2012-01-31

ටයිම් ලයිනය සමග කුඩා චලන පටයක් නිර්මානය කරගන්නට.....

ටයිම් ලයිනයත් සමග පසුගියදා හදුන්වාදුන් ඇප්ස් අතරට ඔබේ ටයිම් ලයිනයේ සටහන් අතරින් තප්පර 55ක ධාවනකාලයක් සහිත කුඩා චලන පටයක් නිර්මානය කර ගන්නට සහය වන ඇප් පහසුවක්ද ලබාදී තිබිනි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම පහසුව ඔබටත් අත් විදින්නට හැකිවනු ඇත.
             ෆේස්බුක් ආයතනය පසුගියදා බලාපොරොත්තු පලකොට සිටියේ තවතවත් ආයතන නව ඇප්ස් හදුන්වා දෙමින් ටයිම්ලයිනය වර්නවත් කරන්නට එක්වනු ඇති බවය. තවත් අදහසකින් පැවසුනේ ඇපස් සමග එක්වීමේදී තමන්ගේ පෞද්ගලික දත්ත අයතා භාවිතය ගැන කල්පනාකාරී වන්නට භාවිතාකරන්නන් කල්පනාකාරී වියයුතු බවත් ඇපස් අතර කිසිවක් අනිවාර්ය නැති බවත්ය.

http://www.timelinemoviemaker.com/

ටයිම් ලයිනයට වැඩි දෙනෙක් අකමැතිලු.....

පසුගියදා ෆේස්බුක් භාවිතාකරන්නන් 4100 සභාගීත්වයෙන් කරන ලද මත විසදුමකදී කියවුවේ ෆේස්බුක් ටයිම් ලයිනයට ඉන් භාගයකටත් වඩා පිරිසක් අකමැති බවයි. ඒහා සමාන පිරිසක් පවසා ඇත්තේ  බලහත්කාර ලෙස ටයිම් ලයිනයට තමන් ඇදදැමීම පිලිබද අසුතු‍ටු වන බවයි. සියයට 30 වැඩි පිරිසක් පවසා ඇත්තේ තමන් තවමත් ෆේස්බුක් සමග ‍රැදීසිටින්නේ ඇයිදැයි තමන් ගෙන්ම ප්‍රශ්නකරන බවකි. අවසානලෙස පැවසෙන්නේ සහභාගී වූවන්ගෙන් සියයට 8 පමනක් ෆේස්බුක් ටයිම් ලයිනය ගැන සතු‍ටු වන බවකි.
   පසුගිය සැප්තැම්බරයේ පලමුවෙන්ම ටයිම් ලයිනය ගැන සදහන් වුනු අතර මද පමාවන් සමග ‍තෝරාගත් පිරිස් සමග පලමුවෙන්ද පසුව ක්‍රමයෙන් සියල්ලන් වෙතම ඉදිරි සති කිහිපය තුල ටයිම් ලයිනය ලබාදීමට තමන් සැලසුම් කර ඇති බවටත් නිවේදනය විනි.පසුගියදා ඇප්ස් රාශියක් සමග ජීවිතය වඩාත් ෆේස්බුක් වෙතට ලංකරන්නට උත්සාහ කර තිබිනි.

ඔෆ්ෆීස් 15 බීටා සංස්කරනයක් මෙම වසරේ තෙවන කාර්තුවේදී.....

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකට අනූව ඔෆ්ෆීස්  මෘදුකාංග කට්ටලයේ මීලග නිකුතුවේ බීටා සංස්කරනයක්  මෙම වසරේ තෙවන කාර්තුවේදී නිකුත්වීමට නියමිත බවට කියවෙනවා.දැනට ඔෆ්ෆීස් 15 ලෙස සංකේත නාමයෙන් හදුන්වා ඇති මෙම  සංස්කරනය සමග මොබයිල් ක්ලවුඩ් ආදී දෙසට හොද නැබුරුවක් ‍රැගෙන එනු ඇති බවටයි බලපොරොත්තු පලවන්නේ.
                ඔෆ්ෆීස් මෘදුකාංග නිකුත්වීමේදී මෙතෙක් පැවති සම්ප්‍රධාය අනූව නම් මෙම නව සංස්කරනය ඔෆ්ෆීස් 13 ලෙස නම් වන්නට ඉඩ ඇති බවටත් 2012 දෙසැම්බරයේ හෝ 2013 ජනවාරියේ අවසාන සංස්කරනය නිකුත්වන්නට ඉඩ ඇති බවටත්  පැවසෙනවා.

ෆයර්ෆොක්ස් හි 10 වන සංස්කරනය අද දිනයේ නිකුත්වීමට නියමිත බවට.....

ෆයර්ෆොක්ස් හි 10 වන සංස්කරනය අද දිනයේ නිකුත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ. සෑම සති හයකටම වරක් උස්තල ගැන්වීමකට සැලසුම් වී ඇති කාල සටහනට අනූව මෙම නව නිකුතුව නවතා කිහිපයකින්ද සමන්විත වීමට නියමිත බවටයි කියවෙන්නේ. නිහඩවම යාවත්කාලීන වීමට අදාල පලමු යාන්ත්‍රනය සමග නිකුත්වීමට නියමිත මෙම සංස්කරනය ස්ථාපනයත් සමග ඇඩෝනයන් අතරින් ෆයර්ෆොක්ස් 4 සමග හා පසු සාර්තකව ක්‍රියාත්මකවූ ඇඩෝනයන් එකග ඒවා හැටියටත්  අන් සියල්ල එකග නොවන ඒවා හැටියට සලකමින් අක්‍රියකර දමනු ඇති බවටයි සටහන් වන්නේ

2012-01-28

ඇන්ඩ්‍රොයිඩ් මෙතෙක් අත්දු‍ටු විශාලතම පහරදීමක....

මෙතෙක් අත්දකිනු ලැබූ විශාලතම ඇන්ඩ්‍රොයිඩ් හානිකර මෘදුකාංග  පැතිරීම ගැන වාර්ථාවක් පලවෙනවා. දල ලෙස ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 13 ආශ්‍රිතව පැතිරෙමින් පවතින බවට සැක කෙරෙන මෙම හානිය එම ඇප්ස් බාගතකරගනු ලැබූ මිලියන 5කටා අධික උපකරන වෙත හානිකොට ඇති බවටයි සැක කෙරෙන්නේ. මේවා "Sexy Girls Puzzle" , "Counter Strike Ground Force." වැනිනම් වලින් හැදින්වෙන ඇප්ස් සමග පැතිරෙමින් ඇති බවට සැලකෙන අතර ව්‍යාජලෙස ඇප්ස් නිර්මානයකරන්නන් කිහිපදෙනෙකුගේ නමින් පෙනී සිටිමින් මෙම පහරදීම සිදුකරමින් සිටින බවටයි පැවසෙන්නේ.ට්‍රෝජන් ආකාරයේ එක් හානිකරයෙකු විසින් උපකරනයේ විවිධවූ තොරතුරු සොරා ගන්නා අතර බ්‍රවුසරයේ නිවෙස්න පි‍ටුවටද වෙනස්කම් සිදුකරන්නට පෙලෙබන බවයි  කියවෙන්නේ. මාසයකට අදික කාලයක් තිස්සේ මෙම ඇප්ස් බාගත කිරීමේ අවස්ථාව සමග තිබෙන්නට ඇති බවටයි වැඩිදුරටත් සටහන් වන්නේ

ඔබගේ චලන සංවේදී බව සමග එන ලබන ලබන ලැප්ටොප් යන්ත්‍ර....

ඔබගේ චලන සංවේදී බව සමග එන ලබන ලබන ලැප්ටොප් යන්ත්‍ර පිලිබද සිහිනය එලබෙන වින්8 සමග නිකුත්වනAsus netbook පරිගණක සමග සැබෑ වීමට නියමිත බවටයි කරුනු පලවන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකට Kinect  තාක්ශනයෙන් සමන්විතව නිකුත්වීමට නියමිත මෙම ලැප් ටොප් යන්ත්‍රයන්හි දැනට වෙබ් කෑමය රදවා ඇති තැනෙහි මෙම සංවේදන උපකරනය  සවිවනු ඇති බවටයි කියවෙන්නේ.
                                                 ඔවුන් පවසනවා ඔබගේ අතගිල්ලකින් කරනු ලබන සරල චලනයක් විසින් වින්ඩෝවන් දෙකක් අතර මාරුවීමට හෝ මීඩියා ප්ලේයරයේ ධාවනය වන අංග දෙකක් අතර හුවමාරු වන්නට ඉඩසලසන යුගය විසින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට වැඩි පහසුවක් සේම ආබාදිත අයෙකුට නම් විශාල සේවයක් කරනු ඇති බවයි.

2012-01-27

ගූගල්+ වයස් සීමාව 13+ තෙක් පහලට.....

ගූගල්+ වල ගිනුමක් ඇරබීමට තිබූ වයස සීමාවන් නිල ලෙස අවුරුදු 13 දක්වා අඩුකිරීමට ගූගල් ආයතනය තීර්නයකොට තිබෙනවා. එහි නිලධාරියෙකු ප්‍රකාශකොට තිබෙන්නේ ෆේස්බුක් ආයතනයද දැනටමත් මෙම සීමාව ක්‍රියාත්මක කරන අතර ආරක්ශිත බව සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක යම් යම් සහය සීමාවන් මෙම වයස් කාන්ඩය කෙරෙහි ක්‍රියාත්මක වන බවයි. උදාහරනයක් ලෙස ඔවුන් පවසන්නේ "වීඩියෝ චැට්" වැනි පහසුකමක් භාවිතයේදී තම කවයකින් පිටස්තරයෙකු එක් වුවහොත් ක්ශනිකව අඩුවයස් භාවිතාකරන්නා සගවා තබන අතර ආගන්තුකයා ඉවත්කිරීමෙන් අනතුරුව තම භාවිතාව ඉදිරියට ගෙන යන්නට ඔහුට අවස්ථාවක් ලැබෙන බවයි.

‍ටුවිටර් ස්වයංවාරනයකට සූදානම්ලු.......


ලෝකය එකම අවකාශයක් කල දෑ මිනිස් ඉතිහාසයතුල බිහිවී ඇත්තේ අතිශය අල්ප වශයෙනි. සයිබර් අවකාශය එවන් දස්කමක් කල අපූරුතම මිනිස් නිර්මානය ලෙස දැකිය හැකියි.ජාති ආගම් දේශපාලනික සීමා පරයා එකිනෙකා යාකරන්නට එයට හැකිවී තිබෙනු අපි අත්දැක තිබෙනවා. සමහර විටක තවමත් එය තාක්ශනික බවින් වැඩි අවකාශයක් ලෙස  සැලකීම ප්‍රධාන හේතුවක් වන්නට පුලුවන්.
                                            අවාසනාවකට මෙන් එහි අඩංගුදෑ  අධ්‍යාපනික හා තාක්ශනික දෑ ලෙස කැපී පෙනුනු යුගයේ සිට සාමාන්‍ය ජීවිතවලට අදාල දේශපාලනික හා ආගමික හා සමාජීය වැනි කාරනාද අඩංගුවන්නට පටන්ගන්නවාත් සමග තත්වය වේගයෙන් වෙනස් වනු දැකිය හැකියි. ලොව සුපුරුදු සීමා මායිම් පිලිබද අවශ්‍යතාවය  මෙම විෂය තුලද ඉල්ලා සිටිනු වැඩි වැඩියෙන් දක්නට පටන්ගෙන තිබෙනවා දැකිය හැකියි.
                          ‍ටුවිටර් ආයතනයෙන් නිකුත්වන පුවතකින්ද පැවසෙන්නේ ‍ටුවිටර් තුල පලවන දැ රටවල් අනූව සීමා කිරීමට ආයතනය තුලින්ම පහසුකම් සලසන බවයි. ඔවුන් පවසන්නේ ‍ටුවිටර් පලකිරීම් සියල්ල එසේම පවතින මුත් අවශ්‍ය විටකදී අදාල රටවල් වලට පමනක් දැකගත නොහැකි වනසේ සිමා කරන්නට තමන් සූදානම් බවයි.

