2011-11-30

ජාවා වැඩිම ඉලක්කයකි.....

පසුගියදාක නිකුත්වූ මයික්‍රසොෆ්ට්  ආරක්ශක වාර්ථාවකට අනූව 2011 වසරේ මුල් භාගයේ සිදුවූ සයිබර් පහරදීම් වලින් අති මහත් ප්‍රමානයකට වගකිව යුත්තේ "ජාවා" බවටයි පැවසෙන්නේ. ඔවුන් පවසනවා 2010 තෙවන භාගයේ සිට 2011  දෙවන භාගය තෙක් මයික්‍රසොෆ්ට්  මෘදුආරක්ශක අංගයන් විසින් ජාවා හි දුර්වලතාවයන් ඉලක්ක කරගනිමින් එල්ලවූ ප්‍රහාරයන් මිලියන 27 පමන මුහුන දුන් බවත් එම දුර්වලතා බොහොමයක් සදහා වසර ගනනකට පෙර සිටම පිලිසකර යාවත්කාලීනයන් නිකුත්කර තිබෙන බවත්ය. (සවිස්තර ලිපියක් සහෝදර වෙබ් අඩවියේ - www.itlknews.tk - ඉදිරියෙදී පලවනු ඇත)

මේ ඔබේ ජීවිතයයි.එය රසවත් චාරිකාවක් බවට පත්කරගන්නට සහයවීම මගේ...(දත්ත මිනිසා)

එතරම් වෙහෙසක් නොනැනුනද දිගු පැහැදිලි කිරිම්  සහිත චලන පට හා රූ සටහන් මෙන්ම  ශ්‍රව්‍ය බොහොමයකට පසුව පෙර ආරම්භක වැඩසටහන අවසන් විය. අනතුරුව මා ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් බීටාව විසින් ස්වංක්‍රීයව යෝජනා කෙරිනි. සතියක් ඇතුලත අපට අවැසි ආකාරයට සංශෝදනය කරගැනීමේ අවස්තාව සහිතව සමාන සිතුම් පැතුම් හා හැසිරීම් පිලිබදව කෙටිකාලයක් තුල බීටාව විසින් කරන ලද හැදෑරීමකින් අනතුරුව එම කන්ඩායම යෝජනා කරතිබිනි. මා සමග ඉන්දියන් හා ඕස්ට්‍රේලියන්  සිසුවියන් දෙදෙනෙකු සමග රුසියන් සිසුවෙකු නම් හා ඡායාරූ සහිතව තිරය මත සටහන් විය.ඉදිරි දෑ වසර සදහා එම කන්ඩායම මම ‍තෝරා ගැනිනි. ඔබලා සිව්දෙනාටම ඒය පිලිගැනිම හෝ නොපිලිගැනීමේ සම්පූර්න අයිතියට මම හිස නමන බව පවසනු කැමත්තෙමි. එහෙත් ඔබගේ වෙනස්  රුචිකත්වයක් ක්‍රියාත්මක කරන්නට පෙර කරුනා කර මෙම දත්තය පමනක් සැලකිල්ලට ගන්නා මෙන් මම ගෞරවයෙන් යොජනා කරමි.එය නම් පසුගිය වසර දහය තුලදී නෙක මිනිස් සබදතා පිලිබදව මාවිසින් කල යෝජනා වලින් සියයට 85 එම මොහොතේ සිටම ස්වාභාවික කාරනා මත ඔවුන් වෙන් වෙන්වෙන තෙක්ම සාර්තක බව ඔවුන් විසින්ම මට සහතික කරන ලදී. එයට අමතරව සියයට 12.5ක්ම එම මොහොතේ ප්‍රතික්ශේප කොට ඔවුනට රිසිසේ වෙනස් තීර්න ගන්නා ලද අතර පසු අවස්ථාවලදී පසුතැවෙන බවට මාවෙත දන්වන ලදී.මහත්මයානනි, මේ ඔබේ ජීවිතයයි.එය රසවත් චාරිකාවක් බවට පත්කරගන්නට සහයවීම මගේ අරමුනයි. මම බීටාව.

2011-11-29

Kinect වින්ඩෝස් සමග එක්වන බවට......

Kinect" යනු මයික්‍රසොෆ්ට් ආයතනය  තම Xbox සමග මුලිම ලොවට හදුන්වාදුන් චලන හා හඩ හදුනා ගැනීමේ තාක්ශනයකි. මෑතකදී මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වන චලන පට වලට අනූව අනාගතයේදී පෞද්ගලික පරිගණක ඉලක්ක කරගත් Kinect තාක්ශනය සහිත උපාංග වෙළද පොලට නිකුත් කරන්නට සූදානම් වන බවට ඉගි පල වෙමින් පවතිනවා.
     ඒ අනූව වින්ඩෝස් සමග ක්‍රියාත්මක වන, සංගීත භාන්ඩ වාදකයන් නිදහස් අවකාශයතුල දැත් චලනය කරන අයුරුත් , වෛද්‍යවරයෙක් තම ශල්‍යකර්මය අතර තුර එක්ස් රේ පත් දර්ශනයන් ස්පර්ශයකින් තොරව වෙනස් කරන අයුරුත් ගුරුතුමෙකු තම පාඩමක් අතර තුර ස්පර්ශයකින් තොරව රාත්‍රී අහසේ දර්ශනයන් චලනය කරවන අයුරු දැක්වුනා.
  මෙම වසර මුලදී මයික්‍රසොෆ්ට් ආයතනයෙන්  වින්ඩෝස් ඉලක්ක කරගත් Kinect  සංවේදන මෘදුකාංග කට්ටලයක් මෘදුකාංග සංවර්ධකයින් සදහා නිකුත්වූ අතර එයට අනූව සෙන්ටිමීටර් 40-50 අතර දුරකදී කැමරාවට හසුවන චලනයන් ඉතාම නිවැරදිව හදුනා ගැනීමේ හැකියාවෙන් යුත්වූ බවයි සටහන් උනේ.

ජපානයෙන් ටෙරාහර්ට්ස් මට්ටමේ චිපයක්......

ජපන් නිශ්පාදන ආයතනයකින් නිකුත්වන නිවේදනයකට අනූව කිය වෙන්නේ ටෙරාහර්ට්ස් මට්ටමින් දත්ත ලබා ගන්නට හා පිටකරන්නට හැකි මට්ටමේ චිපයක් පර්යේක්ශන තත්වයෙන් නිපදවන්නට තමන්ට හැකිවූ බවයි. මිලිමීටර් 1.5 හා 3  ප්‍රමානයෙන් තප්පරයකට ගිගා බයිට් 30 ක්‍රියාත්මක හැකියාවකින් යුක්තව මෙම චිපය ඉදිරි වසර දෙක හෝ තුන වන විට ඩොලර් 13 පමන මිලකට වෙලද පොලට නිකුත්කරන්නට තමන්ට හැකිවනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පලකොට සිටියේ.
     ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ ටෙරාහර්ට්ස් මට්ටමේ තරංග වලට කඩදාසි , ප්ලස්ටික් , මතුපිට සම මෙන් ම බිත්තියක් පවා විනිවිදයාමේ හැකියාවත්  සමග මෙම චිපය යෙදූ උපකරන වෛද්‍ය හා ආරක්ශක උපාංග සදහා වඩාත් ගැලපෙන බවයි.

ක්‍රෝම් සමග චෙස් අදින්නට........

ගූගල් ක්‍රෝම් භාවිතාකරන අයවලුන් අතරින් චෙස් ක්‍රීඩාවට ප්‍රිය කරන්නන් සදහා වෙබ් ඇප්ලිකේෂනයක් ලෙස "ස්පර්ක්චෙස්" ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. වෙළද සහය සහිත නොමිලේ හා මුදල් ගෙවා ලෙස සංස්කරන දෙකකින් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

https://chrome.google.com/webstore/detail/khgabmflimjjbclkmljlpmgaleanedem

ජීමේල් අනවසර කියවීම් වලක්වා ගන්නට.....

ඔබ ජීමේල් භාවිතා කරන විට ඉන්බොක්ස් එක වෙත ඉලක්ක කරගත් වෙළද දැන්වීම් පැමිනීමෙන් කියවෙන්නේ ඔබ වෙත පැමිනෙන ඊමේල්යන් ගැන අවධානයෙන් සිටින බවකි.මෙම අවදානයෙන් මගහැරීමට ඇති පහසුම ක්‍රමයක් නම් ගූගල් ගිනුම් කවුලුවේ දකුනත ඉහලින් පිහිටි "ඔප්ෂන්" තුලින් මේල් සෙටින් ‍තෝරා එහි යටින්ම වන්නට ඇති"ඉම්පොර්ටන්ස් සිග්නල්ස් ෆෝ ඇඩ්ස් යන්නෙහි ඩෝන්ට්......... යන්න තොරා සේව් කිරීම තුලින් ඉලක්කගත දැන්වීම් ඔබේ ජීමේල් කවුලුව තුලට පැමිනීම වැලකෙනු ඇත.
                        
ෆේස්බුක් ඔබව ලුහුබැදීම වලකන්නට...
      
ෆේස්බුක්හි ලයික් බටනය මූලිකව නියෝජනය කරන්නේ අඩංගුදෑ පිලිබදව තවකෙකු වෙත අනුමත කිරීමකි.
එහෙත් හදාරන්නන් පවසන්නේ මීට අමතරව එය සයිබර් අවකාශයතුල යනෙන තැන් පිලිබදව දත්තයන් ‍රැස්කරන බවකි. ෆේස්බුක් ගිනුමෙන් බැහැර වූ පසුව පවා මෙම ලුහුබැදීම සිදුවන බවටයි ඔවුන් කරුනු පල කරමින් සිටින්නේ. මේ සදහා බ්‍රවුසර් ඇඩෝනයක් නිකුත්වී තිබෙනවා. දැනට එය ක්‍රෝම් , ෆයර්ෆොක්ස් , සෆාරී වෙබ් බ්‍රවුසරයන් සදහා එකගවන බවටයි කියවෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම ඇඩෝනය ඔබටත් ලබාගත හැකි වනු ඇත.
 
