2012-04-04

"මැක්" භාවිතයේ අනාරක්ශිත බව වින්ඩෝස් ඉක්මවයා යමින් පවතියි.......


පරිගණක ආසාදනයන් වැඩි ප්‍රමානයකට වග කිව යුතු වන්නේ භාවිතාකරන්නන්ගේ නොසැලකිල්ල බවයි හදාරන්නන් ගේ මතය වන්නේ. ඔවුන් බොහෝ විට ආරක්ශක මෘදුකාංගයක් වෙත දක්වන්නේ නොසැලකිල්ලක්. "සමහර භාවිතාකරන්නන් විස්වාස කරමින් සිටිනවා අහිතකර යැයි සම්මත වෙබ් අඩවි වෙත ගොඩනොවීමම පමනක් ඔවුන් ගේ ආරක්ශාව තහවුරු කරන සහතිකයක් බව.තවත් විටක ඉතාම නොසැලකිලිමත් ලෙස ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කරගත් පමනින් ගැටලු අහවර ලෙසට ඔවුන් විස්වාස කරන්නට පටන් ගන්නවා." හදාරන්නන් පවසමින් සිටිනවා."මෘදුකාංග ආයතන තම මෘදුකාංග සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීමේ ප්‍රධානතම හේතූන් අතර පසුව සොයා ගන්නා ඒවායේ දුර්වලතා සමනය කිරීමේ අවශ්‍යතාවය පවතිනවා.වැදගත්ම කාරනයක් තමා නොසැලකිලිමත්ව පවත්වාගෙන යන ඔබගේ පරිගණකය ආසාධිතවීමත් සමග සමහර විටක ඔබගේ පරිගණකයෙන් පහර දෙන්නන් ලබා ගන්නා සමහර තොරතුරු ඉතාම විධිමත් ලෙස පවත්වාගෙන යන පරිගණක වෙත අනවසර ලෙස පිවිසෙන්නට පහර දෙන්නෙකුට සහයක් සපයන බව. ඒ කියන්නේ තාක්ෂනික මට්ටමෙන් ඉහලදී අර කී භාවිතාකරන්නාගේ විස්වාසය දිනාගැනීම වැනි ක්‍රමයකින් ඔහු ලවා අනාරක්ශිත  ඊමේලයක් විවෘතකර ගැනීම වැනි කාරනාවක් වෙන්නට පුලුවන්........"
                                                                               මෙම කතාබහේදී එම දේශකයා වැඩිදුරටත් පවසා සිටියේ එලබෙමින් ඇති නව ප්‍රවනතාවයක් වන්නේ කලකට පෙර සාපේක්ශව ආරක්ශිතයි සිතාසිටි "ඔ.එස් එක්ස්" වෙත එල්ල වෙමින් ඇති අනාරක්ශිත බව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට වඩා වේගයෙන් ඉහල යමින් පවතින බවයි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...