"ඔබ ඔබගෙන්ද පරිස්සම්වීමට වහබලා ගත යුතුයි"

2012 යනු සියලුම පාහේ දත්ත උපකරනයන් තම ජංගම සංස්කරනය සොයා ගන්නා කාලයයි, වියතුන් පවසනවා. එලබෙන්නට නියමිත වින්8 පමනක් නොව සමාන්තර අනෙකුත් මෙහෙයුම් පද්ධති පවා ජංගම දෙසට වඩාත් නැබුරුවන්නට තැත්කරුනු පලවන වාර්ථාවලින් පැවසෙන අතර වසර තුල ස්මට් දුරකතන හා ටැබ් යන්ත්‍ර තුලට වඩාත් බල සම්පන්න ප්‍රොසෙසරයන් පැමිනීමත් සමග දැනට ඒවාට ලැබී ඇති දෙවන තැන අවසන් වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. තවත් දෙසකින් සයිබර් පහර දෙන්නන්ගේ අවධානයද ජංගම උපකරණ දෙසට වඩාත් යොමුවන කාලය හැටියට 2012  ගැන අනාවැකි පලවෙමින් පවතිනවා. දෛනිකව බිහිවන 75000කට අධික හානිකර මෘදුකාංග කොටස් පිලිබදව සැලකීමේදී මේවා එකින් එක හදුනා ගනිමින් ප්‍රතිනාශක ඉදිරිපත්වීම එතරම් ප්‍රායෝගික කටයුත්තක් නොවන බවටයි ඔවුන් පවසන්නේ. ඉ මේල් දවටනයක සිට ඇප්ස් මෘදු  කොටසක් දක්වා අනතුර පැමිනීමේ මාවත් විවිද විය හැකි බවට ඔවුන් අදහස් පලකරනවා.
                                           පලවන නවතම වාර්ථා පවසන්නේ ෆේස්බුක් අඩවියේ සැම පලවීම් 60කින් එකක් ද ‍ටුවිට් හි පලවීම් 100කින් එකක් ද හානිකර ස්වභාවයේ දැවටීමකින් යුතු බවයි. හදාරන්නන් යෝජනා කරන්නේ ඉදිරි තත්වයන්ට වඩාත් සාර්තකව මුහුනදීමට නම් මෙහි ඇති හානිකර බවින් ගැලවීමේ අවශ්‍යතාවය උපාංග නිශ්පාදනය කෙරෙන අවස්ථාව දක්වාම විසිරයා යුතු බවයි.මතවාදී දිගු සචාරයකින් පසුව අවසානයේ ඔවුන් සියල්ලෝම පවස සිටින්නේ එක දෙයකි.හානිකර බවක් අඩංගු යැයි බොහෝ දුරකට සැක කලහැකි අවස්ථාවකදී පවා පී.ඩී.එෆ් ගොනුවක් විවෘතකරන්නට පෙලබෙන භාවිතාකරන්නා වලකන්නට අන් කිසිවෙකුට නොහැකි වනු ඇති බවකි."ඔබ ඔබගෙන්ද පරිස්සම්වීමට වහබලා ගත යුතුයි" අවසානයේ ඔවුන් පවසා සිටිනවා.

2012-01-26

Symantec වෙතින් නිකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ.....

 Symantec  ආයතනය පවසා සිටිනවා තම නිශ්පාදනයක්වන pcAnywhere  නම් මෘදුකාංගය සම්බන්දයෙන් හදුනාගෙන ඇති දුර්වලතාවය සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කරනතුරු එම මෘදුකාංගය තම පරිගනකයෙන් සම්පූර්නයෙන්ම  ඉවත්කර තබන්නට හෝ අඩපනකොට තබන්නට පරිගණක භාවිතාකරන්නන් වග බලා ගන්නා ලෙස. විචාරකයින් පවසන්නේ ආරක්ශිත මෘදුකාංග සම්බන්දයෙන් මහත් කීර්තිමත් ඉතිහාසයක් ඇති මෙම ආයතනය මෙවැනි ඉල්ලීමක් තම පාරිභෝගිකයන් වෙත යොමුකල පලමු අවස්ථාව මෙය බවයි.
                     දුරස්ථ පරිගනකයක් මෙහෙයවීම සදහා යොදා ගනු ලබන මෙම මෘදුකාංගය භාවිතාකරන්නන් අතර මහත් ප්‍රසදයට ලක්ව ඇති මෘදුකාංගයක් ලෙස පැවසෙන අතර 2006  වසරේ සිදුවූ  එම මෘදුකාංග වලට අදාල "ගොඩ නැගුම් සටහන්" අන්සතුවීම මෙම ගැටලුවේ ආරම්භය ලෙසට සටහන් වනවා. එම මෘදුකංගයේ ක්‍රියා කාරීත්වය තුලදී  encoding හා encryption වල ඇතිවිය හැකි අනවශ්‍ය ඉලක්කවීම් මෙම අනතුරු ඇගවීමට හේතුවක් ලෙසටයි ඔවුන් පවසා සිටින්නේ.

විකිපීඩියා නැති කලට එය මෙසේ විය.....

විකිපීඩියා වෙබ් අඩවිය යනු ලොව වැඩිම භාවිතාවීමක් ලබා ගන්නා වෙබ් අඩවි අතරින් පස් වන තැන දිනා ගන්නා වෙබ් අඩවිය ලෙසටයි ශ්‍රේණිගතව ඇත්තේ. පසුගියදා ඇමරිකානු  අනපනතකට විරෝධය පලකරමින් මෙම වෙබ් අඩවිය පැය විසිහතරක නිහඩවීමක් පලකරනු ලැබුවා. හදාරන්නන් විසින් මෙම කාලයතුලදී මිලියන ගනනක් වන විකිපීඩියා භාවිතාකරන්නන්  සයිබර් අවකාශයතුලදී කුමන චලනයක් පලකරාවිදැයි විමසීමක් කරනු ලැබුවා. එක් හැදෑරීමකට අනූව නම් ෆේස්බුක්, ‍ටුවිටර් හා තවත් වෙබ් අඩවි කිහිපයකට සැපැමිනීම් ඉහලයාම වාර්ථාවී තිබුනේ මෙසේයි.එම වෙනස්වීම ප්‍රතිශතයක් ලෙස සලකන විටදී ලැබුනු දත්ත වගුව දෙවන සටහනින් පෙන්වාදී තිබෙනවා.




පරිවාස ස්වභාවයේ මෘදුකාංග ධාවනයකට.......

මෑතකාලයේ බොහෝ සෙයින් අවධානය දිනාගත් ආරක්ශිත උපංක්‍රමයක් ලෙස "සැන්ඩ්බොක්ස්" හැදින් විය හැකිය. සැක සහිත මෘදුකාංගයක් ධාවනයේදී පරිගණකයේ ප්‍රධාන පද්ධතියෙන් පිටත නිර්මානය කරගන්නා අවකාශයක එම මෘදුකාංගය ධාවනය කර බැලීම එහිදී සිදුවේ. ප්‍රකට පී.ඩී.එෆ් කියවනයක් වන ඇඩෝබි හි එක්ස් රීඩරය එයට හොදම උදාහරනයකි. එහි නිශ්පාදකයින් පවසන පරිදි පහත දැක්වෙන කුඩා මෘදුකාංගයද එම තාක්ශනය ආශ්‍රිතව නිශ්පාදනය කර ඇති අතර අලුත්ම සංස්කරනය 64 බිට් සහය හා දියුනුකල වේගය හා සාර්ථකබව දැකිය හැකි බවටයි පැවසෙන්නේ. පහතලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම මෘදුකාංගය ඔබටද ලබා ගත හැකිවනු ඇත

http://www.trustware.com/

2012-01-25

කල්පනාකාරී මෘදුකාංග ස්ථාපනයකට...

බොහෝ අයෙකුට තම පරිගණකයට යම් මෘදුකාංගයක් ස්ථාපනය යනු "මීලග" මීලග" ලෙසින් දැක්වෙන පියවරයන් කිහිපයක් පසුකිරීම පමනක් ලෙසට සලකනු දැකිය හැකිය. සමහර විටක එම මෘදුකාංග වලින් තම පරිගණකයට හානියක් සිදුවිය හැකි බවට කිසිදු හැගීමක් නැතුවා සේය. එහෙත් හදාරන්නන් පවසන්නේ ඔබ මිලදී හෝ නොමිලේ ලබාදෙන ආකාරයේ වුවද මෘදුකාංගයක් භාවිතයට ගැනීමට පෙර ඒ පිලිබදව විමසා බැලීම ඉතා යහපත් පුරුද්දක් වියයුතු බවයි. පලමු කාරනාවක් ලෙසට ඔවුන් පවසන්නේ එම මෘදුකාංගය ඉල්ලා සිටින පද්ධති අවශ්‍යතා ඔබේ පරිගණකය සපුරා ඇතිදැයි විමසා බැලිය යුතු බවයි.එම අවශ්‍යතා සපුරා නැති මොහොතකදී ස්ථාපනයට තැත්කිරීමත් සමග පරිගණකයට යම් හානියක් වුවහොත් එයට වගකියන්නට එම මෘදුකාංග නිෂ්පාදන සමාගම බැදී නොමැති බවයි.
               නොමිලේ ලැබෙන මෘදුකාංග ගැන සැලකීමේදී තත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවටයි පැවසෙන්නේ. බොහෝවිට එවැනි මෘදුකාංග බාගත කිරීම් අවස්ථාවලදී ඔබ නොසැලකිලි ලෙස පසුකර දමන එකගතා කොන්දේසිවල සටහන්ව ඇත්තේ "මෙම මෘදුකාංගය භාවිත කිරීමේදී ඇතිවිය හැකි ගැටලු පිලිබද වගකීම් තමන් විසින්ම දැරිය යුතුය." වැන්නක් විය හැකි බවයි.එසේ නොමැති අවස්ථාවලදී පවා එම නිෂ්පාදකයින්ගේ වගකීම් වල සීමා විවිධ විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. අවසානලෙසින් ඔවුන් උපහාස මුසුව පවසන්නේ පරිගණක ලොව වෙගවත් බව සමග ඔබ නොසැලකිලිමත් ලෙස එකගවී ඇත්තේ සියදිවි නසා ගැනීමට මදක් පමනක් අඩු කොන්දේසියකට බව වටහා ගන්නාවිට පමා වැඩිවා විය හැකි බවයි.

ඔබගේ මරනයෙන් පසුවද සමාජ ජාලා ඔබ සමග බවට.....