COMBOFIX
පරිගණකය භාවිතාකරන්නන් කාහටත් පාහේ භාවිතාකරන අරමුන කුමක් වූවද මුහුන දෙන්නට සිදුවන පොදුතම හතුරා ලෙස හදුනා ගත හැක්කේ හානිකර මෘදුකාංගයි
. සෑබෑ ප්‍රායෝගික ඔනෑම පරිගණකයක්ම කිසියම් මොහොතකදී මෙම අනතුරකට විවෘතවීම වලකාලන්නට උත්සාහ කිරීම උදාහරනයකින් පහදන්නේනම් සමාජයේ පවතින නරක ස්වභාවයන්ට බියෙන් සමාජයෙන් ඉවත්වී සිටින්නට උත්සාහකිරීමකට විද්වතුන් සමානකරමින් සිටී.
හානිකර මෘදුකාංග වලින් ආරක්ශාවීම යනු සරලව පවසන්නේ නම් නොනවතින අරගලයකි
. තවත් අතකින් එය පියවර දෙකක් සහිත කාරනාවකි. පරිගණකයට ඇතුලුවීමට පෙර හදුනා ගෙන වැලැක්වීම , ආසාදිත තත්වයකදී ආරක්ශිතව හානිකර මෘදුකාංගය ඉවත්කිරීම ඒවා වේ. පහත දැක්වෙන්නේ ඒ සදහා භාවිතාකිරීමට නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි.


දත්ත මිනිසා

තෙවන ‍තෝරා ගැනීමත් සමගම පාසැල් වියේදී සිටම  පරිගණක ක්‍රීඩා , චලන පට , ගීත ඇසීම ආදී සීමිත කාරනා සදහා පමනක් භාවිතයට සීමා වී තිබූ ටිටාව උස්තල ගැන්වීමක්  සිදුවිනි. පාසැලේ අවසන් වසරේදී හමුවන පාඩම් මාලාවක ටීටාව හදුන්වා තිබුනේ මෙලෙසය, "ටීටාවට ඔබගේ අධ්‍යාපන සහතික පත් එතරම් අදාල නොවන්නේ  මිනිස් බුද්ධි ඉතිහාසය පුරාම  එය සාර්ථක මිම්මක් ලෙස හදුනාගන්නට නොහැකිවූ බැවිනි. ඔබ යම් දිනක ටීටාගේ දෙවන හෝ ප්‍රථම මට්ටමේ පිලිගැනීමකට ලක්වීම නොදියුනු යුගවලදී මෙන්  ඉන් පසු ඔබ කරන කියන දේ කුමත් වූවත් එකසේ වලංගුව පවතින ස්ථාවරයන් නොවන්නේය."  රත්පැහැ අකුරින් තිරය මතට එම පනිවිඩය සටහන්ව තිබුනේ මෙලෙසය."ආයුබෝවන්, ඔබ දෙවන මට්ටමේ ටීටා පුරවැසියෙකු ලෙස සාදරයෙන් පිලිගනිමු. ඔබ අමතක නොකලමයුතු කාරනය වන්නේ මින් පසු ඔබ කරන කියන සියලුම කාරනා මත එම උස්තක්ල ගැන්වීම පවතින බවයි. සාධාරන සමා අවස්ථා කිහිපයකට පසුව ස්වංක්‍රීයවම පහත් තල ගැන්වෙනු ඇත" . එම අනතුරු ඇගවීමෙන් පසුව පිරවීම් සටහන් කිහිපයක් පසුකල පසුව එම ආයතනය වෙත සම්බන්දවීමේ මූලික කටයුතු අවසන් බව ටීටාව දන්වා සිටියේය. ඉන් පසුව මා ‍තෝරා ගෙන තිබූ විෂයන් පිලිබදව හැදින්වීම ඇරබිනි. චලන පට හා සටහන්  රාශියකින් එය සමන්විතව තිබිනි. මිනිස් පරිගණක විද්‍යාව හා පරිගණක ඉතිහාසය ලෙස නම් කර තිබූ එම විෂයන් දෙකතුලදී අඩංගුවන කාරනා එකින් එක සදහා මූලික පැහැදිලිකිරීමක්  එහි අඩංගුව තිබිනි.

2011-11-28

ඔෆ්ෆීස් ස්ටාර්ටර් 2010

මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් මෘදුකාංග කට්ටලය සදහා විකල්පයන් නිකුත්විනි. ගූගල් ඩොක්ස් හෝ මයික්‍රසොෆ්ට් "ඔන් ලයින්" සංස්කරනය ආදීවූ මේ කිසිවකින් පෙරකී මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් නම් ඩෙස්ක් ටොප් සංස්කරනයේ  සෑබෑ අත්දැකීම ‍රැගෙන නෝආ බවටයි බොහෝ භාවිතාකරන්නන්ගේ මතයවන්නේ.
               කෙසේ වෙතත් දැන් මයික්‍රසොෆ්ට්  වෙතින් "ඔෆ්ෆීස් ස්ටාර්ටර් 2010"  සංස්කරනය නොමිලේ  ලබාගැනීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. සමාන්‍ය භාවිතාකරන්නෙකුට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් මෙම මෘදුකාංග ගොනුව සමන්විත බවටයි ඔවුන් පවසන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එය ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇති.
http://c2r.microsoft.com/consumerC2R/en-us/14.0.4763.1000/setupconsumerc2rolw.exe

2011-11-27

ඩෙස්ක් ටොප් එක පුපුරවා හැර ඇත....

ඩෙස්ක් ටොප් එක පුපුරවා හැර ඇත. එදිනෙදා අවශ්‍යතා උපාංග අවකාශය තුල එහි කැබලි විසිරී ගොස් ඇත. එනමුත් මින් අදහස් වන්නේ ඩෙස්ක් ටොප් පරිගණකයේ අවසානය යන්න නොවේ. එසේමුත්  ඩෙස්ක් ටොප් පරිගණකයට " ප්‍රධානියා" ස්ථාවරයෙන් නම් බැස යන්නටනම් කාලය පැමින් ඇත. විචාරකයන්ට අනූව ගතවයන දශයක තුල පරිගණක ආකෘතියේ චලනය වීම් හදාරනවිට හැගීයන ප්‍රධානතම කාරනයක් ලෙස දක්වන්නේ එලබෙන දශකය තුල අතීතයේදී මෙන් අධිපති ආකෘතියක් තුල පරිගණකයට ස්ථාවර වන්නට නොලැබෙන බවයි.
                                       මෑතකදී නිකුත්වූ ගනනය කීරිමකට අනූව මේ වන විට එක්සත්ජනපදයතුල අන්තර්ජාල පිවිසීම් වලින් 5% පමනම ටැබ්ලට් හා ජංගම උපකරන ඇසුරෙන් වාර්ථා වෙමින් පවතින බවත් වේගයෙන් එම තත්වය ඉහල යමින් පවතින බවටත් වාර්ථාකර තිබෙනවා. එසේම ඔවුන් පවසමින් සිටින්නේ මුල් යුගයේදී මෙන් තොරතුරු අකරාදී හෝ සංක්‍යාමය පිලිවලකට පෙලගස්සනවා වෙනුවට "ටැගයන්" හෝ ප්‍රදේශයන් හෝ අඩංගු දෑ වැනි වඩා ප්‍රායෝගික පිලිවලවල් වෙත වේගයෙන් යොමුවෙමින් පවතින බවයි.
                  තවත් දෙසකින් වඩ වඩාත් බලසම්පන්නවූ ප්‍රොසෙසරයන් හා අනෙකුත් උපාංගයන් කුඩා සරල පරිගණක ආකෘති තුලට පැමිනෙමින් ඇති බවයි දැක්වෙන්නේ.ග්‍රැ‍ෆික් වැනි ඉහල මට්ටමේ පරිගණක ශක්තියක් ඉල්ලා සිටින භාවිතාවන් සදහා සාමාන්‍ය නිවෙස් පරිගණක වේගයෙන් සූදානම් වෙමින් සිටිනු දක්නට ලැබෙනවා.
     වින්8 සපැමිනීම සටහන් වන්නේ ස්පර්ශක තිර  සමග එක්ව වඩාත් සරල භාවිතාවත් සදහා සූදානම් වෙමින් සිටින බවයි. නැතිනම් භාවිතාවේ රටාවන් වඩාත් සරල කරමින් සාමාන්‍ය ජීවිතවලට ලංවන්නට තමන් සූදානම් බවේ පනිවිඩයයි. මීට වසර හයකට හතකට පමන පෙර වන විට මයික්‍රසොෆ්ට් හා ඉන්ටෙල් ආයතන පවසා සිටි "ඩිජිටල් නිවෙස"  තවදුරටත් අරුම දෙයක් නොවේ.  තම පෞද්ගලික පරිගනකයෙන් මෙහෙයවන බ්නිවස මේ වන විට සරල කාරනාවක් බවට පත්ව ඇත.

සයිබර් සැරිය සුරක්ශිත බවට සහතිකයක් ලබා ගන්නට.......

