2012-05-26

නන්නාදුනන දේශකයා හා so.cl අඩවිය.....


"අපිට හිතන්නට වෙනවා මෙම නව සමාජ ජාලය ගෙන එන වෙනස වෙනස් විදිහකට. එක අතකින් බලනකොට ලෝක ව්‍යාප්තජාලය කරුනු වලින් තෘප්ත තත්වයකට පැමින තිබුනද ඒවා කරා ලගා වීමේ මාවත්වල හුදකලා බවක් හොදින්ම දකින්නට තිබුනා. සමාජ ජාලාවල සම්ප්‍රදායිකව ස්වභාවය වුනේ සාමන්‍ය මිනිස්කම හා වෙළද අරමුනු මිසක පෙර කී තෘප්ත බව ලෝකයේ සියලු කෙරවලවල්  කරා ගොස් ජීවිත ඉහලට ගෙනෙන තීර්නාත්මක සාධකයක් වන්නට නොවේ. මයික්‍රසොෆ්ට් ආයතනය මෑතකදී හදුන්වා දුන් සමාජ ජාලය තරමක හෝ වෙනසක් සදහා හොද ආරම්භයක් ලබාදී ඇති බවයි සමහර වියතුන්ගේ මතය වී ඇත්තේ.
                                                       මම ඔබට යෝජනා කරනවා ඔබ දැනට ස්පර්ශ කරන තොරතුරු අල්පයට වඩා වැඩි අවකාශයක් ලෝක ව්‍යාප්ත ජාලය තුලින් ඇසුරු කරමින් ලබන දැනුම තුලින් මුහුකුරාගිය වියතෙකු වන්නට ඔබට අවස්ථව තිබෙනවා කියලා. අවාසනාවකට මෙම විශාල අවකාශය වෙත කම්මැලි සහගත බැල්මකට වඩා වැඩි අවධානයක් හෙලන්නට උනන්දු කරවන සයිබර් උපකරනයක් තිබුනේ නැහැ.නව සමාජ ජාලය අලුත් ආරම්භයක් , වෙනස් මානයක් ‍රැගෙන එන්නට උත්සාහ කරන බවයි මගේ මතය වෙන්නේ......"

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...