ඔබගේ මරනයෙන් පසුවද සමාජ ජාලා ඔබ සමග බවට තහවුරු කරන ඇප්ස් පහසුකමක් ෆේස්බුක් සමග ලබාදී තිබෙනවා. එහි නිර්මාතෲන් පවසන්නේ යම් හෙයකින් ඔබ මියගිය හොත් ඔබ විසින්ම වීඩියෝවක් ලෙස හෝ හඩ පටයක් ලෙස සකසා තබන දත්ත ගොනුවක් ඔබ විසින් නම්කර ඇති මිතුරන් වෙත ඔබගේ අවසාන යාවත්කාලීනය ලෙස යවන්නට හැකිවන බවයි. ඔවුන් පවසන්නේ ඔබගේ මරනයට පෙර ඔබගේම ඉල්ලීමක් නිසාවත් එම පනිවිඩය මුදා නොහැරීමට මෙම ඇප්ස්  නවාංගය කටයුතු නොකරනු ඇති බවයි. ඔබ මෙම පහසුකමට ඇතුලුවීමේදී හදුන්වාදෙනු ලබන මිතුරන් තිදෙනෙකු විසින් ඔබගේ මියයාම තහවුරු කරන්නට වන අතර ඉන් අනතුරුව ඔබ විසින් පෙර සකස් කරන ලද පනිවිඩය ඔබම පෙරදී ‍තෝරාගෙන ඇති මිතුරන් පිරිස වෙත යොමුවනු ඇති බවයි.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම පහසුව සලසන වෙබ් අඩවිය වෙත ඔබටත් පිවිසිය හැකි වනු ඇත.

http://ifidie.net/

එලබෙන උබුන්‍ටු සංස්කරනයත් සමග නව භාවිත මුහුනත්.........

වින්ඩෝස් 8 සමග මූලිකව හමුවන්නේ සම්ප්‍රධායික භාවිත මුහුනත නොවේ. මුහුනතින් මුහුනතට ඇතුලට ගොස් යමක් සොයාගැනීමේ පරිගනක මුහුනත් කලාවට පැහැදිලි වෙනසක් එය ‍රැගෙන විත් තිබේ.එක් දෙසකින් සරල භාවිතය තුල එය සාර්ථක වුවද වඩාත් සංකීර්න වෙමින් පවතින වර්ථමාන භාවිතාවන් තුල "රුක්" ආකාරයේ  ගොනුකිරීම් ඔස්සේ යමක් සොයායාම අපහසුවක් ගෙනෙන්නක් බවට පත්වීම එයට හේතුවක් වන්නට ඇත.පලවන නවතම ප්‍රවෘතියකට අනූව උබුන්‍ටු ලිනක්ස් වල ඉදිරි සංස්කරනය සමගද එවන් වෙනසක් ‍රැගෙන එන්නට තීරනයවී ඇති බවටයි පැවසෙන්නේ.වසර 30 කට ආසන්න වයසැති සාම්ප්‍රධායික මෙනු රටාවන් වෙනුවට "වාචික සංවේදී මුහුනත්" ආදී  වෙනස් වඩාත් පහසු භාවිතාවන් ‍රැගෙන එන්නට සැලසුම් කර ඇති බවටයි පැවසෙන්නේ. සාම්ප්‍රධායිකව තිබූ කිසිවක් නොදන්නා හෝ අමතක යමක් සොයා යන්නාක්  වැනි කාලය වැය අධික ක්‍රමය වෙනුවට මතක කුඩා යමක් සමග පහසුවෙන් දෙයක් සොයායාමට උදවු වෙතැයි සැලකිය හැකි නව ක්‍රමය වැඩි පහසුවක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. පහත වීඩියෝව ඒ ගැන පැහැදිලි කිරීමක් ගෙනෙනු ඇත.

http://youtu.be/w_WW-DHqR3c

ගූගල් සියලු ගිනුම් සදහා පොදු කොන්දේසි ගොනුවක්.....

ගූගල් යනු සේවා රාශියක එකතුවකි.සාමන්‍යයෙන් අප දන්නා පරිදි අන්තර්ජාලය තුල අප නොමිලේ හෝ ගාස්තුවක් යටතේ කිසියම් සේවාවක් සමග එක් වන විට එම ආයතනය දෙසින් ඉදිරිපත්වන කොන්දේසි ගොනුවකට එකග විය යුතුය. ආයතන පැත්තෙන් මෙන්ම භාවිතාකරන්නාගේ පැත්තෙන් ඉ‍ටු කරන්නට බැදී සිටින කාරනා රාශියක් සාමන්‍යයෙන් එම කොන්දේසි හා එකගතා ගොනුවට ඇතුලත්වේ. පසුගියදාක ගූගල් ප්‍රකාශකයෙකු පවසා සිටියේ ගූගල්හි විවිධ සේවා අනුවා අඩුම තරමින් එකිනෙකට  වෙනස් මෙවන් කොන්දේසි ගොනු 70 පවතින බවයි.මෙම තත්වය තුල ඇතිවන සංකීර්නතා මෙන්ම බොහෝ සේවාවන් එකිනෙකට සම්බන්දකිරීමේ නව ප්‍රවනතවයත් සමග සලකන විට ගූගල් සතු ඔනෑම සේවාවන් සමග එකගවීමේදී එක් පොදු කොන්දේසි ගොනුවකට භාවිතාකරන්නා එකගවන්නට සිදුවන ආකාරයකට  එලබෙන මාර්තු මස පලවනදා සිට ක්‍රියාත්මක කරන්නට තීර්නය කර ඇති බවකි.
                එක් උදාහරනයක් ලෙසට ඔහු පවසා සිටියේ කිහියම් සේවාවක් සමග භාවිතාකරන්නා සම්බන්දවීමේදී භාවිතාකරන්නා ලබාදෙන පෞද්ගලික දත්ත ගොනුව ගූගල් ආයතනය් විසින් එම එක් සේවාවකට පමනක් අදාල ලෙස නොසලකමින් සියලුම සේවාවන් සදහා පොදු භාවිතාකරන්නෙකුගේ ලෙස සැලකීමට ආයතනයට හැකිවීම  ඉන් ප්‍රධාන වන බවයි. ඒ අනූව ඔබගේ පෞද්ගලික දත්ත ගොනුව, ඔබේ සබදතා ලයිස්තුව මෙන්ම ඊමේලයන් සතු දත්ත පවා ආයතන සතු සියලුම සේවාවන් සදහා පොදුලෙස භාවිතාකිරීමේ නිදහස ආයතනය සතුවනු ඇත. එසේම භාවිතාකරන්නාට ආයතනයේ සේවා රාශිය සදහා වෙනවෙනම එකග වන්නට සිදු නොවන අතර එක් සේවාවකට සම්බන්දවීමත් සමග පොදුවේ ආයතනය සතු සියලුම සේවාවල් අත්විදීමේ අවස්ථාව ලැබෙන බවකි.එලබෙන මාර්තු පලවනදා සිට මෙම නව කොන්දේසි ගොනුව ක්‍රියාත්මකවනු ඇති බවටයි පැවසුනේ.

ඩෙස්ටොප් යන්ත්‍රය සමුගැනීමේ මුල් පියවරට..........

පසුගිය සතියකදී මයික්‍රසොෆ්ට් ආයතනය එලබෙන වින්8 සම්ප්‍රාප්තියේ තවත් පැතිකඩක් හෙලි කරන්නට උත්සාහ ගනු ලැබුවා.වින්8  හා මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් අතර වන "වඩාත් ගැලපීම්" එහිදී පැහැදිලි කරන්නට පෙලබී තිබුනා. වයි ෆයි සබදතා සීමාවක් තුලදී ස්වංක්‍රීයව වින්8 විසින් තමසබදතාවය පිහිටවා ගන්නා බවටයි පවැසුවේ.වින්8 තුලදී ඇප්ස් මට්ටමේ සහයක් දත්ත සබදතා  පාලනය සදහා යොදා ගත හැකි  බවටත් ඒතුලින් එම සබදතාවයන්ගේ මාසික බිල්පත් රටාවට අනූව දත්ත සබදතා භාවිතය පාලනය කරගැනීමට හැකිවනු ඇති බවටයි සටහන් වන්නේ.
                                වින්ඩෝස්8 සැපැමිනීමේ යටි අර්ථය ලෙසට හැගෙන්නේ සාම්ප්‍රධායික ඩෙස් ටොප් පරිගණකයේ භාවිතය අවසාන වීමේ ආරම්භය ලෙසටයි විචාරනය වෙමින් තිබෙන්නේ.වින් 8 මොබයිල් දත්ත උපකරන දෙසට වැඩි නැබුරුවක් සහිතව අතර මැද සිට ගැනීමක් ලෙසටයි ඔවුන් පවසන්නේ."වින්ඩෝස් 7 භාවිතය සමග තවමත් ඩෙස්ටොප් ආකෘතිය සදහා වෙනත් මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතා අවකාශයක් නිර්මානය වී නැහැ. එහෙත් ඩෙස්ක් ටොප් පරිගණකය කරතබාගෙන යාමේ අවශ්‍යතාවයනම් ක්‍රමයෙන් තැනින් තැන හිස ඔසවමින් ඇති බවනම් දක්නට පුලුවන්. වින් 8 එම අවශ්‍යතාවය සදහා නම් පිලිතුරක් ‍රැගෙන විත් ඇති බවට නම් බලාපොරොත්තු තැබිය හැකියි" ඔවුන් පවසා සිටිනවා.

තවදුරටත් ටයිම් ලයිනය මගහැරිය නොහැකිය.......


 ෆේස්බුක් ආයතනය පවසා සිටින්නේ මේ වනවිට තම ප්‍රියතාවයක් නොමැතිකම නිසා හෝ ටයිම් ලයිනය මගහරිමින් සිටින භාවිතාකරන්නන් හට එලබෙන සති කිහිපය තුලදී ටයිම්ලයිනය සමග අනිවාර්යෙන් එක් වන්නට සිදුවන බවය.ඔවුන් පවසන්නේ වඩාත් ආකර්ෂනීය කාලානුරූප පෙලගැස්මක් තුලින් පහසු භාවිතයකට, භාවිතාකරන්නන් විසින් ෆේස්බුක් ගිනුම වෙත නිරාවරනය කර ඇති ජීවිතය පරිවර්ථනය කරනවා විනා ඔවුන් අපහසුතාවයකට  පත්කරවන යමක් මෙම නව වෙනස්කම් මත දක්නට නොමැති බවයි. එසේ මුත් ටයිම් ලයිනය සමග නව ඇප්ස් රාශියක් හදුන්වා දීමත් සමග වැඩි පහසුවක් හා අපූරත්වයක් තම ගිනුම තුලට කැදවාගැනීමේ අවස්ථාවනම් භාවිතාකරන්නන් හට ලැබෙන බවත් වැඩිදුරටත් පවසා සිටිනවා.
     තවත් විචාරකයින් පිරිසක් පවසමින් සිටින්නේ වේදිකාව වඩ වඩාත් සරසමින් භාවිතාකරන්නාගේ වඩාත් සියුම් හැසිරීම් රටා හදාරමින් වෙළද පොල දත්ත අලවියේ වඩාත් ඉදිරි පියවරක් කරා ෆේස්බුක් අඩවිය පියවර තබා ඇති බවයි."හොදින් බලන්න, නව ඇප්ස් බොහොමයක්ම කෙලින්ම හෝ වක්‍රව ඔබගේ පරිභෝජන ජීවිතයේ වඩවඩාත් සියුම් තැන් හදාරන්නට ගන්නා උත්සාහය. මම ඔබට රිනාත්මක සිතන්න පොලබනවා නොවෙයි. තවත් අතකින් ඔවුන් තම නව ආකෘති සදහා හදාරන සමාජයන්ගේ සැබෑ ස්වභාවය  මෙවා නිසා ඔවුන්ගේ බොහොම අහිංසක උත්සාහයක් වන්නටත් ඉඩ තිබෙනවා....................
(නන්නාදුනන දේශකයෙකුගේ සටහන්........)