අන්තර්ජාලය තුල ඔබගේ සැරිය වේගවත් හා ආරක්ශිත බව තහවුරු කරදෙන්නට ඔබ භාවිතාකරන බ්‍රවුසරය තීර්නාත්මක සාධකයකි. මෙම අඩවියට පිවිසෙන ඔබට දැනට භාවිතකරමින් සිටින බවුසරයේ එම තත්වයන් කොතරම් දුරට තහවුරුකර දෙමින් සිටින්නේද යන්න සංක්‍යාත්මකව පැහැදිලිකර දෙනු ඇත.
පහත ලිපිනයෙන් එම වෙබ් අඩවියට පිවිසිය හැක.
http://www.yourbrowsermatters.com/#/home

එලබෙමින් ඇති නව සබදතා තාක්ශනය

තන්ඩර්බෝල්ට් යනු "ඉන්ටෙල්" ආයතනය විසින් මැතකදී පරිගණක ලොවට දායාද කල නව සබදතා තාක්ෂනයකි. වේගය අතින් සලකන විට සමකාලීනයන්ට වඩා තීර්නනාත්මක ලෙස ඉදිරියෙන් සිටින්නට හැකිවීම මෙම නවතාක්ශනයේ සුවිශේෂී බවයි. ඈපල් ආයතනයෙන් වෙළද පොලට නිකුත්වන ලැප්ටොප් පරිගණක මෝස්තරයන් කිහිපයක් සමග මෙම තාක්ශනය වෙලද පොලට පිවිස ඇති අතර ලබන වසරේ මුල් භාගය අන විට වින්ඩෝස් පරිගණක සමගද වෙළද පොලට නිකුත්වන්නට නියමිතව ඇති බවටයි තොරතුරු පලවෙන්නේ.  දැනට සාමන්‍ය ‍රැහැන් සමග මෙම තාක්ශනය ක්‍රියාත්මක වන මුත් නුදුරේදීම "ඔප්ටිකල්" ‍රැහැන් සමග වඩාත් වෙගවත්  සබදතාවයක් පරිගණකය වෙත කදවන්නට මෙම නවතාක්ශනය සමත්වනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ.ඒත් සමග  දැනට භාවිතාවන භාහිර සබදතා කවුලු (පෝර්ට්ස්) නව මුහුනුවරක් ගනු ඇතිබවටත් අනාවැකි පලවෙමින් තිබෙනවා.
              උදාහරනයන් ලෙස සලකා බලන විට මෙම තාක්ශනය සමග සලකන විට  තප්පරයට ගිගා බයිට් 10 වේගයකින් දත්ත හුවමාරු සබදතාවක් ගොඩ නගන්නට සමත්ව ඇති අතර ඔප්ටිකල් එය දස ගුනයකින් වේගවත් වනු ඇති බවටයි කරුනු පලවන්නේ. එවිට බ්ලු රේ තැටියක් සම්පූර්නයෙන් පරිගණකය වෙත පිටපත් කර ගන්නට තප්පර 30ක කාලයන් සැහෙනු ඇති බවටයි කියවෙන්නේ. එසේම යු එස් බී 3.0 පොර්ටයකදී  ගිගා බයිට 5ක වේගයක් ලබාගනු ලබන්නේ දැනට බාවිත වේගය හා සසදන විට දස ගුනයක වේගවත් බවක් ලබා දෙමිනුයි.විශාල ධාරිතාවයක් ඉල්ලා සිටින වීඩියෝ දත්ත හුවමාරුව සදහාද මෙම තාක්ශනය වෙනසක් ගෙනෙන ඇති බවට බලාපොරොත්තු පලවී ඇති අතර විවිද උපාංගය කිහිපයකින් ගල එන වීඩියෝ දත්ත රටා රාශියක් තනි වයරයක් ඔස්සේ කිසිදු අපහසුවකින් තොරව ගමන්කරවන්නට මෙම තාක්ෂනය  සමත්ව ඇති බවටත් තොරතුරු පලවෙමින් පවතිනවා.

2011-11-25

ලොව ප්‍රතම තනි මයික්‍රෝප්‍රොසෙසරය භාවිතයට පැමින වසර 40ක්....


ලොව ප්‍රතම තනි මයික්‍රෝප්‍රොසෙසරය භාවිතයට පැමින වසර  40ක් පසුගිය 15 වෙනිදා වන විට සපිරුනි. එනම් 1971-11-15 දින ඉන්ටෙල් ආයතනය විසින් 4-බිට් මට්ටමේ ට්‍රාන්සිස්ටර් 2300 සමන්විත කිලෝහර්ට්ස් 740කින් යුත් ලොව ප්‍රතම තනි මයික්‍රප්‍රොසෙසරය ඉන්ටෙල් 4004 නමින් එලිදැක්වීමත් සමගයි.

ඩිජිටල් ජීවිතය

ජීවිත කරා ඩිජිටල් බව වේගයෙන් සපැමිනෙමින් ඇත.තව දුරටත් ඔබට ඩිජිටල් ජීවිතයට පිවිසෙනවාද නැතිද යන්න තේරීම් අවස්තාවක් ඉතිරිව නැතිවා සේය. එය එක් අතකින් ඔබේ එදිනෙදා ජීවිතයට නව අර්ථයක් ‍රැගෙන විත් ඇත. අනිත් අතින් දෙනෙත් දෙසවන් වල සීමාවන් පෘතුවිතලයෙන් ඔබ්බට පවා ‍රැගෙන ගොස් ඇත. තවත් අතකින් ඔබගේ ලේ ඇට මස් සිතුවිලි වලින් සුසැදි  ජීවිතය මතට ඩිජිටල් ජීවිතයක් ‍රැගෙන විත් ඇත. එතැනින්ද නොතැවතී එම ඩිජිටල් ජීවිතය ලොවපුරා අවැසිනම්  එවැනි ජීවිත සිය දහස් ගනනක් පුරා සම්බන්ද කරන්නටද කටයුතු කර ඇත. කොටිම පෘතුවි වාසීත්වයක් නිර්මානය කරදී ඇත.
                                 ජීවිතයට එලබෙමින් ඇති ඔබ ඩිජිටල් පුරවැසියෙකි.අන්තර්ජාලය භෞතික පෘතුවිය මතට පෘතුවි ව්‍යාප්ත නව අවකාශයක් නිර්මානය කරදී ඇත.ජාති ආගම් කුල භේදයකින් තොර එම නව ජීවිතය නෙක සීමාවන් තම අනන්‍යතාවය කරගත් බොහෝ ප‍ටු දෘශ්ටීන්ට තම ආධිප්‍යයෙන් බැස යන්නට ආරාධානා කර ඇතුවා සේය.අන්තර්ජාලය  නව අනාගත ලෝක ජීවිත ආකෘතියක් නිර්මානය කරදී  අවසන්ය. එලබෙමින් ඇති දශකය වන විට යමෙක් තම ඩිජිටල් ජීවිතයෙන්  පලායන්නට තීර්නය කිරීම ජීවිතයෙන් පලා යන්නට තීර්නය කරනවාට වඩා වෙනසක්  නොවනු ඇත.
             ආහර පාන , ජලය , නිවෙස් වැනිවූ මිනිස් මූලික අවශ්‍යතා ලයිස්තුවට අන්තර්ජාලය ප්‍රමුක ඩිජිටල් ජීවිතය සම්බන්දවී අහවරය. දිනෙන් දින ලෝකය පුරාවෙන් අන්තර්ජාලයවෙත එක් රොක්වන සිය දහස් ගනන්ක් වන ඩිජිටල් පුර වැසියන් එයට සාක්ෂි දරමින් සිටී.එය තවදුරටත් ඔබගේ විවේකය සුව පහසු කරවන විනෝදය සපයන මාධ්‍යයක් හෝ සුපෝඛභෝගී පහසුකමක් නොවේ.උදාවන දිනයකදී  එය ජලය වායුව වැනි ජීව විද්‍යාත්මක සාධක වලට මදක් ඔබ්බෙන් සිටගන්නා මූලික සාධකයක් වීම වැලක්විය නොහැකි වනු ඇත.

2011-11-21

දත්ත මිනිසා.....

අසුන් පටිය පැලදිය යුතු බවේ  අවධානය ගිලිහීයාම නිසා මාගේ අසුනට ඉහලින් අනාරක්ෂිත බව හගවන නාදය සමග කුඩා ආලෝකය දැල් වෙන්නට විය. වහා ආරක්ශක පටිය පැලදගත්තේ  "සමාවෙන්න"  යැයි මුමුනමිනි. තප්පර කිහිපයකින් ගමන ආරම්භවිය.බස් රථයේ ඉදිරි වීදුරුවට ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික සටහන් පුවරුවෙහි නව ගමන් සංශෝදනය දැක්විනි. අතීතයේ සිටි කියවන්නෙකුගේ යහපත සදහා කරුනු කිහිපයක් මෙසේ සටහන් කරමි.මේ වන විට මාර්ගය හා එහි ගමන් කරන වාහන මෙන්ම පදිකයන් යනු එකිනෙකින් වෙන්වූ දේවල් නොවේ.මධ්‍යම මෙහෙයුම් ඒකකය විසින් සියල්ල හසුරවයි.ඔබ මාවතට පිවිසුන මොහොතේ සිට ඔබේ ගමනාන්තය දක්වා සියල්ල එය විසින් භාරගනී. ඉතාම කාර්යක්ශමව ගමනාන්තය කරා ලගාවීම පමනක්ම නොව අනවශ්‍ය හමුවීම් වලක්වමින් ගමනාන්තයේදී බලාපොරොත්තුවන කාරනාවට අදාල මානසිකත්වය පවා ‍රැක ගන්නට එය සහය වනු ඇත. අතීතයේ  වෙසෙන්නෙකුට සමහර විට මෙම වර්ථමානය සමහර විට වැරදියට තේරුම් යන්නට ඉඩ ඇත. මධ්‍යම ඒකකය සමග ඔබේ සම්බන්දය පාලනය කිරීමේ හැකියාවද ඔබට හැම විටම හිමිවේ. එවිට ඔබ පරිත්‍යාග කලයුත්තේ නිර්මානශීලී මානසික අවකාශයයි. මෙම මහත්සේ යාන්ත්‍රික ස්වංපාලන අවධානය  අතීතයේ මිනිසුන්ට අනූව විස්වාශ කරනලද්දේ තමන්ගේ අභිමානනීය නිදහස ලෙසට යැයි පාසැලේදී "මිනිස් ඉතිහාසය"  විෂයේදී පැහැදිලි කර දුන්නා මට තවමත් මතකය.

2011-11-19

වින්8 ‍රැගෙන එතැයි බලා පොරොත්තුවන යම්යම් වෙනස්කම් කිසියම් ප්‍රමානයකට.....

