2012-10-29

"සෑම නිවසකටම , මේසයක් මතටම පරිගණකයක් "



"සෑම නිවසකටම , මේසයක් මතටම පරිගණකයක් " මයික්‍රසොෆ්ට් ආරම්භයේ සිටම සිටම වූ ඉලක්කයකි. ලොව පුරා නිවෙස් , ආයතන ලෙසට විවිධ භාවිතාවන් තුල එනම් පෞද්ගලික පරිගණක , සර්වර් ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ බිලියනයකට අදික භාවිතාවක් මේ වන විට මයික්‍රසොෆ්ට් වින්ඩෝස් හිමිකර ගෙන තිබීම තුල ඔවුනගේ ඉලක්කය සෑහෙන දුරකට සාර්ථක කර ගෙන ඇති බවට හොද සාධකයකි.
                       මයික්‍රසොෆ්ට් දෘඩාංග ගමන් මගෙහි තීර්නාත්මක සලකුනක් පසුගියදා වින්ඩෝස්8 නොහොත් මයික්‍රසොෆ්ට් මීලග මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීමට සමාන්තරව සර්ෆේස් නමින් වින්8 සදහාම නිර්මානයවූ ටැබ් උපකරනයක් හදුන්වා දෙමින් සටහන් කලේය.තම සර්ෆේස් උපකරනය හදුන්වා දෙමින් මයික්‍රසොෆ්ට් ප්‍රකාශකයා පවසා සිටියේ මෘදුකාංග හා දෘඩාංග එකි නෙකා මත වර්ධනයවෙමින් යන ගමනක් බවත් තම නව දත්ත උපකරනය, වින්8 සාම්රදායික වින්ඩෝස් භාවිතය නැවත නිර්මානය කර ඇතිවා සේම එය භෞතිකව සටහන් වන ආකාරය බවත්ය. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ රාජකාරී ජීවිතයේත් විනෝදාස්වාදන ජීවිතයේත් , සුවපහසු අස්නමත සිටත් මේසය මත සිටත් පමනක් නොව ජංගමවත් බාදාවකින් තොරවත් එකසේ පරිගණක භාවිතාවකට සහයවීම සර්ෆේස් ලෙසට හදුන්වා දෙන බවය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...