2013-03-02

Avast හි නව සංස්කරනයක් නිකුත්වේ....


ආරක්ශක මෘදුකාංග අතර හොඳම මෘදුකාංගය යනු ස්ථාවර තත්වයක් නොවේ. මෙම වසරේ ඉතා ඉහලොන් පිලිගැනීමට ලක්වූ මෘදුකාංගයක් එලබෙවෙන වසරේ එතරම් පිලිගැනීමකට ලක්නොවීම අරුමයක් නොවේ.පහරදීම් තාක්ශනයන් , පහර ලැබීම් ලබන තාක්ශනයන් මෙන්ම එම ආයතතනයේ දෛනිකව කටයුතුවන ආකාරය මත වැනි සාධක කිහිපයක් මත මෙම තත්වය දෝලනය වේ. මෙම මෘදුකාංගය(Avast) මෑතකදී ස්වාධීන ආයතනය කිහිපයකදීම කල සැසදීම් වලදී වඩාත් සාර්ථක නොමිලේ භාවිතාකලහැකි මෘදුකාංග අතර ඉහලින්ම සඳහන්ව තිබෙනයුරු දක්නට ලැබිනි. වාණිජ නොවන භාවිතාවන් සදහා නොමිලේ භාවිතකලහැකි සංස්කරනයක් ලෙසට නිකුත්වන එම මෘදුකාංගයේ නවතම සංස්කරනයක් මේ වන විට නිකුත්ව ඇති බවටයි ආයතනය පවසන්නේ.භාවිතාකරන්නාගේ මුහුනතහි සිට වෙනස්කම් කිහිපයක් ‍රැගෙනවිත් ඇති මෙම සංස්කරනය පහත දැක්වෙන සබැදියාව ඔස්සේ ඔබටද ලබා ගත හැකිවනු ඇත.
http://files.avast.com/iavs5x/avast_free_antivirus_setup.exe

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...