2012-01-23

හිමිත්වයේ සහ නිදහසේ ගැටලුව ඉදිරියට.........

මෙගා අප්ලෝඩ් වෙබ් අඩවිය කතෘ හිමිත්වය නොසැලකීමේ වරදට ඇමරිකා බලධාරීන් විසින් තම නෛතික යාන්ත්‍රනයට යටත්කල අතරම එම වෙබ් අඩවියේ ප්‍රධානීන් කිහිපදෙනෙකුම විදේශ රටකදී පවා අත්වංගුවට පත්කර ගන්නට පසුගිය දිනවලදී කටයුතු කරන ලදී. මෑතකදී සම්මත කරගන්නට උත්සාහ කරනු ලැබූ නව නෛතික ප්‍රතිපාදන නොමැතිව වුවද ඩොලර් බිලියන ගනනක් සැබෑ හිමිත්වයන්ට අහිමිකල එම වෙබ් අඩවියේ .නෙට් ඩොමේන අයිතිය පදනම යටතේ ඔවුන්මෙම පියවර ගත් බවට පලවන අතර දැනට තාවකාලික පසුබැසීමකට ලක්ව ඇති නව අනපනත් සදහා මානසික තහවුරුවක් ඒතුලින් ඔවුන් සනාතකල බවටයි විචාරකයින් පවසන්නේ.පල වන නවතම වාර්ථා වලින් පැවසෙන්නේ තවත් ගොනු හුවමාරු වෙබ් අඩවි කිහිපයක් තම සේවාවන් එම ගොනු තම අඩවියට නැංවූවන්ට පමනක් භාවිතාකල හැකි ආකාරයට සීමා කරන්නට දැනටමත් තීර්නය කර ඇති බවට පැවසෙන අතර ඉන් එක් අඩවියක්(ෆයිල් සොනික්) දැනමත් ඒ ආකරයට පමනක් තම සේවාව සලසන්නට දැනටමත් පෙලබී ඇති බවයි සටහන් වන්නේ.

ඇමරිකානු වැඩිහිටියන් අතර ටැබ් භාවිතය ඉහලට.....

පලවන වාර්ථාවකින් පැවසෙන්නේ  ඇමරිකානු වැඩිහිටියන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් ටැබ් යන්ත්‍රයක් භාවිතා කරමින් සිටින බවයි. ගතවගිය දෙසැම්බර් මාසයේ මැද භාගයේ කල විමසුමකින් කියවුනේ  ඇමරිකානු වැඩිහිටියන් අතර ටැබ් භාවිතය සියයට 10ක මට්ටමේ පැවති බව වුවත් ජනවාරිමස කල විමසුමක ප්‍රථිපල කියා සිටින්නේ එය සියයට 19 දක්වා වැඩි වී ඇති බවටයි පලවන්නේ.
   විචාරකයින් පවසන්නේ මෑතකාලයේ හදුන්වා දුන් නව ටැබ් නිශ්පාදන වල මිල පැවති මිලෙන් භාගයකට ආසන්න ප්‍රමානයකට ලංවතිබීම මීට ප්‍රධානතමහේතුව වන්නට ඇති බවයි. ඉ කියවීම් ඉහලයාමේ ප්‍රවනතාවයක්ද මේ තුල ඉස්මතුව පෙන්වන බවට අදහස් දැක්වෙන අතර සාම්ප්‍රධායික මුද්‍රන භාවිතය ඉක්මවා ගිය ඊ කියවීම් යුගයක්  නුදුරේම එලෙබිමින් පවතින බවටත් ඔවුන් අදහස් පලකරමින් සිටිනවා.

වරක් ආශ්‍රමයට පැමිනි ප්‍රංශ ජාතික තරුනියක් චිත්‍ර ශිල්පිනියක්ද වූවාය......

බටහිර අහසේ තැනින් තැන විසිරුන වලා කැටිති පරයාලමින් ගලා එන මද රත් පැහැ ගත් සැදෑ හිරු කෙදි දහරා ආශ්‍රම කදුයායට නැගෙනහිරදෙසට වන්නට ඈතින් පිහිටි කදුයායේ මුදුනතවල් මත තැවරෙන විට මැවෙන්නේ සිත පහන් කරවන සිතුවමක්ය.මද අදුර සමග ආශ්‍රම භූමියේ විසල් තුරු ගොමු අතරින් තැනින් තැනින් මතුව පෙනෙන්නේ ගම්මානයේ සමහර නිවසක දැල්වෙන පහන් එලියක් දොර කවුලුවක් අතරින් රිංගා එන විට විය යුතුය.
         වරක් ආශ්‍රමයට පැමිනි ප්‍රංශ ජාතික තරුනියක් චිත්‍ර ශිල්පිනියක්ද වූවාය.ඉන්දියානු යෝගි ක්‍රමවේද පිලිබද මහත් දැනුමක් තිබූ ඇය භාවනාවටද මහත්සේ ප්‍රිය කලාය. ලොකු ස්වාමීන් වහන්සේගේ  අවසරයක් යටතේ ටික දිනක් ඇය ටිබෙට් මිත්‍රයා නෑවතී සිටි කුට්යෙහි නතර වන්නට සාමාන්‍යයෙන් නොලැබෙන අවස්ථාවක් ලබා ගත්තාය. බොහෝ සෑදෑවන් වල ඇය සක්මන් මලුවට ඔබ්බෙන් පිහිටි දැවෙන් නිම කොටතිබූ අසුන මත හිදගෙන මෙවන් අපූරු සැදෑවන් සුදුපැහැති කොලයක් මත සිතුවම් කරන්නට පුරුදුව සිටියාය. තුරු මුදුනතවල් සිසාරා යලායන සැදෑ හිරු කිරන වලින් දිලිසුම් දෙන ඈත කදුමුදුනතවල් ඇය සිතුවමට නැගුවේ මහත් සැහැල්ලුවෙන්ය. කලුපැහැති පැන්සල් තුඩකින් අඳුර එලිය, අවකාශයේ ගැබුර පමනකුදුනොව මද අදුර සමග ඈත කදුමුදුනතවල් වලින් පලවන හුදකලා පාලු බව ඒ සිතුවම් තුලින් පලවූවේ අනායාසයෙන්ය.විවෘත තරුනියක වූ ඇය ආදරය බැදීම් මෙන්ම ලිංගිකත්වය ගැනද බොහෝ දේ කතා කලාය.පෙර කල මහත් කෙලිලොල් තරුනුයකව සිටි ඇය ඉන්දියානු සංචාරයකදී යෝගී භාවනා ක්‍රම පුරුදු පුහුනු වන්නට පටන් ගැන්මත් සමග තම ජීවිතයේ රිද්මය සාමාන්‍ය ජීවිතයේ හුදු ඇලීම් ගැලීම් වලින් ඔබ්බෙන් වන අධ්‍යාත්මික සතුටට හුරු පුරුදුවූ හැටි පැහැදිලි කර දුන්නාය. හුදු රස මසවුලු ඇදුම් ආයිත්තම් වලින් ඔබ්බෙන් වන්නට ඈති සරල සැහැල්ලු කාරුනික බව මත ඉදිව තිබූ ඇගේ ඒ අපූරු ජීවිතය මත  ඈ සතුටින් කාලය ගත කරමින් සිටියාය. 
(අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට.......)

2012-01-21

ඇය ඇත්තෙන්ම සම්භාව්‍ය බව ආභරනයක් කරගත් ඇත්තියක් නොවූවාය.......

 හොදින් ආලෝකමත්  සැදෑව ආශ්‍රම භූමියේ කදුමුදුනත දිගේ දිවෙන කුඩා මාවත ඔස්සේ නිහඩව ඇවිද යන්නට ආරාධනා  කරන්නාක් වැනිය. එම මාවත ඔස්සේ දකුනත දෙසට මද දුරක් යනවිට බටහිර බෑවුම පුරා ගංඉවුර දක්වාම පැතිර ඇත්තේ කහ පැහැගත් කුඩා මලින් ගැවස ගත් තෘන යායකි.තුනී මද සුලගට ලෙල දෙමින් එම මල් යාය  කදුනත මුදුනේ සිට නරබන්නකුට මවන්නේ අසිරිමත් දසුනකි. වරක් ඔස්ට්‍රේලියානු සරසවියක ආරාධිත දේශන මාලාවකට සහභාගී වෙමින් සිටි කාලයේ හමුවූ ඈමරිකානු පිලිපීන සම්භවයක් තිබූ ලීසා නම් දර්ශනය පිලිබද කථිකාචාර්යවරිය පිලිබද මතකය මතක සෛල ගොනු අතර සැගව සිට එකවරම අවදිවෙයි.
                                විශ්වවිද්‍යාල භූමිය පි‍ටුපසින් දිවෙන මාවත ඔස්සේ ආලෝකමත් සැදෑවල අප ඇවිදයන්නට පුරුදුව සිටියෙමු.එම ගම්මානයට ඔබ්බෙන් වූයේ නෙක වර්නගත් කුඩාමලින් පිරීගිය තෘන යායකින් ගැවස ගත් හුදකලා කදු පංතියකි.මද වෙහෙසකින් වුවත් එම කදුමුදුනතට දිවෙන අපැහැදිලි මාවත ඔස්සේ අප කදුමුදුනතට නැග ගන්නෙමු. තැනින් තැන ඇති හුදකලා විශාල ගස් සෙවනක අප එකි නෙකා අතර මද දුරකින් අප අසුන් ගන්නෙමු. ඇය වේදිකා නාට්‍ය කලාවට මහත්සේ ප්‍රිය කලාය. සැමුවෙල් බෙකට් ,සාස්ත්‍රේ වැනි අපූරු නාට්‍ය කරුවන්ගේ අපූරත්වයෙන් පිරි නිර්මාන ගැන ඇය මට විස්තර කර දෙන්නේ විටක එම චරිත රගා පෙන්වමින්ය."දිග පලල උස වගෙ සරල මානයන්ට වඩා අපූරු සැගවුනු මිනිස් මනසට රස කැන්දන වෙනත් මානයක් තියෙනවා වගේ මට දැනෙනවා... ඒක හරිම අපූරුයි, හැබැයි විටක බය හිතෙන තරම් ගැබුරුයි.." ඇය පවසාගෙන යයි.ඔබ පවසනවා වාගේ ජීවිතය සංචාරයක් නම්  මගේ ජීවිත සංචාරය තුල හමුවූ හත‍රැස්  නාට්‍ය වෙදිකාව මා මෙහි ආවාට ඇති තරම් සාධාරන හේතුවක් දී තිබෙනවා, කිහිප විටකදීම ඇය මට පවසා සිටිනවා මතකය.
                             විටක ඇය තම කුඩා ගිටාරයද ‍රැගෙන එයි.සියුම් රසයන් ‍රැගත් අපූරු වාදන කාන්ඩ ඇය වයන්නේ වෙනත් ලෝකයකට පිවිස සිටින්නාක් මෙනි. බි‍තෝවන් වැනි සොදුරු සංගීත කරුවන්ගේ නාද ගොනු අතර සැගව ඇති අපූරු සංයෝජනයන් වයා පෙන්වමින් ඇය මට ඒවා විස්තරකර කරදෙන විට කාලය ගලානයන බව නොහැගෙන තරම්ය.
                           ඇය ඇත්තෙන්ම සම්භාව්‍ය බව ආභරනයක් කරගත් ඇත්තියක් නොවූවාය. සම්භාව්‍ය යැයි සැලකෙන අපූරු නිර්මාන වල සැගව ඇති සියුම් විනය , පැහැදිලි බව,මිනිස් ජිවිත තුලට බොහෝ ගැබුරට විහිදුනු බව විදින්නියක්  වූවාය.ඒවායේ වූ එම අපූරු සුන්දරබව  තවකෙකුට සංවේදී ලෙස පැහැදිලිකර දෙන්නටද  සමත්තියක් වූවාය.

(අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට....)
  

ගූගල්+ භාවිතාකරන්නන් මිලියන 90 ඉක්මවයි....

ගූගල්+ සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය භාවිතාකරන්නන් මිලියන 90 ඉක්මවා ගොස් ඇති බවටයි  පැවසෙන්නේ.එය කෙටි කාලයක් තුල සාර්තක වර්ධනයක් ලෙසට සටහන් වන අතර ඉන් සියයට 60 පමන දෛනිකවද සියයට 80 පමන සතියකට වරක්ද වෙබ් අඩවිය වෙත පිවිසෙන බවටයි  සටහන් වන්නේ. මිලියන 800 භාවිතාකරන්නන් පිරිසකගෙන් සමන්විත ෆේස්බුක් වෙබ් අඩවිය සමග තරග කරමින් සිටින ගූගල්+ අඩවිය තම ගූගල් සෙවුම් යන්ත්‍රය හා අනෙකුත් සේවාවන් සමග එක් වෙමින් ජනංප්‍රියතාවය වැඩිකරගන්නට උපරිම උත්සාහයෙන් කටයුතුකරමින් සිටින බවටයි සටහන් වන්නේ. ගූගල්+ පසුගියදා  ජීමේල් ගිනුම් හා එක් වෙමින් වඩාත් පහසුවෙන් තම මිතුරන් සමග එක්වන්නට අවස්ථාව සැලැස්වූ අතර ගූගල්+ ව්‍යාපාරික පි‍ටු අරබමින් තම ගනුදෙනු කරුවන් අතරට පහසු පිවිසුමක් ලබා දෙන්නට උත්සාහයක් කරනු ලැබුවා.

මෙගාඅප්ලෝඩ් ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක්.....

පසුගියදා ඇමරිකානු බලධාරීන් විසින් තාවකාලිකව නවතා දමන ලද "මෙගා අප්ලෝඩ්" වෙබ් අඩවිය සදහා ව්‍යාජ අඩවි කිහිපයක් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වීම අරබා ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. මින් බොහොමයක් හානිකර මෘදුකාංග භාවිතාකරන්නාගේ පරිගණකය වෙත ගෙන ඒමට උත්සාහකරන බවත්, ඉන් සමහර අඩවි සදහා ඩොමේන නාමයක් වත් භාවිතා නොවන අතර "අයි.පි" ලිපිනයකින් පමනක් ක්‍රියාත්මක බවත්  සටහන් වනවා.තවත් සමහරක අරමුන වන්නේ සැබෑ ගිනුම් වල පිවිසුම් අවසර පද ආදී දත්ත ‍රැස්කිරීම  වියහැකි බවටත් ඔවුන් අනතුරු අගවා සිටිනවා.වෙබ් අඩවියට අදාල පුද්ගලයින් හතර දෙනෙකු පසුගියදා අත්වඩංගුවට පත්ව ඇති අතර   කතෘ අයිතීන් නොසලකමින් දෑ අන්තර්ජාලයතුල බෙදා හැරීම ඔවුනට එරෙහිව වූ චෝදනාව ලෙසට සටහන්ව තිබුනා.හැකි ඉක්මනින් එම අඩවිය යතා තත්වයට පත්කරගැනීමට කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.

2012-01-20

මැකා‍ෆි SaaS Total Protection හි දුර්වලතා දෙකක්....

මැකා‍ෆි ආරක්ශක මෘදුකාංගයක් වන SaaS Total Protection anti-malware software suite හි හදුනාගත් දුර්වලතා දෙකක් සදහා අදාල පිලිසකර යාවත්කාලීනයන් දෙකක් නිකුත්කිරීමට නියමිතව තිබූ බවටයි කරුනු පලවන්නේ.මින් එක දුර්වලතාවයක් භාවිතාකරමින් ActiveX control  ය නොමග යවමින් ක්‍රියාත්මකවන මෘදු කොටසක් මගින් පරිගණකය ස්පෑම් සර්වරයක් ලෙස ක්‍රියාත්මක කරවන්නටත් තවත් විටකදී මැකාෆීහි  "rumor" තාක්ශනික අංගය නොමග යවමින් ස්පෑම් මුදාහරින්නෙකු බවට පත්කරනටත් හැකිවන බවටයි කරුනු පලවන්නේ.

2012-01-19

ෆේස්බුක් ටයිම් ලයිනයට නව "ඇප්ස්" රාශියක්..........

ෆේස්බුක් ආයතනය  පවසා සිටියේ  ටයිම් ලයිනය වෙත නවතම "ඇප්ස්" 60 කට අධික ප්‍රමානයක් හදුන්වා දීමට කටයුතුකර ඇති බවකි. මේ පිලිබදව අදහස් පලකරමින් ඔවුන් පවසා සිටින්නේ සාමන්‍යයෙන් "ඔෆ් ලයින්" ලෙස සැලකෙන ජීවිතය ෆේස්බුක් ටයිම් ලයිනය තුලට ගෙන එන්නට මෙම නව ඇප්ස් භවිතාකරන්නාහට උපකාරවනු ඇති බවකි.භාවිතාකරන්නාගේ පාලනයට යටත්ව තම දෛනික ජීවිතයේ භාවිතාවන ආහාරපාන ගමන්බිමන් සවන් දෙන සංගීත අංග ආදිය තම හිත මිතුරන් සමග බෙදා හදා ගැනීමේ අවස්ථාව මෙම නව ඇප්ස් භාවිතය සමග වඩාත් පුලුල්වන බවටයි පැවසෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මේ පිලිබදව වැඩිදුර විස්තර ලබා ගත හැකිවනු ඇත.

https://www.facebook.com/about/timeline/apps

නන්නාදුනන දේශකයෙකුගේ සටහන්......

දත්ත උපකරන ජීවිතය විනිවිද යාම අවිංඥානිකව නිරන්තරයෙන් සිදුවෙමින් පවතී. ෆේස්බුක් ආයතනය පසුගිය දිනකදී නිවේදනය කරමින් සිටියේ භාවිතාකරන්නාගේ සමස්ත සයිබර් ජීවිතයම ෆේස්බුක් තුලට ගෙන එන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. මෑතකදී ෆේස්බුක් ගිනුම තුලට හදුන්වාදුන් නවාංගයකින් සිදුවන්නේ තම හිත මිතුරෙකු සමග එකම සංගීතාංගයක් එකවරම  සවන් දෙන්නට සැලැස්වීමයි.විචාරකයෙකු පවසා සිටියේ සයිබර් අවකාශයතුල තාක්ශනය ඉක්මවා යමින් මිනිස් බවට ලංවීමට උත්සාහකිරීමක් ඒ තුල සටහන් වන බවකි.
         අනතුරුව දේශකයා "අවිංඥානිකව" නම් යෙදුමේ යෙදුම් අර්ථය පැහැදිලි කලේය. තවමත් සයිබර් අවකාශයේ සිදුවන සිදුවීම් කියවීමේදී තාක්ශනික හා වෙලඳ අර්ථමිසක සමාජ හෝ පුද්ගල අර්ථවලට එතරම් අවදානයක් නොදීම බරපතල අඩුවක් බව නුදුරු කාලයේදීම් වැටහේවි. එදාට වියතුන් "සයිබර් මනෝවිද්‍යාව" වගේම "සයිබර් සමාජ විද්‍යාවට " මීට වඩා වැදගත් තැනක්දී හදාරන්නට පටන් ගනීවි.ඔහු අවසනයේ කියා සිටියේ " අමතක කරන්නට එපා පොළව මත බිහිවූ අන් සියලුම තාක්ශනයන්ට වඩා සයිබර් තාක්ශනය මිනිස් ජීවිතවලට අතිශය තීරනාත්මක ලෙසට සමීපබව.

සයිබර් අපරාධකරුවන්ද නව වසරට වැඩ අල්ලයි.......

2012 වසරේ ප්‍රථම සැලකිය යුතු මට්ටමේ ප්‍රථම සයිබර් අපරාධය අප්‍රිකානු රටකින් වාර්ථා වෙනවා. අනවසර පිවිසෙන්නන් පිරිසක් විසින් සොරාගන්නාලද පිවිසුම් අවසර පද භාවිතාකරමින් ටෙලර් යන්ත්‍ර හරහා සහ එම බැංකුවේ පාරිභෝගික දුරකතන සහය සේවාව උපයෝගී කොටගෙන රට පුරා තැන් කිහිපයක විවෘත කොටතිබූ තම බැංකු ගිනුම් වෙත බැරකරවා ගෙන තිබූ මුදල ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 6.7 කි. නව වසරේ ජනවාරි 1-3 කාලයතුලදී මෙම  අනවසර බැරකරගැනීම් සිදුවී ඇතැයි වාර්ථාවන අතර අනවසර ලෙස අත්පත්කරගෙන තිබූ අවසරපද භාවිතාකරමින් හා උපායශීලී වෙමින් ටෙලර් යන්ත්‍රවල හා දුරකථන සහය සේවකයන් ලවා සාමාන්‍ය මුදල් බැරකිරීම් සීමා  ඉක්මවා යන්නට මෙම අපරාධකරුවන් සමත්ව ඇති බවටයි සටහන් වන්නේ.

2012-01-18

අද මධ්‍යම රාත්‍රියේ සිට PIPA/SOPA වෙත තම විරෝදය පලකරනු වස් ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම යම් ක්‍රියාමාර්ගවලට පෙලබෙන්නට තීර්නය කර ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. ගූගල් වෙබ් අඩවියේ  නිවස් පි‍ටුවේදී තම ලෝගෝව අදුරු කොට ඒ මත  වැකියක් පලකරමින් තම විරෝධය පලකරන බවටත්  විකිපීඩියා වෙබ් අඩවියේ ඉංග්‍රීසි සංස්කරනය තාවකාලිකව වසා දමන්නටත් තවත් ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම තම විරෝධතාවය පලකරන්නටත් දැනටමත් තීර්නය කර ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.
                                                     ඇමරිකානු බලධාරීන් පවසා සිටින්නේ තමන් තුලින් අන්තර්ජාලය තුල අයිතීන් හා සාධාරනය තහවුරු කරනු වස් PIPA ගෙන එන්නට කටයුතු කරන බව වන අතර ප්‍රධාන පෙලේ වෙබ් අඩවි පවස සිටින්නේ  PIPA  තුල සැගව එන වාරනයට විරුද්ද වෙමින් අන්තර්ජාලයේ  අයිතීන් හා සාධාරනය ‍රැක ගන්නට තමන් උත්සාහ කරන බවයි.

