2012-10-24

වින්ඩෝස් 8 ඔබ හදුනා ගත යුත්තේ ......


වින්ඩෝස් 8 ඔබ හදුනා ගත යුත්තේ පෙර වින්ඩෝස් සංස්කරන සමග ලත් අත්දැකීම් තුලින් නොවිය යුතුබව අවධාරනය කල යුතුව ඇත.මුලින්ම එය ඩෙස්ටොප් පරිගණක මෙහෙයුම් පද්ධතියක සිට දත්ත උපකරන මෙහෙයුම් පද්ධතියක් බවට පත්ව ඇත.වින්ඩෝස් දුරකථනය , සර්ෆේස් ටැබ්ලටය සාම්ප්‍රධායික පරිගණකය ආදී වූ සියලු උපකරන මත්තෙන් එකසේ ගලා යමින් දෘඩාංග සීමා සංකල්පය යටපත් කරමින් භාවිතාකරන්නා වැදගත් නැතිනම් ප්‍රධාන වන නව භාවිතාවක් ‍රැගෙන විත් ඇත.තවත් අතකින් ස්පර්ශක මූලික භාවිතාව යතුරු පුවරුව හා මවුසය මූලික භාවිතාව සමග සමාන ‍තෝරා ගැනීමේ අවස්ථාවක් ‍රැගෙන විත් ඇත.
                            වින්ඩෝස් 8 සමග වන මෙම නව ප්‍රවනතා කිහිපයක් මෙසේ විග්‍රහ කල හැකිව ඇත. වින්8 ස්ථපනයේදීම ඔබට වර්න ගොනුවක් තොරා ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.සමහර විටක එය ස්ථාපන ක්‍රියාවලියට යම් පමාවක් ගෙනෙනවා විය හැකි මුත් කැපී පෙනෙන බාදාවක්ව තිබෙනවා යැයි සිතිය නොහැක.ස්ථාපන ක්‍රියාවලිය තුලදීම මයික්‍රසොෆ්ට් ලයිව් ගිනුමක් සදහා ලොග් වීමේ අවස්ථාවක් ලැබෙන අතර ඒ වන විටත් ඔබ සතුව වෙනත් උපකරනයකට වින්8 ස්ථාපනය කර එය අන්තර්ජාලය හා සම්බන්දව ඇති නම් එය හා සම්බන්දවීමේ අවස්ථාව ලැබෙනු ඇත.එසේම එම ස්ථාපන ක්‍රියාවලිය තුලදීම වින්8 භාවිතාව ගැන පැහැදිලි කිරීම් තුලදී හොට් කෝනර්ස් චාර්ම් මෙනුව ආදිය ගැන පැහැදිලි කරගත හැකිවනු ඇත.

 
බොහෝ විට ස්ථාපන ක්‍රියාවලිය විනාඩි 25ක පමන වනු ඇත.අවසානයේ ඔබව ස්ටාර්ට් මුහුනත වෙතට ගෙනයනු ඇත.ස්වංක්‍රීයව ඔබ සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාකරන්නෙකු හෝ ටැබ්ලට් භාවිතාකරන්නෙකුද යන බව හදුනා ගෙන මවුසය හෝ ඇගිලිතුඩ තුලින් කරන මෙහෙයුම බලාපොරොතුවන සැකසුම් වලට පත්වනු ඇත.අනතුරුව ලැබෙන හුරුපුරුදු සැකසුම් තේරීම් අවස්ථා කිහිපයකට පසු මයික්‍රසොෆ්ට් සේවාවන් අතරින් දැනට ඔබ ක්‍රියාත්මක කරවා ගෙන ඇති ගිනුම් සමග සම්බන්ද වීමේ අවස්ථාව එලබේ.ස්කයිව් ඩ්‍රයිව් , ලයිව් මැසෙන්ජර් , එක්ස් බොක්ස් ආදී බොහෝ සේවාවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාව මේ තුලින් ඔබට උදා වෙනු ඇත. දැනට මත එවැනි ගිනුම් ඔබ වෙත නැතිනම් ඒවා නිර්මානය කර ගැනී අවස්ථාවද ලබා ගත හැක. වින්8 හි උපරිම ප්‍රයෝජනය සදහා මෙම ගිනුම් සබදතා වැදගත් වනු ඇති බව අවධාරනය කල යුතුව ඇත.