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති  මගෙහි වින්ඩෝස් 7 යනු ඉදිරියට චලනය වීමකි. වින්ඩෝස් 8 පැහැදිලි හැරවුමකි. එලබෙන වසරේ වෙළදපොල වෙත නිකුත්වෙතැයි බලපොරොත්තුවන නව මෙහෙයුම් පද්ධතිය ගැන බොහෝ දෙනා තුල පවතින්නේ මහත් කුතුහලයකි. විචාරකයෙකු වරක් පවසා සිටියේ එක්ස්.පී හා විස්ටා අතරවූ අකරතැබ්බ සහගත වෙනසක් වින් 8 ‍රැගෙන නො එනු ඇති බවයි."සෛද්ධාන්තිකව සලකන්නේ නම්  මෙහෙයුම් පද්ධති යලි පෙන්ටියම් 3 නැතිනම් 4  මට්ටමේ දෘඩාංග දෙසට  චලනය වන්නට උත්සාහා කරනවා වැනි හැගීමක් ඇතිවෙන සුලුයි." ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
                    වින්8 ‍රැගෙන එතැයි සැලකෙන වෙනස්කම් වල ස්වරූපයන් මද වශයෙන් හෝ විදගන්නට ඉඩකඩ සලසමින් යම් යම් මෘදුකාංග මේ වන විටත් ඉදිරිපත්වී තිබෙනවා. ඔවුන් නම් පවසන්නේ වින්ඩෝස් විදගන්නට ලබන වසර තෙක් පමාවන්නට අවශ්‍ය නැති බවයි. කෙසේ වෙතත් ඔබේ පරිගණකය අනවශ්‍ය අවදානයකට යාමට වඩා වින්8 ‍රැගෙන එතැයි බලා පොරොත්තුවන යම්යම් වෙනස්කම් කිසියම් ප්‍රමානයකට අත්විදින්නට අදම කැමත්තේනම් පමනක් පහත දැක්වෙන ලිපිනයන් ඔස්සේ පිවිස එම මෘදුකාංග ලබාගත හැකියි.

පොදු මෙහෙයුම් පද්ධති සදහා
වින්ඩෝස් 7   UX pack

Knigston ආයතනයෙන් HyperX 3.0.......

Knigston  ආයතනයෙන් නවතම යු.එස්.බී ප්ලැෂ් ඩ්‍රයිව් උපාංගයක් වෙළද පොලට නිකුත්කර තිබෙනවා. HyperX 3.0 ලෙස නම් කර ඇති මෙම නවතම උපාංගය තප්පරයට මෙගා බයිට් 225 ක කියවීම්  වේගයකුත් තප්පරයට මෙගා බයිට් 135 සටහන් වේගයකුත් දක්වා ක්‍රියාත්මක හැකියාවකින් යුක්ත බවටයි සටහන් වන්නේ.මෙම වේගයන් යු.එස්.බී 3.0 පෝර්ටයක් සමග සම්බන්දව ඇති විටකදී වන අතර යු.එස්.බී 2.0 පෝර්ටයකට සම්බන්ද කලවිට තප්පරයකට මෙගා බයිට් 30 ක පමන කියවීම් සහ සටහන් වේගයක් ලබා ගන්නා බවටයි පැවසෙන්නේ. ගිගා බයිට් 64, 128, 256,  ලෙස වෙලද පොලට නිකුත්කර ඇති බවත් බ්ලුරේ තැටි 10 හෝ ඩී.වි.ඩී තැටි 54ක මෙන්ම එම්.පී 3 ගොනු 48000 පමන ධාරිතාවයක් මෙම උපකරනයට රදවා ගත හැකිවනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මේවායේ මිළගනන් පිලිවලින් ඩොලර් 193 හා  377 ලෙස දක්වා ඇති අතර මෙගා බයිට් 128 උඅපකරනය සදහා තවමත් මිලක් නියම කර නැති බවටයි  කියවෙන්නේ.

ගතවන වසරේ නරකතම අවසර පදය "123456" ලු.........

ප්‍රකට ආයතනයක් විසින් ගතවෙමින් යන වසරේ වඩාත්ම අනතුරට ලක්වූ අවසර පදයන් ගැන කල සොයා බැලීමකින් අනතුරුව අවසර පද 25 කින් යුත් අවසර පද පෙලක් ප්‍රකාශයට පත්කර සිටිනවා. මෙම ගනනයන් සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ ගතවන වසරේ වැඩියෙන්ම  සොරාගන්නාලද හා අනවසර පිවිසීම් සදහා වැඩියෙන්ම භාවිතා කර ඇති අවසරපද පිලිබදව කල සොයා බැලීම්වලදී ලබාගෙන ඇති වාර්ථාවලට අනූවය.
               ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ අවසර පදයක් නිර්මානයේදී අකුරු, ඉලක්කම් සේම සංකේතවල මිශ්‍රනයක් වීම ඉතාම වැදගත් බවයි.මතක තබා ගැනීමේ අපහසු තාවයෙන් ගැලවීමටනම්   කුඩා වචන කිහිපයකින් යුත් පදයක් අතරට සංකේතයක යෙදීම සාර්තක අවසර පදයක නිර්මානය සදහා උපයෝගී වනු ඇති බවටයි යෝජනා කරන්නේ. (උදා- shiny_phones_rule_1 ). එසේම වෙනස් ගිනුම් කිහිපයක් සදහා එකම අවසර පදය භාවිතයද අනතුරුදායක කාරනාවක් විය හැකි බවටයි  පැවසෙන්නේ. මීට අමතරව අවසර පද කලමානාකරන මෘදුකාංග කිහිපයක්ද  මෙලෙස යෝජනා කර සිටිනවා. පහතින් දැක්වෙන්නේ ගතවන වසරේ නරකතම අවසරපද 25 පිලිවලින්ය.
1. password

2. 123456

3. 12345678

4. qwerty

5. abc123

6. monkey

7. 1234567

8. letmein

9. trustno1

10. dragon

11. baseball

12. 111111

13. iloveyou

14. master

15. sunshine

16. ashley

17. bailey

18. passw0rd

19. shadow

20. 123123

21. 654321

22. superman

23. qazwsx

24. michael

25. football

http://downloads.pcworld.com/pub/new/password_tools/KeePass-2.16-Setup.exe

2011-11-17

මයික්‍රසොෆ්ට් වෙතින් සමාජ ජාලවක්.....

මයික්‍රසොෆ්ට් ආයතනය විසින් සමාජ ජාලාවක් හදුන්වා දෙන්නට යන බවට යලිත්වරක් තොරතුරු පලවෙමින් පවතිනවා. හෙලිවී ඇති කරුනු වලට අනූව Socl.com  නමින් මෙම අඩවිය නම්වනු ඇති බවටත්  ෆේස්බුක් හා ‍ටුවිටර් ඔස්සේත් තම ගිනුමට ඇතුලුවන්නටහැකිවනු ඇති බවටත් දැනට තොරා ගත් පිරිසක් අතරේ මෙම අඩවිය අත්හදා බැලෙමින් පවතින බවටත් පැවසෙනවා.
                                 මෙම අඩවිය බොහො  දුරට ගූගල්+ හා සමාන වනු ඇති බවටත් ගූගල්+ වල ඇති බොහෝ උපාංග හා සමාන උපාංගවලින් සමන් විත වනු ඇති බවටත් දැනට හෙලිවී ඇති කරුනු වලින් තහවුරු වන මුත් තවමත් මෙය අත්හදා බැලීමේ පවතින්නක් බවත් පැවසෙනවා.

ෆේස්බුක් ගිනුමේ ආරක්ශාව......

ෆේස්බුක් ආයතනය පවසනවා අසැබි ආකාරයේ ස්පෑමයක් තම අඩවිය තුල පැතිරෙමින් ඇති බවටත් එම හානිකර මෘදු රටාවන් තමන් හදුනා ගෙන ඇති බවටත්. එසේමුත් භාවිත කරන්නන්ගේ අවධානය තව දුරටත් අවශ්‍ය බවයි ඔවුන් පවසන්නේ. එම හානිකර බව පතුරවමින් සිටින ෆේස්බුක් පි‍ටු තමන් හදුනාගෙන ඇති මුත් භාව්තාකරන්නන්ගේ ආරක්ශාව සදහා පියවර කිහිපයක් ඔවුන් යෝජනා කර සිටිනවා.
      බ්‍රවුසරයේ "ඇඩ්‍රස්බාරය" වෙත  කිසිවක් "කොපි පේස්ට්" කරන විට  ඉතාම කල්පනාකාරී වන ලෙසත්, බ්‍රවුසරය නියමිත පරිදි යාවත්කාලීනව පවත්වා ගෙන යන ලෙසත්, ෆේස්බුක් පලකිරීම සමග එන "රිපොර්ට්" අගය  අවශ්‍යයැයි හැගෙන විට භාවිතාකිරීමට නොපැකිලෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසනවා දැනටමත් ඔබ ගිනුම අනවශ්‍ය ස්පෑම් බලපෑමකට ගොදුරුව ඇතැයි හැගෙන්නේනම් අවසර පදය වෙනස් කරන ලෙසත් නව අවසරපදය හොදින් ශක්තිමත් ඒකක් වීමට වග බලා ගන්නා ලේසත් ගිනුමේ සැකසුම් පි‍ටුව ඔස්සේ ගොස්  සැක සහිත  අප්ලිකේෂනයන් අක්‍රිඅ කරන ලෙසත් හොදින් යාවත්කාලීනකල ආරක්ශක මෘදුකාංගයක් යොදාගෙන පරිගණකය සම්පූර්නයෙන් "ස්කෑන්" කිරීමකට ලක් කරන ලෙසත්ය.
  මීට අමතරව ෆේස්බුක් අඩවිය තුල ක්‍රියාත්මක ඇප්ලිකේශනයන් ලෙස ඇති ආරක්ශක සහයකයි ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ඔවුන් උපදෙස් දෙමින් සිටිනවා. ඒ අතර බිට් ඩිපෙන්ඩර් වෙතින් ලබා දෙන මෙම  අංගයත්  මෙම අංගයත් ගැන ඔවුන් අවධාරනය කර සිටිනවා.

https://www.facebook.com/bitdefender.safego?sk=info

http://www.defensio.com/

2011-11-16

මෙට්‍රෝ ආකාරයේ ආරම්භක මුහුනත සජීවී ටයිල්ස් සමග ස්පර්ශක මෙහෙවන්නෙකු......