අන්තර්ජාලයේ ඇරබුම.........

1969 ඔක්තෝබර් මාසයේදී ලොව ප්‍රථම පැකට් ස්විචින් (packet switching) ආකාරයේ සබදතාවයක් ඇමරිකාවේ ස්ථාන කිහිපයක පිහිටවා තිබූ පරිගණක කිහිපයක් සම්බන්දකරමින් ඇරබීමත් සමග අන්තර්ජාලයේ ඇරබුම සිදුවූ බවටයි පිලිගැනෙන්නේ."අර්පනෙට්"{ARPANET (Advanced Research Projects Agency Network)}  ලෙස නම් කරතිබූ එම ජාලයට සම්බන්දවූ පරිගනකයන් පිහිටා තිබූ ස්ථානයන් ඉහත රූපයෙන් දැක්වෙනවා.

IPv6 එලබෙන ජූනි 6දා සිට ක්‍රියාත්මක වනු ඇත....

ලොව ප්‍රධාන පෙලේ අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් මෙන්ම ෆේස්බුක්, යාහු, ගූගල් ආදීවූ ප්‍රධාන පෙලේ වෙබ් අඩවි සියල්ලම පාහේ මීලග පරම්පරාවේ ඉන්ටර්නෙට් ප්‍රොටකෝලය ලෙස සැලකෙන IPv6 ය එලබෙන ජූනි මස 6 දා සිට ක්‍රියාත්මක කරන්නට තීර්නය කර ඇති බවටයි කියවෙන්නේ. මින් පෙර ක්‍රියාත්මකවූ IPv4 තුල තව දුරටත් වැඩිවන භාවිතකරන්නන්හට අවශ්‍ය අන්දමට ලිපින සැපයීමේ නොහැකිවීම නිසා මෙම නව හදුන්වාදීමට යාමට සිදුවූ අතර , නව පියවරත් සමග දත්ත උපකරන බිලියන ගනනකට අන්තර්ජාලය සමග කෙලින්ම එක්වීමට අවකාශය සැලසෙනු ඇති බවටයි පැවසෙන්නේ

2012-01-17

චීන අන්තර්ජාල භාවිතය මිලියන 500 ඉක්මවයි...

පසුගිය වසර අවසාන  වනවිට චීන ජාතික අන්තර්ජාල භාවිතකරන්නන් සංක්‍යාව මිලියන 500 ඉක්මවූ බවටයි කියවෙන්නේ.ඒ අනූව එරට අන්තර්ජාලය භාවිතයේ ප්‍රතිශතය 38.3 දක්වා පැමින අති අතර , එය ඊට පෙර වසර හා සැසදිමේදී සියයට 4ක ඉහලයාමක් ලෙසටයි සටහන් වන්නේ. එසේම අන්තර්ජාලයට පිවිසීම සදහා ජංගම උපකරන යොදා ගැනීම සියයට 69.3 ලෙස සටහන් වන්නේ භාවිතාකරන්නන් සංක්‍යාව මිලියන 355 දක්වා ඉහලයාමත් සමගයි. එසේම බහුල භාවිත වයස් කාන්ඩය ලෙසට සටහන් වන්නේ 10-29 අතර බවටත් සටහන් වනවා. පනිවිඩ හුවමාරුව , සෙයුම් යන්ත්‍ර හා සංගීතයට සවන්දීම එරට වැසියන් අතර බහුල අන්තර්ජාල අංග ලෙසටත් සටහන් වෙනවා.

වින්8 එලබෙන ඔක්තෝබරයේ...

පලවන නවතම වාර්ථාවකට අනුව පැවසෙන්නේ එලබෙන ඔක්තෝබරය වන විට වින්ඩෝස් 8 හි වානිජ සංස්කරනය නිකුත්වීමට ඉඩ ඇති බවයි.මාධ්‍ය හමුවකදී මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති හදුන්වාදීමේදී අනුගමනය කරනු ලබන වසර තුනක චක්‍රය අනූව එලබෙන ඔක්තෝබරය වනවිට වින්ඩෝස් 7 හදුන්වාදී වසර තුනක් පිරෙන බවයි.එලබෙන පෙබරවාරියේදී බීටා මට්ටමේ සංස්කරනයක් බලාපොරොත්තුවිය හැකි යැයි ඔහු පවසා තිබුනා.ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ අඩු ශක්ති වැයක් හා වැඩි ආරක්ශාවක් සමග ජංගම උපකරන වලට හොද සූදානමක් සහිතව ඒමට නියමිත වින්ඩෝස් 8 මෙහෙයුම් මෘදුකාංගය සාර්ථක පාරිභෝගික ආකර්ශනයක් දිනා ගනු ඇති බවයි.

2012-01-14

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක්......

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක් බිහිවනු ඇති බවට තොරතුරු පලවෙමින් පැවතුනේ කලක පටන්ය.විටක අහම්බෙන් මාධයන් වෙතට අත්හදා බැලීමේ මට්ටමේ පැවති වෙබ් අඩවියක් පිලිබදවද තොරතුරු පලවී තිබිනි. පලවන නවතම වාර්ථාවලට අනූව මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය so.cl නමින් ෆේස්බුක් වෙබ් අඩවියට සමගාමී සමාජ ජාලාවක් හදුන්වා දී ඇති බවටයි තොරතුරු පලවන්නේ. තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම වෙබ් අඩවියට ආරාධනා පතක් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් ලබා ගැනීමට ඉල්ලුම්කිරීමට හැකිවනු ඇත. දැනට සීමිත ප්‍රදේශයක පමනක් ක්‍රියාත්මක මෙම අඩවිය නුදුරේදීම සැමට විවෘතවනු ඇති බවටයි පැවසෙන්නේ.
https://www.so.cl/

2012-01-12

නිරෝගී පරිගණක භාවිතයකට මෘදුකාංගයක්.......

නිරෝගී පරිගණකයක් භාවිතාකරන්නන් සියල්ලන්ගේම බලාපොරොත්තුවයි. පහත දැක්වෙන්නේ ඒ සදහා නොමිලේ ලබාගත හැකි කුඩා මෘදුකාංගයකි. වින්ඩෝස් එක්ස් පී,විස්ටා මෙන්ම වින් 7 සදහාද එකසේ සහය දක්වන මෙම මෘදුකාංගය පහසු හැසිරවීමේ හැකියාව අතින් ඉදිරියෙන් සිටින බවකුයි එහි නිෂ්පාදකයින් පවසා සිටින්නේ. පරිගනකය මෘදුමය අතින් පිරිසුදු කරන්නට,  වේගවත් කරන්නට මෙන්ම ආරක්ශාව තහවුරු කරන්නට මෙම මෘදුකාංගය සහය වනු ඇති බවට ඔවුන් පවසා සිටිනවා. භාවිතාකරන්නාගේ දෘෂ්‍ය නිරෝගී බව තහවරු කරනුවස් හෝරාවකට වරක් දෘෂ්‍ය විවේකයක් වැනි අමතර පහසුම් කිහිපයක්ද මෙම මෘදුකාංගය සමග ඔබට ලැබෙන බවටයි ඔවුන් පවසා සිටින්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම කුඩා මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.toolwiz.com/products/toolwiz-care

2012-01-11

මොසිල්ලා වෙතින් "වෙබ් ඇප්ස් ස්ටෝර්" එකක්


මොසිල්ලා ආයතනය පසුගියදාක ප්‍රකාශකර සිටියේ, මෙම වර්ෂ තුලදී මිළඳීගත යුතු හා නොමිලේ ලබාගත හැකි ලෙසින් වන ඇප්ස් සහිත ඇප්ස්-ස්ටෝර්වක් හදුන්වා දෙන බවටයි. මෙම ඇප්ස් ෆයර්ෆොක්ස් බ්‍රවුසරය සදහා පමනක් නොව සියලුම බ්‍රවුසර සදහා එකගවනු ඇති බවටයි ඔවුන් ප්‍රකාශකර සිටින්නේ.
                     ආයතනය ප්‍රකාශකර සිටින්නේ මෙසේ විවෘත වෙබ් ඇප්ස් ස්ටෝර්වක්  හදුන්වාදීම තුලින් තමන් බලාපොරොත්තු වන්නේ එක් එක් නිශ්පාදන වලට පමනක් සමහර ඇප්ස් සීමාවීම නිසා වෙනත්  සමාන්තර නිශ්පාදන භාවිතාකරන අය සදහා ඒවා භාවිතය අහිමිවීමේ අවස්ථාවෙන් මුදවා ගැනීමට බවයි.
  ගතවගිය 2011 වසරතුලදී ලොවපුරාවට ෆයර්ෆොක්ස් ඇඩෝනයන් මිලියන 480 ක් පරිගණක තුල ස්ථාපනයවී ඇති අතර මේවනවිට ලොවපුරා අන්තර්ජාලය ඇසුරුකරන්නන්ගෙන් සියයට 25 ඒ සදහා ෆයර්ෆොක්ස් බ්‍රවුසරය භාවිතාකරමින් සිටින බවයි.2012 වසරතුලදී තම ආයතනයේ වැඩි අවධානයක්  ජංගම උපකරන සදහා වඩාත් සාර්ථක බ්‍රවුසරයක් නිපදවීම කෙරෙහි යොමුවී ඇති බවටයි පවසා සිටින්නේ.

2012-01-09

එලබෙන වසරදී යු.එස්.බී. 3.0 කවුලු ජංගම උපකරන සමග එක්වනු ඇති බවට....


යු.එස්.බී 3.0 කවුලු ටැබ් හා ස්මාර්ට් මට්ටමේ දුරකතන වෙත මෙම වසර අවසාන වන විට හෝ එලබෙන වසර මුල් වකවානුව වනවිට එකතුවීමට නියමිත බවටයි ඒහා සම්බන්ද ප්‍රමති ආයතනයෙන් නිකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ. මයික්‍රෝ මට්ටමේ යු.එස්.බී 3.0 කවුලු ඉහතකී උපකරන සමග සමන්විත වනු ඇති බවටයි සටහන් වන අතර නව සබදතාව සමග එම ජංගම මට්ටමේ උපකරන හා පරිගණක අතර දත්ත හුවමාරු වේගය තප්පරයකට මෙගා බයිට් 100 දක්වා ඉඅහල අගයකට පත්වීමට ඉඩ ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.එවිට දල වශයෙන් දැනට විනාඩි 15ක කාර්යයක්  විනාඩියයි තප්පර දහක් තරමට අඩුවනු ඇති බවට අප බලාපොරොත්තුවන්නේ යැයි එම ප්‍රකාශකයා පවසා තිබුනා.එසේමුත් ජංගම උපකරන නිර්මානයේදී බලය වැයවීම අවමව තබා ගැනීම ප්‍රධාන සාධකයක්ව පවතින යථාර්තය මත ඉහතකී වෙගය ලබා ගැනීමට අවශ්‍ය වැඩිශක්තිය වැයවීම වැනි කාරනා ගැන මේ වන විට අවධානය යොමු කරමින් සිටින බවටයි ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ. ලැප්ටොප් යන්ත්‍රවල වඩා සිහින් මොස්තර කරා යාමේ හැකියාව දැනට පාලනය වෙමින් සිටින්නේ එවායේ වී.ජී.ඒ මත උවත් යු.එස්.බී.3.0 කවුලුවේ කුඩාවීමේ හැකියාවද ඊලග සාධකයක් වීම දැනම මතුව ඇති දෙවන බාදකය ලෙස ඔහු දක්වා සිට තිබුනා.

