2012-07-01

වින්8 සමග වැඩි ආරක්ශාවක්...

සියලුම පාහේ මෙහෙයුම් පද්ධති අතර වඩාත් නව සංස්කරනයන් සමග පැමිනෙන නවාංග අතරින් ඉහලින්ම සටහන් වන කාරනාවක් වන්නේ ආරක්ශාව අතින් වැඩි දියුනු කිරීම්ය.බොහෝ විට භාවිතාකරන්නන් තම මීලග මෙයුම් පද්ධතිය ගැන සැලකීමේදී එහි ආරක්ශක ස්වභාවයන් ගැන  සැලකීම බොහෝ විට දැකිය හැක. මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබදව පවසන දෑ අතරද වැඩි දියුනු කරන ලද ආරක්ශක උපංක්‍රම ඉහලින්ම සදහන් කරයි.
                                                       වින්ඩෝස් 8 පැමිනෙන්නේම ආරක්ශක මෘදුකාංගයක් සමගයි.ඔවුන් පවසන්නේ මෙයුම් පද්ධතිය ස්ථාපනයේදීම මූලික ආරක්ශක ගුනාංග සහිත වැඩි දියුනු කරන ලද "වින්ඩෝස් ඩිෆෙන්ඩර්" මෘදුකාංගය පරිගණකයට ලැබෙන අතර "සිකියුරිටි එසෙන්ෂල්" හෝ වෙනත් ආරක්ශක භාගත කිරීමකට තීර්නය කරන තෙක් පරිගණකය වෙතට ‍රැකවරනය දීමට සමත්වන බවයි. අවශ්‍ය විටකදී එය අක්‍රිය කොට වෙනත් මෘදුකාංගයකට යාමට හැකි වන බවයි.
                                                                      ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සමග පැමිනි අංගයක්වූ "ස්මාර්ට් ස්ක්‍රීන්"  සැම බාගත කිරීමක් දෙසම විමසිලි මත්ව භාවිතාකරන්නා එයින් ආරක්ශා කරගැනීම පිලිබද පොරොන්දු පල කරනු ලැබුවා.ඊට අමතරව වෙබ් අඩවි වල පිරිසුදු භාවය  නිරන්තරයෙන් විමසිල්ලෙන් සලකා බලමින්  අනතුරු දායක අවස්ථාවක් ගැන පෙර දැනුම් දීමකට සුදානමින් සිටින  බවත් පවසුවා. ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 සමග මෙම ගුනාංගයන් මෙහෙයුම් පද්ධතියටම සවිව පැමිනෙන අතර භාවිතාකරන බවුසරය කුමක්වූවද භාවිතාකරන්නා ආරක්ශාකර ගැනීමට සුදානමින් සිටින බවයි. එසේම පෙර භාවිතාකරන්නන්ගේ චෝදනාවක් වූ නිරන්තර අනතුරු ඇගවීම් නිසා වන අපහසුව නිමා කරමින් අදාල අවස්ථාවලදී පමනක් අනතුරු අගවන්නට කටයුතු කරන බවටයි පොරොන්දු වෙමින් සිටින්නේ.
                                                                                එසේම බූට් ක්‍රියාවලියේදී වැඩි වේගයක් හා ආරක්ශාවක් සහතික කරනු ලැබ සිටිනවා. තප්පර 8 ක වෙගවත් බූට් වීමක් මෙන්ම බූට්කිට් හෝ රූට් කිට් වැනි මැල්වෙයාර් වල හානිකර බූට් වීමක් සදහා ඉඩ සම්පූර්නයෙන් මැඩලමින් නව තාක්ශනික උපංක්‍රම පැමිනෙන බවටයි පොරොන්දුවන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...