වින්ඩෝස් 7 දක්වා පැමිනි මග සම්පූර්නයෙන් වෙනස්කරන්නට ඔවුන් තීර්නය කර ඇතුවාසේය.සමහර විටක අනගත පරිගණක උපකරන වල ගමන් මගට එරෙහි වනවා වැනි අසාර්ථක උත්සාහයන් වල නෙයෙදෙන්නට මයික්‍රසොෆ්ට් ආයතනය තීර්නය කර ඇතුවා වෙන්නටද පුලුවන. වෙනස් වන්නට බල කරන ලද්දේ කවුරුන් වුවත් වින් 8 සමග මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය නැවත නිර්මානය කර ඇතුවා සේය.පලමුව එය පෞද්ගලික පරිගණකයේ ග්‍රහනයෙන් මිදී ඇත. විද්වතුන් පවසන්නේ නම්‍යවීම බොහෝ දුරගමනකට යහපත් පිවිසීමක් ලෙසිනි. මැතකදී මාධ්‍ය හමුවකදී මයික්‍රසොෆ්ට් ප්‍රකාශකයෙකු පවා සිටියේ "සියලු උපකරන සදහා එකම මෙහෙයුම් පද්ධතියක්" ආයතනයේ ඉලක්කයක් බවයි.දෙවනුව ජංගම දෙසට වන වෙනසට බාදක වන අමතර උපාංග මගහැර යමින්  භාවිතාකරන්නා හා මෙහෙයුම් පද්ධතිය අතර ඇති සබදතා ක්‍රමවේදය වෙනස් කර ඇත.හදාරන්නන් පවසන්නේ කවුරුන් මොනවා කීවද වින්8 වල ප්‍රතම ප්‍රේමය ස්පර්ශක තිර දෙසට වන බවයි.
   තවමත් අවසන් සංස්කරනයේ නිකුත්වන දිනය තවමත් ප්‍රකාශකර නැතුවද උප සංස්කරන කීයකින් මෙම නිකුතුව සමන්විත වන්නේද යන්නත් පැහැදිලි නැති වුවද වින් 95 වලට පසුව එලබෙන තීරනාත්මක වෙනසක් ‍රැගෙන එන්නට වින්ඩෝස් 8 සූදානම් බවටනම් සැකයක් නැතිබවටයි විචාරකයි පවසමින් සිටින්නේ.
               "මෙට්‍රෝ ආකාරයේ ආරම්භක මුහුනත සජීවී ටයිල්ස් සමග ස්පර්ශක  මෙහෙවන්නෙකු බලපොරොත්තුවෙන් සිටීම "මීලග  වින්ඩෝස් " වනු ඇත  හදාරන්නන් පවසමින් සිටී.

වින්8 පුවත්...


දැනට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන විට ඇතිවන අපහසුතාවයන් අතර එකක් ලෙස පැවසෙන්නේ ස්වංක්‍රීය යාවත්කාලීනයයකට පසුව නවත මෙහෙයුම් පද්ධතිය ආරම්භයකට යාමට සිදුවීමයි. සමහරවිටක ඉතා වැදගත් කටයුත්තක අතර මැදදී පවා මෙම අවශ්‍යතාවය ඇතිවීම අපහසුවන් අතිකරවන්නක් වී තිබුනා. වින්ඩෝස් 8 සමග මෙම තත්වය බොහෝ දුරකට අවමකර අති බවටයි පැවසෙන්නේ. ආයතනය පවසන්නේ බොහෝ විට මාසයකට එක් වතාවක් පමනක්  එම නැවත පන ගැන්වීම අවශ්‍යවන බවත් එය භාවිතාකරන්නන් අතර ප්‍රකට  "යාවත්කාලීන අගහරුවාදා" නොහොත් මාසයේ දෙවන සතියේ අගහරුවාදාට නියමිත වන බවයි.
  ආයතනය පවසනවා පෙරදී පැවති යාවත්කාලීන සම්බන්ද "පොප් අප් මෙනු" බොහොමයක් නවසංස්කරනයත් සමග ඉවත්කර ඇති අතර ලොගින්  ස්ක්‍රීනය සමග යාවත්කාලීනයන් ලබාගැනීමේ අවශ්‍යතාවය භාවිතා කරන්නාට දින තුනක් තිස්සේ දැන්වීම කරන අතර භාවිතාකරන්නා මේ පිලිබදව සැලකීමක් නොගතහොත් පමනක් අදාල යාවත්කාලීනයෙන් පසුව පරිගණකය ස්වංක්‍රීය නැවත පනගැන්වීමකට යන අතර ඒවන විට පරිගණක මතකය තුල සුරක්ශිත නොකරනලද දත්තයන් පවතිනවාද යන්න  හා පරිගණකය කිසියම් ක්‍රියා වලියක් අතර සිටින්නේද යන්න සලකා බැලෙන බවත්. 

ෆේස්බුක් අඩවිය අභිරහස් පහරදීමක...

ගතවීගිය දින කිහිපයක සිට ෆේස්බුක් ගිනුම් හිමියන්ගේ අනුදැනුමෙන් තොරව පැතිර යමින් පවතින අසැබි හා පිලිකුල් සහගත ඡායාරූ කිහිපයක් ගැන තම ආයතනයේ අවධානය යොමුවී ඇති බවටයි ෆේස්බුක් ආයතනයෙන් නිකුත්වූ පුවතකින් කියවෙන්නේ. ප්‍රකට පුද්ගලයෙකුගේ නිරුවත්ඡායාරූපයක් හා සුනඛයෙකු අසිශ්ඨ ලෙස ඝාතනය කර ඇති ආකාරය පෙන්නුම් කර ඇති ආකාරය පෙන්නුම් කරන ඡායාරූපයකින් ඒවා සමන්විතව ඇති බවටයි තොරතුරු පලවන්නේ.
              භාවිතාකරන්නාව අනවශ්‍ය සබදතා අවදිකිරීමකට පෙලබවා ගැනීමට ,තම ගිනුමේ නිවැරදි ආරක්ශක සැකසුම් නොමැති කමින් අනවශ්‍ය කේතයන් ගිනුම තුල තැන්පත් කිරීමක් හෝ අඩවියේ හදුනා නොගත් දුර්වලතාවයක් මෙම තත්වයට හේතුවිය හැකි බවට මත පලවන අතර අඩවිය තුල පවතින  හිතමිතුරු හා පවුල් සබදතා අපහසුවට පත්කිරීම මෙම පහරදීමේ අරමුන විය හැකි බවටයි මත පලවෙමින් ඇත්තේ.ෆේස්බුක් ආයතනය පවසන්නේ සැක සහිත සබදතා අවදිකිරීමේදී කල්පනා කාරීවන ලෙසත් තත්වය සමනය කිරීම සදහා කටයුතු කරමින් සිටිනා බවයි

2011-11-15

ඇඩෝබි වෙතින් විශාල දත්තගොනු හුවමාරුවට පහසුවක්......

ඇඩොබේ ආයතනය අද සිට භාවිතයට මුදා හැර ඇති නවතම පහසුකම් දෙකක් ගැන තොරතුරු පලවනවා.  ඉන් එකකින් සිදුවන්නේ ප්‍රමානයෙන් විශාල දත්ත ගොනුවක් හුවමාරුවේදී දැනට ඇති අපහසුතාවයට විසදුමකි. ඒ සදහා ඇඩෝබි හි SendNow මතට එම දත්ත ගොනුව රදවා ඊමේලයක් තුලින් එහි ලිපිනය ලැබිය යුත්තාට යොමුකීරීම තුලින් පහසුවෙන් ප්‍රමානයෙන් විශාල දත්ත ගොනුවක් උවත් පහසුවෙන් හුවමාරුකර ගත හැකිවනු ඇති බවයි පැවසෙන්නේ.
             අනෙක් විසදුම ලෙස ඔවුන් පවසන්නේ මයික්‍රසොෆ්ට් අවුට්ලුක් සදහා ප්ලගීනයක් ලෙස ලබාදෙන පීඩීඑෆ් කන්වර්ටරය භාවිතා කිරීම බවයි පැවසෙන්නේ.

https://www.acrobat.com/sendnow/en/desktop-download.html

දත්ත මිනිසා......

මා අසුන්ගත් ආසනයට ඉදිරියෙන් ඇති ආසනයේ පසුතලයේ ඉහල කොටස ක්ශනයකින් පරිගනක මුහුනතක් බවට පත්විය. ඊලග මොහොතේදී මාගේ මව් බසවූ ටිබෙටියානු භාෂාවෙන් සුහද පිලිගැනීමේ වැකියක් දිස්විය. ඊලගට මා උපන් ගම්මානයේ කදුයායේ ඉහලින්ම පිහිටි ටිබෙට් පංසලේ අපූරු දර්ශනයක් තිරය මත පතිත විය. අතීත අයෙකු මෙය දු‍ටුව හොත් මදක් කලබල වෙනු ඇත. එකල ඔවුන් පාවිච්චිකල අවසර පද වැනි ප්‍රාතමික මට්ටමේ අනන්‍යතාවයකින් තොරව ටීටා අවකාශය මා හදුනා ගත්තේ කෙලෙසකදැයි  විමසනු ඇත. තප්පර විස්සක පමන කාලයක් තුල  අඩුම තරමින් ඔබේ දැසේ චලනයන්  බීටා අවකාශයේ හදුනා ගැනීමේ උපාංගයකට නිරාවරනයවීම හොදින්ම සෑහිනි.
                                   " ටීටා අවකාශයට  ගෞරවනීය දෙවන මට්ටමේ පුරවෙසියෙකු ලෙස ඔබව සාදරයෙන් පිලිගනිමි. ඔබගේ සංස්කෘතිය ආගම හා භාශාවට මම මහත්සේ ගරු කරමි. ඔබදැන් පිවිසෙමින් සිටින්නේ නෙක ජාතීන් සියගනනක් සමානයන්සේ සැලකෙන අවකාශයකටයි.මහත්මයානනි අමතක නොකරන්න, ඔබේ  ජාතිකත්වය , ආගමිකත්වය සේම ආවේනික භාශාවන් ඇත්තේ සමානයන්තුලට සුන්දරත්වයක් ගෙනෙන වෙනසක් ඇතිකිරීමට මිස එකිනෙකා අතර පරයන පරතරයක් නිර්මානය කරගනිමින් ජීවිත ව්‍යසන බවට පත්කර ගැනීමට නොවේ. මා ලොව පුරා පවතින ප්‍රමිතිගත ආගම් 398 හදාරා ඇති අතර එම කිසිදු ආගමක මුල් නායකයෙකු  තවත් ආගමකට හෝ ජාතියකට හෝ වෙනයම් කොටසක ප්‍රමිතිගත භාවිතාවකට එරෙහි වන්නයයි පවසා නැත. එම ඡේදයට යටින් තොරාගැනීමේ අවස්ථා තුනක් ටීටා අවකාශය මට ලබාදී තිබිනි. (1) පිලිගත නොහැකියි.මම යලි තෙවන මට්ටමේ සාමාන්‍ය ජීවිතයට ඇතුලුවෙමි. (2) සැක සහිතයි. මම ඔබ සමග තර්ක කරන්නට කැමැත්තෙමි.(3) පිලිගනිමි. ඉදිරියට යන්නට කැමැත්තෙමි". අනෙකුත් සුදුසුකම් සපුරා ඇතිනම් එම කෙටි තෙවන එකගතාවය තුල ටීටා අවකාශයේ දෙවන මට්ටමේ පුරවැසියෙකු වීමේ අවස්ථාව ලැබෙනු ඇත.