අප හමුවුනෙමු........

අර්ධාකාර වීදුරු කුටියෙන් අප එකිනෙකා එලියට පිවිසෙමින් සිටියෙමු. තැනින් තැන විශාල  විවෘත ශාලා පිහිටා ඇති ඒවා අතර මනාව පාලනය කරන ලද විවිධ ආකාරයේ තුරු ගොමු වලින් ගැවස ගත් විශාල භූමියක් බව එක වරම පෙනෙනි. සුදු වැලි අතුරා සකස්කර තිබූ පදික මාවත ඔස්සේ පියවර කිහිපයක් ඉදිරියට ඇදෙනටිට පසෙක නතරව සිටි අයෙක් එකවර මා ඉදිරියට විත් දෑත් දිගුකර මා පිලිගත්තාය. ඔහු ඉදිරිකාලය සදහා ටීටාව විසින් යෝජනා කරන කන්ඩායමේ සිටින රුසියානු තරුනයා වූවාය. ඒත් සමගම අප ඉදිරි කන්ඩායමේ ඉදිරි සාමාජිකයන් වන ඉන්දියානු හා ඔස්ට්‍රේලියානු තරුනියන් විය. "මම මිස්කි" රුසියානු මිතුරා තමන් හදුන්වා දුන් අතර ඉන්දියානු මිතුරිය අයිනා ලෙසත් ඔස්ට්‍රලියානු මිතුරිය ඇඩිසන් ලෙසත් හදුන්වා දුන්නාය.අප  එකිනෙකාට ආචාර කර ගැනීමෙන් පසුව ඉදිරියට ඇදෙන්නට වීමු.
         ටීටාව විසින් මාගේ දෙවන පුරවැසිජීවිතයේ ප්‍රථම දැනීම් අවකාශයට අදාල දත්ත ගොනු තැන්පත්වීම එසැනින් ඇරබී තිබිනි. බීටාවට පෙර යුගයේ මිනිසුන් එකිනෙකා හදුනා ගත්තේ මූලිකව එකිනෙකාගේ නාමයන් භාවිතයෙන් වූවාය.සැබවින්ම එවා අතර සැබෑ සබදතා වූයේ අල්පයන් පමනී. අනෙකා පිලිබදව මගේ සැබෑ හැගීම සගවාතිබුනු අතර මවා ගත් වෙනස් ස්වරූපයන් සමග එකිනෙකා කටයුතු කරමින් සිටියහ. ටීටාව හා මිනිසාගේ සංනිවේදන ක්‍රමවේදය වඩ වඩාත් සියුම් වෙමින් අවසානයේ තම ස්වාමියාගේ මොලයේ බොහෝ දුරට සමාන පිටපතක් ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගැනීමත් සමග තව දුරටත් එකිනෙකා කෙරෙහි වන සැබෑ සබදකම් වසා ගත නොහැකි විය. ව්‍යාජ සබදතාම තම පැවත්මකරගත් සමාජයේ ස්ථර කිහිපයකින් මෙම පියවර පිලිබදව දැඩි විරෝදතාවයක් පල වුනද එයින් මිනිස් සබදාවලට වන සේවය නිසාම එම විරෝදතාවයන් නොසලකමින් ටීටාව ඉදිරියට පැමිනියාය.සරලව පවසන්නේ නම් එහිදී සිදුවන්නේ එම පුද්ගලයා හෝ එම අදාලය පිලිබදව ඔබගේ සැබෑ හැගීම එය හා ඔබ අතර හදුනා ගැනීමේ සංකේතය බවට පත්වන අතර , අකෙක් පුද්ගලයාටද එය සහනයක් වන්නේ අදාල පිටපතක් ඔහු වෙතද ලැබෙන බැවිනි. වෘතිමය හා වෙනත් ආකාරවල සබදතාවලදී එම සබදතාවල ස්වභාවයන්ට අදාල සීමා ඇතුලත කටයුතු කරන්නට සිදුවීම පෘතුවිය මත මිනිස් ශිස්ඨාචාරය පැමිනි මගෙහි වෙනස්ම හැරවුමක් සලකුනු කරන ලදී.

2012-01-08

ටයිම් ලයිනය හදුනාගනිමු.....

ෆේස්බුක් භාවිතයේ ආකෘතිය සරල සාහිත්‍ය මූලික ස්වරූපයක සිට වෙබ් භාවිත මූලික ආකෘතියක් වෙත වෙනස් කර ඇත. "ටයිම් ලයිනය" හදුන්වාදෙමින් පසුගිය සැප්තැම්බරයේ මාර්ක් සකර්බර්ග් පවසා සිටියේ "එය ඔබගේ ජීවිතකථාවයි.ඔබගේ ජීවිතය වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක් කියල කිව්වොත් මම හිතන්නේ නිවැරදියි" කියාය. ෆේස්බුක් ආයතනය තම නවාංගය මේ වන විට ක්‍රමයෙන් ලොව පුරා වෙසෙන භාවිතාකරන්නන් වෙත මුදා හරිමින් සිටින බවටයි පැවසෙන්නේ. ටයිම් ලයිනය තුල සැබවින්ම සිදුවන්නේ ඔබගේ ෆේස්බුක් ගිනුම තුල සියලු ක්‍රියාකාරකම් කාලානුක්‍රමයට පෙලගස්වා පහසුවෙන් මෙන්ම සරලව එක් පි‍ටුවක් තුලදී ඒ කරා නැවත පිවිසීමේ පහසුව සැලැස්වීමයැයි වටහා ගත හැකියි.ඔබගේ උපාධි උත්සවය , විවාහ උත්සවය , ප්‍රථම දරුවාගේ සැපැමිනීම ආදී වූ බොහෝ කාරනා ටයිමලයිනය තුල කාලානුරූපීයව පෙල ගස්වනු හැකිවා සේම පසු අවස්ථාවකදී උවමනා ආකාරයට සංශෝදනය කිරීමේ හැකියාවද ලැබෙනු ඇත.
 
ටයිම් ලයිනය සංක්‍රිය කර ගැනීම....
ටයිම් ලයිනය ඔබේ ෆේස්බුක් ගිනුම තුල ක්‍රියාත්මක වීම තෙයාකාරයකට සිදුවිය හැකියි. මෙම ලිපිනය ඔස්සේ පිවිස එය ක්‍රියාත්මක කරවා ගැනීමට ඔබට හැකිවනු ඇත. නැතිනම් ඔබගේ ෆේස්බුක් ගිනුමේ නිවෙස්න පි‍ටුව (Home Page) තුල ඒ සදහා ආරාධනා සටහනක් පැමිනෙන තෙක් සිට එය සංක්‍රියකර ගැනීමට හැකිවන අතර අවසාන අවස්ථාව වන්නේ ෆේස්බුක් අඩවිය විසින් එය ස්වංක්‍රීයව සංක්‍රීය කරන තෙක් බලා හිදීම වේ.
ඔබගේ ටයිම් ලයිනය සංක්‍රියවීමෙන් අනතුරුව ඔබවෙත යොමුවන පලමු තේරීමේ අවස්ථාව වන්නේ එය එලසින්ම ප්‍රසිද්ධ කරනවාද නැතිනම් සංශෝදන සදහා යනවාද යන්න වේ.දෙවන අවස්ථාව ‍තෝරා ගැනීමෙන් පසුව දින හතක පමන කාලයක් ඔබට අවැසි අයුරින් එය සංශෝදනය සදහා අවස්ථාව ලැබෙනු ඇත.
 

2012-01-07

රූපවාහිනී භාවිතයේ නව ප්‍රවනතා.......

විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී
සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් වෙනසකට භාජනය වී
ඇත. හුදු රූපවාහිනී තරංග ආයාමයක් ඔස්සේ අප වෙත දෘඩ කාලසටහනක් සමග පැමිනි එම සේවාවන්
අන්තර්ජාලය හා වෙනත් දත්ත තාක්ශනයන් ඔස්සේ මහත් වෙනසක් සමග පැමින ඇත. එහි වූ ඍජු බව
භාවිතාකරන්නගේ පහසු හා අපහසු කාල වේලවන් සමග ගලපාගත හැකි වෙමින්  අතීත වැඩසටහන් කරා
නැවත පිවිසිය හැකි වෙමින් මෙන්ම රූපවාහිනී යන්ත්‍රයකට පමනක් වූ පෙර සීමාවන් නිමා කරමින් නිවසේ
ඔනෑම දත්ත උපකරනයකට එකග වෙමින් එය නෑවත පැමින ඇත.
               වර්ථමානයේ එක්සත් ජන පදය ආශ්‍රිතව කරන ලද හැදෑරීමකින් හෙලිවූවේ සජීවීව රූපවාහිනී
සේවාවන් නරබන පිරිස සියයට 0.2 දක්වා අඩුවීමක් දැකිය හැකි බවය.තවත් අතකින් බිහිවන නව
නාලිකා ප්‍රමානය ඉහලයැමේ ප්‍රවනතාවය වඩාත් වැඩි වෙමින් ඇත.තවත් අතකින් සාම්ප්‍රධායික රූපවාහිනී
සේවාවන් වන බී.බී.සි , ස්කයි වැනි සේවාවන් අතරට නව මානයක් ‍රැගෙන ගූගල් ටී.වී වැනි සේවාවන්
සපැමිනිමින්ද ඇත.තාක්ශනිකව සලකන විට දෙමුහුන්  ස්වභාවයක් ගන්නා මෙම නව සේවාවන් ගැන
නිශ්චිත මතයකට එලබෙන්නට තවමත් ඉක්මන් වැඩි විය හැක.
                 සමස්ථයක් ලෙස විද්වතුන් පවසමින් සිටින්නේ සාම්ප්‍රධායික උපකර බොහොමයක් (පරිගණකය , රූපවාහිනිය ..) එකිනෙක මත ගොනු වෙමින් ඒවායේ සාම්ප්‍රධායික ආකෘතීන් මියයාම 2012 වසරේදී අනිවාර්ය කාරනාවක් වීම ස්ථිර බවයි.

දත්ත මිනිසා......

එම දිගු වීදුරු කුටියේ අවසානයේ ජපන් යුවතියකගේ ස්වරූපයට නිමකර තිබූ රොබෝ යුවතියන් හතර දෙනෙකු විසින් එලබෙන වසර හතරක කාලය පුරාවට අවශ්‍යවන පෙළ පොත් (මෙය ඉතා පැරනි කාලයේ භාවිතාවූ මෘද්‍රනයෙන් බිහිවූ පොත් විශේෂයකි) සියල්ල සම්බන්දවන ඉලෙක්ට්‍රොනික කඩදායිය ලෙසට නම් කෙරෙන පෙරකාලයේ නම් බහුලව භාවිතාවූ ඝනකම ඉට්කවර කැබැල්ලක් වැනි වූ ඊ පොත් කියවනය අප එකි නෙකා වෙත ලබා දෙමින් සිටියහ.අතීතයේ විසු යමැක් මෙය කියවන්නට පෙලබුනහොත් පත්විය හැකි අපහසුතාවය සලකා එය මදක් විස්තර කලයුතු යැයි සිතමි.සරලව පවසන්නේ නම් අඩි එක හමාරක් පමන දිග පලල  මදක් ඝනකම  ඉටිකවර කැබැල්ලක් වැනි යමක් වූවද ඔබේ අතගිලි වලට දැරිය හැකි උපරිමය දක්වා නවමින් පසුම්බියක වුවද ලාගෙන යාහැකි උපකරනයක් විය. එය සම්පූර්නයෙන් දිග හැරිය සැනකින් ඊ පොත් කියවනයක් ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනී. පෙරකී ආකාරයේ අතීත පාඨකයෙකුට නම් ගැටලු බොහොමයක් ඇති විය හැක...........


