2013-02-12

Flicker හි රදවන ලද පෞගලික ඡායාරූ වැරදීමකින් අන්තර්ජාලයට මුදා හැරලා....

Flicker ප්‍රකට ඡායාරූ රදවන්නට පහසුකම් ලබාදෙන  අඩවියෙහි  මෘදුකාංගමය දුර්වලතාවයක් හරහා භාවිතාකරන්නන් විසින් "පෞද්ගලික" ලෙස නම් කොට රදවන ලද යම් ඡායාරූ ප්‍රමානයක් "පොදු" ලෙසින් සැලකෙමින් අන්තර්ජාලවෙත නිරාවරනය වීමේ සිදුවීමක් වාර්ථා වෙනවා. ආයතනය පවසා සිටින්නේ කුඩා ප්‍රමානයක පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා තම අඩවියෙහි රදවන ලද ඡායාරූ සදහා මෙම ගැටලුව ඇතිවී  තිබෙන බවයි. භාවිතාකරන්නන් විසින් මේ පිලිබදව දන්වන තුරු ආයතනය මේ පිලිබදව නොදැනුවත්ව සිටීම පිලිබදව චෝදනා එල්ල වෙමින්පවතින අතර විචාරකයින් පවසන්නේ අන්තර්ජාලය තුලදී අධික පෞද්ගලිකත්වය බලාපොරොත්තුවීම එතරම් ප්‍රායෝගික නොවිය යුතු බවයි. සැකසුම් වල කුඩා වෙනසක් ඔස්සේ පසුගිය දිනවල ෆේස්බුක්  අඩවියෙහි සිදුවු ප්‍රකට සිදුවීම ඔවුන් නැවත මතක් කර සිටිනවා.