකුතුවේදීද ගූගල් ආයතනය මයික්‍රසොෆ්ට් හි වින්ඩෝස් දුරකථනය නොසලකා හැරීම කැපී පෙනෙමින් තිබෙනවා.තවමත් 2000 වසර ආශ්‍රිත කාලයට ගැලපෙන සේ වන නිමාවක් සහිතව පවතින වින්ඩෝස් ෆෝන් සදහාවන ජීමේල් පෙනුම ගූගල් ආයතනය මයික්‍රසොෆ්ට් වෙත දක්වන නෝක්කඩුවේ ස්වභාවය හොඳින් පෙන්වන බවටයි විචාරක මතය වන්නේ. එපමනක්ද නොවන තත්වය වඩාත් බැරෑම් බව කියාපාන සිදුවීමක් වන්නේ පසුගිය කාලයේ ගූගල් ආයතනය පවසා සිටියේ වින්ඩෝස් ෆෝන් ප්ලැට්ෆෝමය සදහා ගූගල් ආයතනයේ සේවා සම්බන්ද කිරීමට අවශ්‍යවන මෘදුසේවාවන් සදහා සහය අවසන් කරන බවට ප්‍රකාශවීම අතර මයික්‍රසොෆ්ට් ආයතනය පසුව පැවසුවේ තම ආයතනය දෙසින් එම සහයන් ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...