ගූගල් ක්‍රෝම් 17 බීටා නිකුත්වේ...

ගූගල් ආයතනය තම ප්‍රකට වෙබ් බ්‍රවුසරයේ 16 වන සම්පූර්න සංස්කරනයේ  නිකුතුවෙන් මාසයකට පමන පසු වන විට එහි 17 වන සංස්කරනයේ බීටා නිකුතුව භාවිතකරන්නන් සදහා මුදා හැර තිබෙන බවයි පැවසෙන්නේ. නව සංස්කරනයේදී ආරක්ශාව හා වේගය යන කාරනා වල වර්ධනයක් සමග  සමන්විත බවටයි  ඔවුන් පවසා සිටින්නේ. බොහෝ විට භාවිතාකරන්නා වෙබ් ලිපිනයක් සටහන් කරන්නට පටන්ගන්නාවත් සමග පසුබිමින් වෙබ් පි‍ටුව සූදානම්වීම හා ආරක්ශිත වෙබ් සැරිසෑරීමක් තහවුරු කිරීම සදහා පරිගණකය වෙත සයිබර් අවකාශයෙන් ලැබෙන දත්ත ගොනු අතර ඇති ඇති ක්‍රියාකාරී මෘදු කොටස් ගැන භාවිතාකරන්නා දැනුවත් කිරිමක් සිදුවනු ඇති බවටයි පැවසෙන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන්  වැඩිදුර විස්තර හා එම මෘදුකාංගය බාගත කිරීමේ හැකියාව ඔබටත් ලැබෙනු ඇත.

http://www.downloadcrew.com/article/24217-google_chrome_beta

2012-01-06

ස්පෑම් ඊමේල භාවිතය පිලිබදව....

ස්පෑම් ඊමේල භාවිතය පිලිබදව හදාරන්නන් පවසන්නේ අවමවීමක්  දක්නට ලැබෙන බවයි. ගතවගිය නොවැම්බර් මාසයේ එක් දිනක් තුල හුවමාරුවූ ඊමේලයන් බිලියන 8ක් භාවිතාකරමින් ඔවුන් කරනු ලැබූ ගනනයේදී එය සියයට 70.5 දක්වා අඩුවූ තිබෙනු බව පවසා සිටින්නේ 2008 වන විට පැවති තත්වයවූ සියයට 90 ක් ලෙසට වූ වාර්ථාවලට අනූව බවයි. වැඩිදුරටත් ඔවුන් පවසා සිටින්නේ මෑතකදී බිදදමන්නට සමත්වූ බොට්නෙට් ආකාරයේ හානිකර පරිගණක පද්ධති කිහිපය ක්‍රියාකාරීත්වය මේ සදහා බලපාන්නට ඇති බවයි.2009 වසරේ ස්පැම් හුවමාරුවෙන් ගෙන් සියයට 40 පමන ඉන් එක් පද්දතියකින් සිදුවූ අතර ඒ සදහා ලොවපුරා පරිගණක මිලියන 2.4ක් පමන  ඔවුන්ගේ ග්‍රහනයට පත්ව තිබූ බවටයි සටහන් වන්නේ. -- නම් වූ හානිකර පරිගණක පද්දතිය  මේ වන විට ලොවපුරා හුවමාරුවන ස්පෑම් වලින් වැඩි ප්‍රමානයකට වගකිව යුතු බවට පවසන අතර ලොව පුරා පරිගණක මිලියන භාගයකට ආසන්න ප්‍රමානයක් ඔවුන්ගේ ග්‍රහනයට පත්ව ඇති බවටත් පවසා සිටිනවා.
                මෙම අවප්‍රමානයවීමට අනෙකුත් හේතුවක් ලෙස ඔවුන් පවසා සිටින්නේ පහර දෙන්නන්ගේ වැඩි අවධානය සමාජ ජාලා වෙත යොමුවීම ලෙසටත් සටහන් වෙනවා.ස්පෑම් මුදාහැරීම රටවල ලෙස සලකන විට ඇමරිකාව තුලින් සියයට 28 ලෙසටත් ඉන්දියවෙන් 5.7 ලෙසටත් චීනයෙන් සියයට 4 ලෙස දැකිය හැකි බවටයි ඔවුන් පවසන්නේ.

වින්ඩෝස් 8 සමග "රී සෙට් හා රී ප්‍රෙෂ්" කිරීම....

වින් 8 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතර "පරිගණකය රීසෙට් කිරීම " හා "රී ෆ්‍රෙෂ් කිරීම" යන දේ අංගයන් භාවිතාකරන්නන් හට මහත් සහයක් වනු ඇති බවටයි පැවසෙන්නේ. මින් පෙරදී නම් මූලික මෘදුකාංග ස්ථාපනයෙන් පසු "බැකප්" පහසුව ඔස්සේ පිටපතක් ලබා නොගත හොත් දරුනු මට්ටමේ මෙහෙයුම් පද්ධති බිදවැටීමකදී අනිවාර්යයෙන් සිදුවන්නේ නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයට මෙහායින් වන වෙනත් විකල්පයක් නොමතිවීම භාවිතාකරන්නන් හට මහත් අපහසුවක් ගෙන දෙන කාරනාවක්ව පැවතුනි.
      වින් 8 සමග එන "රී සෙට්"  පහසුව ඔස්සේ සිදුවන්නේ භාවිතාකරන්නා විසින් විටින් විට පරිගණකය වෙත එකතු කරන ලද සියලුම දත්තයන් මකා දමා දෘඩ තැටියේ මෙහෙයුම්පද්ධතිය පැවති කොටස සම්පූර්නයේ  ෆෝමැට් කිරීමකට භාජනය කිරීම වන අතර එම ක්‍රියා වලිය අවසානයේ අලුතින් මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කලාහා සමාන තත්වයකට පරිගණකය පත්වන බවටයි පැවසෙන්නේ.
          රී ප්‍රෙෂ් කිරීමකදී සිදුවන්නේ භාවිතාකරන්නාගේ දත්තයන් , සැකසුම්  හා ඇප්ස් ආදිය වෙනම පිටපතක් සේ තබාගෙන, ඉන්පසුව මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කරන අතර ඉන්පසුව භාවිතකරන්නාගේ දත්තයන් , සැකසුම් හා ඇප්ස් ආදිය   අදාල ලෙසට එයතුලට ඇතුලු කිරීම ලෙසටයි සටහන් වන්නේ.

2012-01-05

එය නපුරා ආ මග සොයා ගොස් මූලයට පහර දෙනු ඇත....


2008 වසරේ සිට ජපානයේ විද්වතුන්ගේ එක් උත්සාහයක් වූවේ සයිබර් අවකාශය තුල මෘදු පහර දෙන්නෙකු පැමිනි මග සොයා ගොස් එතැනට පහරදී අඩපන කොට දැමිය හැකි මට්ටමේ වෛරස ප්‍රතිපහර දෙන්නෙකු නිර්මානය කිරීමයි. සරලව පවසන්නේ නම් අන්තර්ජාලය තුලදී වන පහරදීමකදී එම මෘදුකාංගය නිදහස් කල සර්වරය හා අදාල පරිගනකය  දක්වා ගොස් සියල්ල අඩපන කොට දමන්නට තරමේ මෘදුකාංගමය ප්‍රතිපහර දෙන්නෙකු නිර්මානය කිරීම ඔවුනගේ උත්සාහය වී තිබුනා.
    පලවන නවතම පුවතකට අනූව අත්හදා බැලීම් සාර්තක මට්ටමක පවතින බවත් , සමහර විටක සිදුවන ආකාරයේ පහරදෙන්නා සැගවී සැබෑ භාවිතාකරන්නා නොදැනීම තම පරිගණකය පහර දෙන්නෙකු අතට පත්වී ඇති වැනි අවස්ථාවකදී වඩා සංකීර්නව තත්වයන් තේරුම් ගෙන කටයුතු කිරීම වැනි අමතර අවස්ථාවන් ගැන මේ වන විට තම හැදෑරීම් යොමුවී ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

‍ෆ්‍රී ඩොස් 1.1 සංස්කරනය නිකුත්වේ.....

මුල්ම න් නිකුතුවෙන් වසර 17 පසු (1994) , අවසන් සංස්කරනය (1.0) නිකුත් කොට වසර පහකට පමන පසු ‍ෆ්‍රී ඩොස්  (එම් එස්-ඩොස් හි නිදහස් මෘදුකාංග සංස්කරනය) හි නවතම සංස්කරනය 1.1 භාවිතාකරන්නන් සදහා නිකුත්කොට ඇති බවටයි පැවසෙන්නේ.
    1994 දී මයික්‍රසොෆ්ට් ආයතනය එම් එස්- ඩොස් සදහා ඉදිරියට සහයා වෙනම මෘදුකාංගයක් ලෙසට සහය නොදක්වන බවට නිවේදනය කිරීමෙන් පසුව මෙම නිදහස් සංස්කරනය නිකුත්වූ අතර ඉතා සෙමින්  වර්ධනය වූ මෘදු සංස්කරනයක් ලෙසටයි පැවසෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම සංස්කරනය මෙන්ම වැඩිදුර විස්තර ලබා ගත හැකි වනු ඇත.
http://sourceforge.net/news/?group_id=5109&id=305444

2012-01-04

කඩදාසි භාවිතයෙන් තොර සමාජයක්.......

ඉලෙක්ට්‍රොනික අවකාශයතුල මිනිස් වර්ගයාගේ යෝධතම නිර්මානයක්වූ කඩදාසි පත ගිලී යනු ඇති බවට මතවාද පලවෙන්නට පටන් කලකට පෙර පෙර සිටය. කඩදාසි පත් භාවිතයෙන් තොර සමාජයක් ගැන අදටත් විවිධ මත පලවෙමින් ඇත. ඇමරිකානු ආයතනයක් පසුගියදාක එරට වැසියන් 1142 ඇසුරින් කරනු  ලැබූ මත විමසුමකට කාරනය කරගෙන තිබුනේද මේ පිලිබදවය. අවසාන ගනනයෙන් හෙලිවූවේ සහභාගීවූවන් සමස්තයෙන් 56 විස්වාස කරමින් සිටින්නේ ඇමරිකාව කිසිදිනක කඩදාසි භාවිතයෙන් තොර සමාජයක් කරා ගමන් නොකරනු ඇති බවකි. තම සමාජ කඩදාසි භාවිතයෙන් තොර තත්වයක් කරා කවදා හෝ ගමන් කරනු ඇතැයි එකගතාවය පලකරන ලදව තිබුනේ සමස්තයෙන් සියයට 20 වන අතර සියයට 24 නිශ්චිත මතයක් පලනොකර සිටින්නට කැමතිවී තිබුනි.ස්ත්‍රී පුරෂ, වයස් කාන්ඩ, දේශපාලනික ආදීලෙස මෙම සහභාගී වූවන් ගේ මත පලකිරීම් කාන්ඩකර පහත දැක්වෙන සේ නිකුත්කර තිබුනි.


Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...