2012-05-30

ලොව භාවිතාවන පරිගණක වලින් 20% අනාරක්ශිතයි -මැකා‍ෆි


මැකා‍ෆි ආයතනය පවසනවා ලොව පුරා භාවිතවන පරිගණකයන්ගෙන් සියයට 17 ක් අනාරක්ෂිත බව. ආරක්ශිත මෘදුකාංගයක ‍රැකවරනයෙන් තොරව මෙම පරිගණකයන් භාවිතවන පවසන ඔවුන් ඇමරිකානු එක්සත්ජනපදය තුල භාවිත වන පරිගණකයන් ගෙන් සියයට 19 මෙම අනාරක්ශිත බව සමග භාවිතවන බවයි පවසන්නේ. මෙම ගනනය තුලදී ඇමරිකාව තුල භාවිතවන පරිගණකයන් ගැන වැඩි දුරටත් සදහන් කරනුයේ සියයට 12 ක් කිසිදු ආරක්ශක මෘදුකාංගයක් භාවිත නොකරන අතර සියයට 7ක් පමන ආරක්ශක මෘදුකාංග කල් ඉකුත්ව  ක්‍රියාත්මක නොකරන ඒවා බවයි.
                             මෑකා‍ෆි ආයතනය රටවල් 27ක  පරිගණක මිලියන 24ක් ඇසුරෙන් කල මෙම ගනනයේදී ලත් අත්දැකීම් පිබදව අදහස් දක්වන එම ආයතනයේ  ප්‍රකාශකයා පවසන්නේ "ඇත්තෙන්ම  අතිබහුතරයක් පිලිගන්නවා ආරක්ශක මෘදුකාංගයක් අත්‍යාවශ්‍ය බව එහෙත් ඔවුන් සමහර විට විස්වාස කරනවා කල් ඉකුත්වූ ආරක්ශම මෘදුකාංග තවමත් ඔවුනට ආරක්ශාව සපයන බව" පින්ලන්තය ඉතාලිය .නිව්සීලන්තය හා ඩෙන්මාකය වැඩිම ආරක්ශාවක් සහිතව පරිගණක භාවිතාකරන රට හැටියට සලකන අතර  සිංගප්පූරුව  ජපානය මැක්සිකෝව හා ඇමරිකාව කල් ඉකුත්වූ ආරක්ශක මෘදුකාංග භාවිතය අතින් ඉහලින්ම සිටින රටවල් හැටියට ඔවුන් සදහන් කර සිටිනවා.
                                                          ස්පේන් රට අනාරක්ශිතම ප්‍රතිශතයක් වාර්තාකරන රට ලෙසට හදුන් වන ඔවුන් කිසිදු ආරක්ශිත මෘදුකාංග භාවිතයකින් තොර ප්‍රතිශතය සියයට 16 ලෙසට පවසනවා. කලිකුත්වූ ආරක්ශක මෘදුකාංග භාවිතය වැඩිම රට ලෙසට ඔවුන් සිංගප්පූරුව සටහන් කර සිටිනවා. එය එය ප්‍රතිශතයක් ලෙසට සියයට 12ක් ලෙසට සදහන් කර සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...