අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට............
මහත්සේ නිශ්චල ඔවුනගේ ජීවන රටව තුලදී , දියුනු යැයි සම්මත සමාජයන් වල සිදුවන නෙක හැල හැප්පීම් සමාජ විද්‍යාව අනූව සංස්කෘතික අසහනය ලෙස නම් කරමින් සමාව ඉල්ලා සිටින්නට තර්ක ගොඩ නගන සමාජ විද්‍යා විද්වතුන් මෙම පරිසරය තුලදීනම් මහත්සේ අසරන වනු නියතය. නොහික්මුනු තරගය වෙනුවට මෙහි ඇත්තේ අපූරු හික්මීමකින් වර්නවත් වූ තරගයකි.දියුනු සමාජ වලදී නම් සමහර විටක ගෝත්‍රික බවත් ඉක්මවා ගිය පුද්ගලත්වයේ ගොරෝසු මතුපිට වෙනුවට ගම්වැසියන් තුල දක්නට ඇත්තේ මහත්සේ සියුම්වූ පුද්ගලත්වයකි.එකි නෙකා පරයා යෑම තමන්ගේ දුර්වල බවක් ලෙසට හැගෙන සේ ඔවුනගේ සංස්කෘතිය කෙලෙස දැයි වටහා ගැනීම මහත්සේ අසීරු කාරනයකි.