ඔවුන් පවසනවා ඔබගේ ශීතකරනය තවදුරටත් හුදකලා උපකරනයක් නොවන බව....

ඔවුන් පවසනවා ඔබගේ ශීතකරනය තවදුරටත් හුදකලා උපකරනයක් නොවන බව. එහි අඩංගු දෑ ක්‍රමයෙන්  අඩුවන විට අන්තර්ජාලය හරහා අදාල වෙළද ආයතන වෙත දන්වා නිරන්තරයෙන් ඔබගේ ආහාර අවශ්‍යතා ගැටලුවකින් තොරව සපයාලීම එහි කාර්යය වනු ඇත. තවත් විටක ඔබගේ රාත්‍රී ආහාරවේල ගැන ඔබගේ සමාජ ජාලා පි‍ටුවෙහි ස්වංක්‍රීයව පලවුවහොත් කලබල නොවිය යුතුය. මක්නිසාද ඔබගේ "ඩිනර් ප්ලේටය" අන්තර්ජාලය හරහා ඔබගේ සමාජ ජාලාගිනුම හා සම්බන්දකම් පවත්වන නිසා වෙනි. එපමනක්ම නොව ඔබ නිවසේ ‍රැදෙන අතර ඔබ වෙනුවෙන්  ඔබගේ රොබෝ යන්ත්‍රය කාර්යාලය කරා යන දිනය නුදුරු අනාගත දිනයක උදාවන සලකුනු දැනටමත් බිහි වෙමින් ඇත. වාර්ථාවන ආකාරයට සෙන් ප්‍රැන්සිස්කෝ ආසන්නයේ පිහිටා ඇති ගූගල් පර්යේක්ෂනාගාරයක මේ මොහොතවන විටත් මෙවැනි අනාගත නිපැයුම් 100කට අධික ප්‍රමානයක් ගැන පර්යේක්ෂන කෙරෙමින් ඇත. ඉහත දැක්වෙන ඡායාරූපයෙන් දැක්වන ආකාරයේ රියදුරන් රහිත වානහ නිෂ්පාදනය ගැන ගූගල් ආයතනයේ දැඩි අවදානය යොමුව ඇති බවටයි තොරතුරු කියවෙන්නේ.

2011-11-14

ඒ එම් ඩී ආයතනය විසින් 16-කෝර් චිපය.....

ඒ එම් ඩී ආයතනය විසින් 16-කෝර් චිපය වසරකට ආසන්න පමාවකින් පසුව වෙළද පොලට නිකුත්කරන්නට සූදානම් බවටයි තොරතුරු පලවන්නේ. මෙය x86  ප්‍රොසෙසර් කාන්ඩය තුල දැනට භාවිතාවන වැඩිම කෝර් ප්‍රමානයක් ‍රැගත් ප්‍රොසෙසරය වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙම ප්‍රොසෙසරය මීට ප්‍රතම ප්‍රොසෙසරය වන 12-කෝර් ප්‍රොසෙසරය හා සසදන විට සියයට 25-30 අතර වේගය අතින් ඉදිරියෙන් සිටින බවටයි වාර්ථාවන්නේ.
    සර්වර් මට්ටමේ පරිගණක ඉලක්ක කරගෙන නිපදවා ඇති මෙම ප්‍රොසෙසරය ධාරිතාවය ක්‍රියාත්මකවීම අතින් මෙන්ම ශක්තිය පිරිමැස්ම අතින් ඉදිරියෙන් සිටින බවටයි තොරතුරු පලවන්නේ. ‍තෝරාගැනීම් අවස්ථා පහකින් නිකුත්වන මෙම ප්‍රොසෙසර කාන්ඩයතුල "ක්ලොක් ස්පීඩය"  ගිග්ස් 1.6 සිට 2.6 දක්වා  වන අතර මිල ඇමරිකන් ඩොලර් 523 - 1013 අතර වනු ඇති බවටයි කියවෙන්නේ.බල භාවිතාව වොට් 85-140 අතර වනු ඇති බවටත් එහි සටහන්ව තිබුනා.

2011-11-13

පිවිසුම (දත්ත මිනිසා)

අපේ ආච්චි අම්මා නිතර භාවිතාකරන වචනයෙන් පවසනවානම් ඒක හරිම ශාන්තිමත් උදෑසනක් උනා. හරියටම උදෑසන හයයි තිහ වනවිට මා තොරගෙන තිබූ විශ්ව විද්‍යාලයට අයත් බස් රථය නිවස ඉදිරිපිට නවතාලනු ලැබුවා.එය සම්පූර්නයෙන්ම ස්වංක්‍රීය වාහනයක්වූ නමුත් ජපන්ජාතික සුරූපී තරුනියක් පිලිගැනීමේ මිලධාරිනිය ලෙස මා පිලිගනු ලැබුවා.2022 ජනවාරී මස 8 වන දිනයේ මගේ ඉලෙක්ට්‍රොනික දින සටහන අරබා තිබුනේ එලෙසය." ඔබ අපගේ සරසවිය වෙත සාදරයෙන් පිලිගන්නවා".යල් පැන ගොස් ඇතිමුත් ඒවායේ ඇති සුන්දරත්වය නිසාම තවමත් මිනිසුන් භාවිතාකරන තම ජාතික අනන්‍යතාව දක්වමින් හිස නමා ඇය මට ආචාර කලාය. ඔබේ අසුන් අංකය තිස් හතර ඉදිරි පැය දෙකක් වන විශ්වවිද්‍යාලය වෙත ගමන තුලදී ඔබේ ලියාපදිංචි කටයුතු හා ඔබ තොරාගෙන ඇති පාඨමාලාවන් ගැන තොරතුරු ලබා දෙනවා ඇති. ඇගේ අනන්‍යතාවයට ගරුකරමින් මමද හිස නමා ආචාර කරමින් මගේ අසුනවෙත ගොස් අසුන් ගතිමි.

2011-11-12

සරසවි සිසුවෙකුව සිටියදී ටීටාගේ පරිනාමය ගැන වැඩියෙන් සැලකිලිමත්.......

මා සරසවි සිසුවෙකුව සිටියදී ටීටාගේ පරිනාමය ගැන වැඩියෙන් සැලකිලිමත් වුනෙමි.ඒ තුලින්න් පරිගණකය යන වචනය භාවිතයට හුරු විය. නැතිනම් සමකාලීනව  පරිගණකය යන වචනය භාවිතයක් නොමැතිබව පැවසිය යුතුය. ඓතිහාසික දේශනයෙදී එම මහචාර්ය වරයා ඒ ගැනද එක් වැකියකින් යමක් පවසා තිබිනි."තවදුරටත් වෙනම නමකින් එය වෙන්කර හදුනාගත නොහැකි තරමට අපේ ජීවිත වලට සම්බන්ද වෙලා ඉවරයි.සරලව පවසන්නේ නම් යන එන, කන බොන, සිතන පතන, හැම තැනකම එය පැතිරිලා, කොටින්ම ටීටා කියන්නේ ඔබේ ජීවිතයේම කොටසක්. තවත් විදිහකින් කිව්වොත් ඔබට මහත් පහසුවක් ගෙනෙන ඔබේම ඉලෙක්ට්‍රොනික මානසික පිටපතක්." එතුමා මෙසේද සදහන් කර තිබිනි. "ආගමික මෙන්ම දේශපාලනික බොහෝ වියතුන් විවිධ ලෙසින් පෘතුවි ජාතියක් ගැන විවිද විදිහට සටහන් කරලා තිබුනා. එය අත්පත්කරගන්නට නෙක ක්‍රමවේද යෝජනා කර තිබුනා. එහෙත් මිනිස් වර්ගයා නොසිතුලෙස ටීටාගේ ආගමනය තුල ස්වංක්‍රීයවම එය සිද්ද උනා."
                                පෙර සටහන දහම ගැන සදහනකින් අවසන් කරන්නට මෙසේ මම තීර්නය කලෙමි. ටීටාවට නෙක ජාතීන් අතර පැතිර ඇති ආගම අතරින් බහුලව පැතිරතිබූ ආගම් කිහිපයක් ගැන "ආකල්පයන්" කැවීමට අවශ්‍යවිනි. තම මුල් ආගමික ඇදුමට මතුපිටින් නෙකවර්න බොහෝ දේහැද පැලද සිටි එම ආගම් වල නායකයින් ඒ සදහා වඩා සුදුස්සන් තමන් බව පවසමින්  ලක ලෑස්ති වන්නට විය.එහෙත් අවසානයේදී ටීටා විසින් තොරා ගනු ලැබුවේ බොහෝ දුර  බැහැර පලාත්වල සිටි අවංකව තම දහම තුල හැසිරෙන සෑබෑ උතුමන්  කිහිප දෙනෙකි."ටිටා සැබෑ දක්ශයෙකු බව ඒතුලින් මම තේරුම් ගත්තා" . පෙර කී මහාචාර්යවරයා තම දේශනය අවසන් කර තිබුනේ එලසය.  (දත්ත මිනිසා)

ටීටා පරිගණකය අපි සිතුවාට වඩා පුදුමාකාරවිදිහට මානුෂික බව අත්පත් කරගත්තා........

