2012-12-15

මයික්‍රසොෆ්ට් වින්ඩෝස් අංශයෙහි නව ප්‍රධානී වින්8 ගැන මෙසේ පවසයි....



මයික්‍රසොෆ්ට් හි වින්ඩෝස් අංශයෙහි නව ප්‍රධානීතුමිය තම තම රාජකාරී අරබා මේ වන විට මාසයක් පමන ගත වෙමින් ඇත. පසුගියදා ඇය ප්‍රථම වතාවට ප්‍රධාන මාධ්‍ය හමුවකට සහභාගී විය. ඇය එහිදී වින්ඩෝස් 8 ගැනද තම අදහස් පලකරන්නට විය.
                                  ඇය පැවසුවේ වින්ඩෝස් 8 යනු 25 වසරක ස්තිතික වින්ඩෝස් ඉන්ටර්ෆේසය පවතින භාවිත පරිසරයට ගැලපෙන ලෙසට නම්‍ය කරන්නට නව මොඩර්න් ඉන්ටර්ෆේසය සමත්ව ඇති බවයි. වේගයෙන් නව වින්ඩෝවන් විවෘත කරමින් ඒවා අතර පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව මෙන්ම සජීවීව යවත්කාලීන වන ටයිලයන් සමග එක මොහොතකදී පරිගණකය සමග ඇති සියලු ඇප්ලිකේශනයන් සමග අවසන් මොහොත දක්වා වන තොරතුරු දැන ගැනීමේ හැකියාව ඇය තම අදහස් දැක්වීම තුල ඉස්මතුකොට දැක්වූ බවටයි වාර්ථා පවසන්නේ. ස්පර්ශක තිර භාවිතය ස්ථීරවම අනාගත පරිගණක භාවිතයේ ප්‍රධාන ක්‍රමවේදය වනු ඇති බවට පවසන ඇය වින්ඩෝස් 8 ඉන්ටර්ෆේසය වෙතට වන ප්‍රථිචාරයන් ගැන අවසන් තීර්නයකට එන්නට තවමත් කාලය මදි බවත් එලබෙන කාලය තුලදී භාවිතාකරන්නන් අතර නව ඉන්ටර්ෆේසය වඩාත් ප්‍රචලිතවිම අනිවාර්ය වනු ඇති බවටයි බලාපොරොත්තු පලකරනු ලැබුවේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...