2012-09-20

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8,9 සදහා නව හානිකරයක් හදුනා ගැනේ.........

 
හදාරන්නන් පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සදහා ඉලක්කවූ තවත් ට්‍රෝජන් ආකාරයේ හානිකර මෘදුකාංගයක් හදුනාගෙන ඇති බවයි. ඔවුන් පවසන්නේ සාර්ථක පහරදීමකින් අනතුරුව පරිගණකය දුරස්ත පාලනයකට යටත්වීමේ අනතුර මෙම හානිකර මෘදුකාංගයේ ස්වභාවය බවයි. දිනකිහිපයකට පෙර ප්‍රකාශ වූ මැල්වෙයාර් හදුනා ගැනීම මෙන්ම මෙම මෘදුකාංගයද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8,9 සංස්කරන සියල්ලටම හදුනා ගෙන ඇති මුත් තවනත් පිලිසකර යාවත්කාලීන නිකුත්කර නොමැති දුර්වලතාවය සමග හානිකර විය හැකි බවයි.ඔවුන් පවසන පරිදි මෙම වසරේ මුල්භාගයේ සිටම මෙම හානිකර මෘදුකාංගය වරින් වර  දක්නට ලැබුනු මුත් අදාල ස්වරයන්ට අනූව පසුගිය 14 දින සිට එහි නව සංස්කරනයක් දියත්කර ඇති බවට පෙනෙන්නට තිබෙන බවයි.
        මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ මෙම හානිකර හදුනා ගෙන ඇති බවත් ඉදිරියේදී යාවත්කාලීනයක් නිකුත්ලිරීමට නියමිත බවත්ය. එහෙත් සාමන්‍ය මාසිය යාවත්කාලීන ගොනුව නිකුත්කරන්නට ඉදිරි සති තුනක කාලයක් ඇති මුත් වෙනම යාවත්කාලීනයක් ලෙසට එය නිකුත්වේද යන්න එම නිවේදනයේ සදහන් නොවේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...