2013-03-07

හානිකර මෘදුකාංග නිසා ලොවපුරා මිනිස් පැය බිලියන 1.5ක් අපතේ යමින් පවතී....

හානිකර මෘදුකාංග වලින් තොර පරිගණක ලෝකය අපූර්ව සිහිනයකි. එහෙත් සැබෑව නම් විශාල වූ මිනිස් පැය සංක්‍යාවක් මෙම හානිකරයන් සමග අපතේ යමින් තිබෙන බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා මෙම තත්වය හදෑරීමකට ලක් කර ඇත.එයින් ලබාගත් දත්තයන් අනූව එම ආයතනය පවසන්නේ ලොවපුරා භාවිතාකරන්නන් පැය බිලියන 1.5ක්  ඩොලර් බිලියන 22ක වැයක් සමග එම හානීන්ගෙන් ප්‍රකෘති තත්වයට පත්වීම සදහා යෙදවමින් සිටින බවකි.IDC ආයතනය මෙම හැදෑරීම සදහා ලොවපුරා භාවිතකරන්නන් 2077ක් , තොරතුරු තාක්ශන අංශ ප්‍රධානින් 258ක් , වෙබ් අඩවි 270ක් ,මෘදුකාංග බාගත කර ගැනීමට ඉඩ ලබා දෙන්නන් 108ක් හා සංයුක්ත තැටි 155ක් තම දත්ත ‍රැස්කර ගැනීම සදහා යොදවා ගෙන ඇති බවටයි සටහන් වන්නේ.
                              එම හැදෑරීමේදී හෙලිව ඇති දත්තයන්ට අනූව තොරතුරු තාක්ශන අංශ ප්‍රධානීන් ගෙන් සියයට 38ක් තම අශය තුල සේවය කරන්නන් ව්‍යාජ මෘදුකාංග බාගතකර ස්ථාපනය කරන බව දැන සිටින බවත් , සේවකයින් ගෙන් සියයට 57ක් තම රාජකාරී පරිගණකයට පෞද්ගලික මෘදුකාංග ස්ථාපනයේ යෙදෙන බවත් එයින් සියයට 30ක් පමනක් ගැටලුවලින් තොර  බවත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...