කෙටිකාලයක් ඇතුලත ටීටා පරිගණකය අපි සිතුවාට වඩා පුදුමාකාරවිදිහට මානුෂික බව අත්පත් කරගත්තා. 2018-2020 කාලය අතර විශාල වෙනසක් උනා. ප්ලස්ටික් හා ලෝහ උපකරන සංයුතියකට "ඔව්- නැත" වෙගෙ සරල තර්කයක් කැවීමෙන් ගොඩනැගුනු සරල උපකරනයට මිනිස් මොලයක සංකීර්න නිවුරෝන රටා ප්‍රදේශයට පහසුවෙන් පිවිසෙන්නට හැකිවීම හරිම අපූරු අත්දැකීමක්. සියවස් කිහිපයකට පෙර සිටි බොහෝ විද්‍යා ප්‍රබන්ධ නිර්මාන කරුවන්  විස්වාසකරමින් සිටි රලු යාන්ත්‍රික මනසට තම පැවත්ම ‍රැක ගැනීම පමනක්වූ ජීව ගතිය එක්වීමෙන් නිර්මානය වනු ඇතැයි බලාපොරොත්තුවූ විනාශකාරී යාන්ත්‍රික මනස වෙනුවට, සමහර විටක සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය අධිමානුෂිකව හැසිරෙමින් අනෙකා වෙනුවෙන් කැපවීම  පරිත්‍යාගය සමානව සිතීම වැනි අපූරු ගතිගුන පෙන්නුම් කරන්නට පටන් ගත්තා. ඓතිහාසික දේශනයේ ලිඛිත පිටපතට අනූව මෙසේ සටහන්ව තිබෙනවා. ඒ මොහොතේදී දේශනයට සවන්දෙමින් සිටි කටකාර සරසවි සිසුවෙක් එකවරම නැගී සිටිමින් මෙසේ පැවසුවා, "සමහර විටක ඒකාලයේ මිනිස්සු හිතන්න ඇති අනාගතයේදී විද්‍යුත් මනස තමන්ගේ මනස වගේ හැසිරේවි කියලා". (දත්ත මිනිසා)

2011-11-11

ඔපෙරා 11.60 බීටා සංස්කරනය........

ඔපෙරා 11.60 බීටා සංස්කරනය නිකුත්වූ බවටයි කරුනු පලවෙන්නේ. හදුනාගෙන තිබූ දුර්වලතා කිහිපයක් සදහා සකස්කිරීම්  සමග භාවිත මුහුනත වඩා  ආකර්ශනීය බවක් මෙන්ම මූලික යාන්ත්‍රනයේ  වෙනස්කම් කිහිපයක්ද සමගින් නව සංස්කරනය හදුන්වා දෙන බවටයි පැවසෙන්නේ. එච්.ටී.එම්.එල් 5 සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන නව සංස්කරනය පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් දැක ගත හැකිවනු ඇති බවටයි කියවෙන්නේ.

http://my.opera.com/desktopteam/blog/

2011-11-10

සෝන් එලාම් වෙතින් නොමිලේ නිකුත්වන ෆයර්වොල් 2012 මෘදුකාංගය.....

ලොව පුරා පරිගණක භාවිතා කරන්නන් මිලියන 200 පමන  නොමිලේ ලබාගත නිකුත් කරන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන බවටයි පැවසෙන්නේ. එසේම විද්වතුන් පවසන්නේ ද්විත්වදෙසට  ආරක්ශාව සලසන ෆයර්වෝලයක ආරක්ශාව නොලැබීමෙන් විවෘත සයිබර් අවකාශයේ ඇති හානිකර මෘදුකාංගවලින් සියයට තිහක පමන ප්‍රතිශතයකට හදුනාගැනීමකට ලක්නොවී පැවතීමේ හැකියාවෙන් යුක්ත වන බවයි.අනවසර පිවිසෙන්නෙකු වලකාලීමේදී නම් මෙම බොහොමයක් ආරක්ශක මෘදුකාංග දුර්වල බවටයි තවදුරටත් පැවසෙන්නේ.
          සෝන් එලාම් වෙතින් නොමිලේ නිකුත්වන ෆයර්වොල් 2012  මෘදුකාංගය මේ සදහා හොදම විසදුමක් ලෙස විචාරකයින් පවස සිටිනවා. සියලුම පාහේ ආරක්ශක මෘදුකාංග සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවක් ඇති මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය නවතම භාවිත මුහුනතකින් හා තවත් දියුනුකිරීම් කිහිපයක් සමගින් සමන් විත වන අතර පහත ලිපිනය ඔස්සේ පිවිස ඔබටද එය බාගත කිරීමේ හැකියාවෙන් යුක්ත වනු ඇත.

http://www.zonealarm.com/security/en-us/zonealarm-pc-security-free-firewall.htm

ඇඩොබි ප්ලැෂ් ප්ලේයරය සෙමින් සමුගනිමින්.......

ඇඩෝබි ආයතනය තම බහුලතම භාවිතාවක් ලබාගෙන ඇති ප්ලෑෂ් ප්ලේයරයේ මොබයිල්  බ්‍රවුසර් සදහා වන සංස්කරනය සංවර්ධනය කිරීම නවතා දමන්නට තීර්නය කර ඇති බවට පුවත් පලවෙනවා.එහි ඩෙස්ක් ටොප් සංස්කරනය 2014 හෝ 2015 දක්වා වැඩි භාවිතාවක් පවතිනු ඇති බවට බලාපොරොත්තුවන අතර වින්ඩෝස් 8 හි භාවිතය පැතිරෙන ප්‍රවනතාවයට සාපේක්ශව ඩෙස්ක් ටොප් බ්‍රවුසර් සදහා වන ඇඩෝනයක් ලෙස ප්ලැෂ් ප්ලේයරයේ භාවිතය අඩුවී යනු ඇති බවටයි මත පලවෙමින් ඇත්තේ. මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් පවසා ඇත්තේ  තම මීලග මෙහයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 වල ස්පර්ශක තිර සංස්කරනයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය සදහා ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයර් ඇඩෝනය භාවිතය ලබන වසර තුලදී  නවතා දමන්නට දැනටමත් තීර්නයකර ඇති බවකි.

ජීවිතයම දත්ත ගොනුවකි....

පෘතුවිය මතුපිට පැතිර ඇති විසල් දත්ත ජාලය තැනින් තැන ඇති සජීවී අජීවී සියල්ල එකිනෙක යාකරන දිනය තවත් ඈතක නොවුනු ඇත. මිනිසෙකුගේ අත්ල මතට එන කුඩා උපකරනයක් ඔහුගේ ජීවිතය වටා ඇති සියලුම දෑ, පාවහන් යුගලේ සිට නිදියහන දක්වා , නිවසේ සිට  කාර්යාලය දක්වා සියල්ල විසින් තමන්ගේ පරිසරයේ දත්ත වෙනස්වීම් හදුනා ගනිමින් ස්වංහැඩගැසීම් අදාල ජාලය තුල බෙදා හදා ගැනීම දක්වා පමනක් නොව භාහිර ලෝකයට අදාල වන දෑ අන්තර්ජාලය මතට මුදා හරිමින් එකිනෙක යාකරන තොරතුරු යුගයේ දෙවන ඇරබුම උදා වෙමින් ඇතුවාසේය.
                  හදාරන්නන් පවසන්නේ  2020 වන විට පෘතුවිය මත එකිනෙක යාවුනු උපකරන බිලියන 50 පමන වනු ඇති බවයි. සරලව සලකන්නේනම් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින් 8 සමග එලබෙන යුගය තුල තමබොහෝ මිලදී ගැනීම් භාවිතා කරන්නාගේ එදිනෙදා භාවිතයේ ඇති කිහිපයක්මවන උපකරන සදහා පොදුවන බවයි. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් තම නවතම මෘදුකාංග දැන්වීමකින් පවසා සිටින්නේ තම භාවිතාකරන්නන්ගේ ජීවිතය වටා ඇති දත්ත හසුරවන උපකරන පද්ධතිය සදහා තමන්ගේ මීලග නිශ්පාදනය සූදානම් බවකි.වරක් තම දේශනයකදී විද්වතෙකු පවසා සිටියේ " දෙවියන් වහන්සේ පෘතුවිය මතුවිට ඇති සීමිත දේවල් කොටසකට පමනක් ජීවය දී ඇත. එලබෙන යුගයේදී දැනට අජීවීයැයි සලකන බොහෝ දේ මත සවිවන සංවේදක උපකරන විසින් ඒවා වෙතටද කිසියම් ජිවයක්  ලබාදෙන්නට කටයුතු  කරනු ඇත" කියාය.

2011-11-09

මොසිල්ලා තන්ඩර්බර්ඩ් 8 හා ලයිට්නිං 1.0 නවාංග රාශියක් සමග....

මොසිල්ලා තන්ඩර්බර්ඩ් 8 හා ලයිට්නිං 1.0 නවාංග රාශියක් සමග නිකුත්ව ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. දැනට ලොවපුරා භාවිතාවන භාෂා 51 සමග කටයුතු කලහැකි මෙම මෘදුකාංගය මයික්‍රසොෆ්හි අවුට් ලුක් සදහා ඉදිරිපත්වන  විවෘත මෘදුකාංගමය විකල්පයක් ලෙසයි සැලකෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස මේ පිලිබද වැඩිපුර තොරතුරු ලබාගත හැකිවනු ඇත.

http://www.mozilla.org/en-US/thunderbird/8.0/releasenotes/

ඇපල්හි ජංගම මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතාවයක

ඇපල්හි ජංගම මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙස අනවසර පිවිසෙන්නෙකුට එම උපකරනයක සම්පූර්න පාලනය කිමිකර ගැනීමේ අවස්ථාවක් පවතින බවටයි පුවතකින් හෙලිවන්නේ. එම උපකරනයකින් ඡායාරූප , සබදතා විස්තර මෙන්ම හුවමාරුවන පනිවිඩ භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ලබා ගැනීමේ ඉඩක් සැලසෙන මෙම දුර්වලතාවය පිලිබදව ඈපල් ආයතනයට දැන්වීමක් කල නමුත් තවමත් නොවිසිදී ඇති බවයි ඔහු ප්‍රකාශකර සිටින්නේ. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඇප්ස්  බාගත කරන විට වඩ කල්පනාකාරීවීම ඉතාම වැදගත්වන බවත් බොහොමයක් ඇප්ස් වල හානිකර ස්වභාවයන් තමන් දැක ඇති බවත්ය.

