2013-03-10

එලබෙමින් ඇත්තේ ඔවුන් සිතන කාලයයි

...........එලබෙමින් ඇත්තේ ඔවුන් සිතන කාලයයි. ෆේස්බුක් යනු ආරම්භයේදී සිසුන් අතර හුදු තොරතුරු ප්‍රකාශ කිරීමක් සදහා වූ නව ක්‍රමවේදයක් ගෙන ආ වෙබ් අඩවියක් විය. එහෙත් අද දවසේදී එය මතවාද තර්ක විතර්ක සමාජ ගත කරවන ප්‍රබල මාධ්‍යකි. බ්ලොග් අඩවියක් යනු පෙරදී යමෙකුගේ දෛනික සටහන් තැබිය හැකි දිනපොතක ස්වරූපය ගත් පහසුවන් ගෙනෙන භවිතාවක් වුවද අද වන විට දේශපාලනික ව්‍යාපරීක අධ්‍යාපනික මාධයක්ව භාවිතාවේ.ඇත්තෙන්ම ඒවා ආරම්භක භාවිතාවන් හ සැසදීමේදී මහත් වෙනසක් අත්පත්කර ගෙන ඇතුවාසේය.
                        ඇප් භාවිතාව තවදුරටත් එක් එක් ලෙස ස්වාධීනව පවතින්නක් නොවේ. වින්8 සමග මයික්‍රසොෆ්ට් ආයතනය පැවසුවේ මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය මතදී ඇප්ස් එකි නෙක සම්බන්දවෙමින් තොරතුරු හුවමාරුකරගනිමින් කටයුතු කරනු ඇති බවයි.විද්වත් මතය වෙමින් ඇත්තේ පෙරදී එක් එක් ලෙස පැවතුනු භාවිතාවන් එකට ගොනු වෙමින් සමස්ථ භාවිතාවක් සදහා සුදානම් වෙමින් ඇති බවකි. මෙයට අංග චලනයන් හදුනා ගැනීමේ තාක්ශනය එක්වන විට පරිගණකය ඔබව හදුනා ගනිමින් එක්තරා ප්‍රමනයක් ස්වාධීන සහයකයෙකු බවට පත්වීම අරුමයක් නොවනු ඇත........

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...