2013-03-10

වින්ඩෝස් විස්ටා තාක්ශනිකවත් වින්ඩෝස් 8 භාවිතාත්මකවත් පසුබාමින් සිටී......



වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය වෙළඳපොල වෙත නිකුත්කර මාස හතරක කාලයක් අවසන් වෙමින් ඇත. පලවන වාර්ථා පෙන්වාදෙන්නේ පෙර මෙහෙයුම් පද්ධති සමග සැසදීමේදී වින්ඩෝස්8 භාවිතාව සදහා පෙලබවීම් අඩු ප්‍රථිශතයක පවතින බවයි. හදාරනන් යෝජනා කරනුයේ වින්ඩෝස් 8 සමග නොපැමින ඇති ස්ටාර්ට් මෙනුව හා සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනත කෙරෙහි ඇති සුපුරුදු බැදීම  භාවිතාකරන්නන්  වින්ඩෝස්8 වෙතින් ඈත්කර තබන්නට බලපාන බවයි. මෙම  වාර්ථා  හදැරීමේදී හැගෙනුයේ විස්ටා මෙහෙයුම් පද්දතිය තාක්ශනිකව අසාර්ථක වන විට වින්ඩෝස්8 භාවිතයන් තුල අසාර්ථක වෙමින් ඇති බවකි. වෙළඳ ආයතන පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය මෙම ගැටලුව භාවිතාකරන්නන් දෙසින් විමසා මීට වඩා කාරුනිකව කටයුතු කිරීම වැදගත් බවයි.
                                                     මයික්‍රසොෆ්ට් වින්8 වෙත ඇති ආකල්පයන් පෙන්වාදෙන්නේ තවමත් තමන් පැරනි සාම්ප්‍රදායික හුරුව වෙත යාමට වඩා හෙට දවසට වඩාත් ගැලපෙන තේරීම වෙත ප්‍රමුකතාවය දක්වන්නට තමන් වඩාත් කැමති බවකි.එලබෙන මෑත අනාගතයේදී නිකුත්කිරීමට නියමිත "වින්ඩෝස් බ්ලූ" නම් මෙගා මට්ටමේ නිකුතුව සමගවත් එවන් වෙනසක් වින්ඩෝස් 8 වෙත ගෙනෙන්නට තමන් සූදානම් නැති බවයි ඔවුන් පවසන්නේ.කෙසේ වෙතත් මේ සදහා භාහිර ආයතන විසින් මේ වන විටත් මෘදුකාංගමය විසදුම් තිබෙන අතර ඒවා බහුල භාවිතයක් ඇති බවට වාර්ථා වෙමින් තිබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...