 
නව ස්ටාර්ට් ස්ක්‍රීනය හුරුපුරුදු ඩෙස්ටොප් ස්වරූපයෙන් මදක් වෙනස් වීම සමහර විටක මද අපහසුවක් ගෙනෙන ඇති මුත් "ස්ටාර්ට්" මුහුනත නැතිනම් "නව භාවිතාකරන්නාගේ" මුහුනත වින්ඩෝස්8 හි අනන්‍යතාවයකි. ආරම්භයේදී එම මුහුනත මත මූලික "ඇප්ස්" කිහිපයක් දක්නට ලැබෙනු ඇත. මේල සබදතාවය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සබදතාවය ඇතුලු කිහිපයකින් එම මුහුනත සමන්විත වනු ඇත.මෙම ස්ටාර්ට් ස්ක්‍රීනය අපට හුරුපුරුදු පෙර මයික්‍රසොෆ්ට් සංස්කරන වල පැවති ස්ටාර්ට් බටනයේ නව සංස්කරනය ලෙසට වටහා ගත හැක. තරමක් විශාල ටයිල් ලෙස ඇතිරෙන මෙම ඇප්ස් වල සමහර ඒවායේදී ඒවා විවෘතකිරීමකින් තොරව තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින ඇත. කාලගුනය පිලිබද ඇප් ටයිලය මත යාවත්කාලීනවෙමින් කාලගුනික තොරතුරු මේල සබදතා ඇපය මත ලැබී ඇති නව ඊමේල ප්‍රමානය ආදී තොරතුරු මෙන්ම ප්‍රවෘති ඇපය මත ඒ පිබද විස්තර ආදිය පහසුවෙන් දැක්වෙනු ඇත. මෙම ස්ටාර්ට් මුහුනත මත බොහෝ වෙනස් කම් කිරීමේ අවස්තාව ලැබෙනු ඇත. ඇප්ස් ස්ටෝර් වෙත පිවිසීමෙන් බොහෝ ප්‍රමානයක් වන ඇප්ස් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
 
 
වින්ඩෝස් 7 වලදී අත්විදි ආකාරයේ ඩෙස්ටොප් එකක් වින්8 තුලදීද හමුවිය හැක. එය බොහෝ දුරට ස්ටාර්ට් බටනය හැරෙන්නට වින්7 වලදී අත්විදි පහසුකම් සහිත ඩෙස්ටොප් එකකි. එහෙත් ටාස්ක් බාරය වඩාත් දියුනු කර ඇත. සවිස්තරව පරිගණකයේ ක්‍රියාකාරකම් ඉදිරිපත්කර ඇත.  ඒවා පාලනය කිරීමේ හැකියාවද වඩාත්ව ලබා දී ඇත. ගොනුවක් කොපි කිරීම වැනි ක්‍රියාවලියකදී එම වෙනස වඩාත් හොදින් අත්විදිය හැක.
 
 
 අහිමි වූ ස්ටාර්ට් බටනය වෙනුවට "හොට් කෝනර්" සමග නව ආකාරයට එම පසසුකම් අත්විදීමේ හැකියාව ලැබී ඇත. මවුසයේ කර්සරය මොනිටරයේ දකුනු පහල කෙරවලට ගෙන ගිය විට ස්ටාර්ට් හෝවරය ක්‍රියාත්මක වනු ඇත.එය සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාවත් අතැගිලි මතින් මෙහෙවන ටැබ්ලට් භවිතවටත් සමබර වන ලෙස නිර්මානය වී ඇත්තක් වන අතර උපකරන අතර මිත්‍රත්වය වඩාත් ඉස්මතුවන ලෙසින් පහසුවෙන් වෙනත් උපකරනයක් හා සම්බන්දවීමේ පහසු මගත් එම උපකරන දත්ත ගොනු පහවුවෙන් හුවමාරුකර ගැනීමේ හැකියාවත් දැක්වෙනු ඇත. වම් කෙරවල වෙත කර්සරය ගෙන ගිය විට මේ වන විට පරිගනකයේ විවෘතව ඇති ක්‍රියාකාරකම් අතර පහසුවෙන් හුවමාරුවීමේ අව්ස්ථාව ලබාදෙන බාරයක් විවෘත වනු ඇත.
 
 


සටහන් වෙමින් පවතින ලිපියකි.....

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...