2012-05-24

වසරේ පලමු කාර්තුවේදී වැඩිම "මැල්වෙයාර්" ප්‍රමානයක් හදුනා ගැනේ..


මෑකා‍ෆි ආයතය පවසන්නේ පසුගිය වසර 4 ගැන සලකන විට මෙම වසරේ පලමු කාර්තුව හානිකර මෘදුකාංග මුදා හැරීම් අතරින් ඉහලම සංක්‍යාවක් වාර්ථාකරමින් සිටින බවයි. ඔවුන් පවසන්නේ එය ගනනින් මිලියන 83 ක හානිකර මෘදුකාංග ආදර්ශක සංක්‍යාවක් ඔවුන් හදුනා ගෙන ඇති බවයි. ව්‍යාජ අරක්ශක මෘදුකාංග පැතිරීම අවම වෙමින් පැවතුනද ව්‍යාජ  ආරක්ශක සිග්නේචරයන් සහිත මෘදුකාංග පැතිරීමත් රූට්කිට් හා අවසර පද සොරාගන්නා ට්‍රෝජනයන් ඉහලයමින් පවතින බවටත් ඔවුන් පවසා සිටිනවා.මැකා‍ෆි ආයතය අවසර පද සොරා ගන්නා ට්‍රෝජනයන් ආදර්ශක 200,000 හදුනා ගැන ඇති බවටයි සටහන් කරන්නේ. රූට්කිට් නොහොත් පරිගණකය වෙත අනවසර පිවිසුමකට මග පාදන හානිකර මෘදුකාංග පැතිරීමද සැලකිය යුතු අයුරින් ඉහලගොස් ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටිනවා.
                      බොට්නෙට් පහර දෙන්නන් මෙම කාලයතුලදී පමනක් නව පරිගණක මිලියනයකට අදිකව ග්‍රහනයකට ගැනීමක් වාර්ථාවන බවයි පැවසෙන්නේ. ජංගම ආකාරයේ දත්ත උපකරන වෙත පහර දීම් සැලකීමේදී ඇන්ඩ්‍රොයිඩ් ඉලක්ක කරගත් පහදීම් 8000 අධිකව හදුනා ගෙන ඇති බවත් වැඩිම ආරක්ශිත ඇප්ස් අඩවි ලෙසට ගූගල් ඇප්ස් මාර්කට් ඔවුන් සටහන් කර සිටිනවා.එසේම වැඩිම ජංගම හානිකරයන් පැමිනෙන්නේ චීනය හා රුසියාව තුලින් බවටයි ඔවුන් සටහන් කරන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...