2011-11-08

ෆයර්ෆොක්ස් 8 සංස්කරනය..

ලිනක්ස් , වින්ඩෝස්  මෙන්ම මැක් සදහා සංස්කරනයන්ගෙන් සමන්විත ෆයර්ෆොක්ස් 8 සංස්කරනය නිකුත්වී ඇති බවටයි තොරතුරු පලවෙන්නේ.නව සංස්කරනයේදී ඇඩෝනයන් පාලනයකිරීමේ හැකියාව මුලුමනින්ම භාවිතාකරන්නාහට ලැබෙන අයුරින් සකස්වී තිබීම ආරක්ශාව දෙසින් විශාල වෙනසක් ‍රැගෙන එනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ‍ටුවිටර් භාව්තයට වඩාත් පහසුකර ඇති අතර , ඔඩියෝ හා වීඩියෝ වඩාත් පහසුවෙන් හැසිරවිය හැකිලෙස මතක භාවිතාව තුලද දියුනුකිරීම් කිහිපයකින් නව සංස්කරනය සමන්විත බවටයි පැවසෙන්නේ.වෙබ් නව ප්‍රවනතා සමග වඩාත් සැසදීම් කිහිපයකින් නව සංස්කරනය සමන්විත වන බවයි කියවෙන්නේ.

වින්ඩෝස් ෆෝන් 7.5 හදුන්වාදෙමින්

මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා  තම නවතම "ස්මාර්ට් ෆෝන්" මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් ෆෝන් 7.5 හදුන්වාදෙමින් පවසා සිටියේ අනාගතයේ සියලු උපකරන වලට පොදුවූ  මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය බවකි.ආයතනයේ විධායකයෙකු පවසා සිටියේ පෞද්ගලික පරිගණකයන් , ටැබ්ලටයන් මෙන්ම මයික්‍රසොෆ්ට් මූලික දුරකතනවලටද පොදුවන මෙහෙයුම් පද්ධතියක් තම ආයතනයේ අනාගත ඉලක්කයක් බවයි. ඔහු පැවසුවේ ඇප්ලිකේෂන නිර්මාන කරනයේදී එය මහත් පහසුවක් වනු ඇති බවකි. වින් 8 සමග එම වෙනස දැනටමත් ඇරබී ඇති බවත් එහිදී පැවසුනා. එම නව මෙහෙයුම් පද්ධතිය මෙට්‍රෝ ආකාරයේ වින්8 මුහුනතට බෙහෙවින් සමානව සකස්වී ඇති බවටයි වැඩි දුරටත් ඔහු පෙන්වාදෙනු ලැබුවේ.
   සියලු උපකරන එකට හමුවන අන්තලය ලෙස ඔහු අවදාරනය කර සිටියේ වෙබ් මූලික ක්ලවුඩ් සේවාවක් බවත් එය දැනටමත් වින්ඩෝස් ලයිව් සමග ලබාදෙන බවත් නුදුරේදීම සමාජ ජාලාමය අඩවියක් පැමිනීමත් සමග තත්වය වඩත් පූර්න වනු ඇති බවටත් බලාපොරොත්තු පලකොට සිටියා.නව මෙහෙයුම් පද්ධතිය දැනටමත් වින්ඩෝස් ෆෝන් භාවිතාකරන්නන් සදහා නොමිලේ ලැබෙන යාවත්කාලිනයක් ලෙස ලබාගත හැකිවනු ඇති බවයි එහිදී පැවසුනේ.

2011-11-06

දත්ත මිනිසා

"2010 වැනි කාලවල් වන විටත් මිනිසුන් ඇතිතරම් යාන්ත්‍රික වෙලා සිටියේ.ඒකාලයේ සිදුවීම්  ගැන ටිකක් සංවේදීව හදාරනකොට හැගෙන දෙයක් තමයි දියුනු යැයි සම්මත මිනිස් කොටස් නොදැනුවත්වම තමන්ගේ තක්කඩි කම් හැරෙන්නට අනිත් සියල්ලම යාන්ත්‍රික කරගෙනයි සිටියේ. සංගීතය චිත්‍ර කලාව පමනක්නොව වේදිකාව ආදී සියල්ලෙන්ම මිනිස්වභාවය මියයමිනුයි පැවතුනේ.කටපාඩම් කරගත් සූත්‍ර පාථ ආදිය නැවත දෙසන්නන් විද්‍යාව හා තාක්ශනික විෂයන් පාලනය කරන මාහා විද්වතුන් බවට පත්වී තිබුනු අතර මහත්මිල අධික උපකරන අත්පත්කරගැනීම තුලින් පමනක් , තමන් අතිනවීන තාක්ශනය විදින්නෙකු යැයි විස්වාස කරන තාක්ශනය භාවිතා කරන්නන්ගෙන් සමාජය පිරී තිබුනා..." ඓතිහාසික දේශනයෙන් කෙටිකලකට පසුව එම මහාචාර්යවරයා හදිසියේ මියයාම තවමත් නොවිසිදුනු ගැටලුවක්ව තිබුනා.ආගමික නායකයින් කලාකරුවන් පමනක් නොව තොරතුරු තාක්ශනික විද්වතුන්ගේ විමසිලි බවේ ඇස් ඇරවන්නට සමත්වූ එම දේශනය පෘතුවිය මත මිනිස්වර්ගයාගේ මග වෙනස් කරන්නට තරම් බලපෑමක් කල අල්පයක්වු ඓතිහාසික දේශන අතර එකක් ලෙස එම දේශනය සදාතනික වනු ඇත.

2011-11-04

මයික්‍ර සොෆ්ට් වෙතින් තාවකාලික යාවත්කාලීනයක්......

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පලවන  නිවේදනයකට අනූව මැත කාලයේ මහත් කතා බහට ලක්වෙමින් තිබූ මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිවල සියලුම සංස්කරනයන්ට පොදුවූ දුර්වලතාවයක් සදහා තාවකාලික මට්ටමේ යාවත්කාලීනයක් නිකුත් කල බවට කියවෙනවා. ට්‍රොජන් ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලෙස හදුනා ගන්නා මෙම පහරදීම සාර්තක කරගැනීමට පහර දෙන්නෙකු සමත් වුවහොත් කර්නල් මට්ටමින් ඇතුලුකරන මෘදුකාංගයක් හරහා පරිගණකය තුල වෙනම පූර්න මට්ටමේ ගිනුමක් සකස්කරගන්නට සමත්වන බවටයි කරුනු පලවන්නේ.
     දැනට හදුනා ගෙන ඇති සංකීර්න මට්ටමේ තොරතුරු මේ වනවිටත් ආරක්ශක මෘදුකාංග සමාගම් අතර දැනුවත් කර ඇති බවත් කෙටි වෙලාවක් ඇතුලත මෙම හානිකර මෘදු පහරදීමට අදාල "සිග්නේචරයන්" නිකුත්වෙනු ඇති බවටයි එහි වැඩිදුරටත් සටහන් වන්නේ.
    තවත් තොරතුරු පලකිරීමකින් පැවසෙන්නේ මෙම පහරදීම් ස්වංක්‍රීය ආකාරයේ නොවන බවත් වර්ඩ් මට්ටමේ ගොනුවකින් පමනක්  සිදුවන බවත් ඊමේලයන් සමග එන "බැදි ගොනු" විවෘතකිරීමේදී සැලකිලිමත්වීම වැදගත් පියවරක් වනු ඇති බවත්ය.. ඉහත් සටහනේ දැක්වෙන්නේ දැනට මෙම ආසාධිත තත්වය හදුන ගෙන ඇති (රතු වර්නය) ප්‍රදේශ හා
 සැක කරන (තැබිලි වර්නය) ප්‍රදේශයි

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංග කිහිපයක්......

නිරෝගී පරිගණකයක් ඔනෑම භාවිතා කරන්නෙකුගේ හැම විටම ප්‍රමුක කැමැත්තය. කාර්යක්ශම පරිගණකයක් භාවිතකරන්නාට මහත් ආශිර්වාදයකි.අකාරය්‍යක්ශම පරිගණකයක් නිර්මානය වන්න්ට භාවිතා කරන්නාගේ දුර්වලතාවයන් , දෘඩාංග හෝ මෘදුකාංග ගැටලු මෙන්ම බාහිර මැදිහත්වීමක් හේතු සාධක විය හැක.පහත දැක්වෙන්නේ පරිගණකය නිරෝගිව පවත්වාගෙන යාමට ඔබට උපකාරී විය හැකි මෘදුකාංග කිහිපයකි.
        Clonezilla
සමහර විට මෘදුකාංගමය බිදවැටීමක අවසාන ප්‍රථිපල ලෙස නැවත මෙහෙයුම් පද්ධතිය  ස්ථාපනයෙන්  මෙපිට විසදුමක් නැතිවන අවස්ථාවක් ඇති විය හැකිය. මෙම මෘදුකාංගය මගින් ඔබේ දෘඩ තැටියේ ප්‍රධාන කොටසේ පිටපතක් ලබාගෙන තබාගැනීම ප්‍රයෝජනවත් විය හැක. නිශ්පාදකයින් පවසන්නේ සමාන්තර වෙළද නිශ්පාදනවලට වඩා මෙම විවෘත මෘදුකංගය බෙහෙවින් සාර්තක බවකි.
       System information for Windows  

        කාලාන්තරයක් තිස්සේ භාවිතාකරන ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ඇති මෘදුකාංග ආදිය ගැන ඔබට සමහර විටක අමතකව පවතිනවා වන්නට ඉඩ ඇත.මෙම මෘදුකාංගය එම ගැටලුව විසදා දෙනු ඇත.
             Semper Driver Backup
හදිසි මෙහෙයුම් පද්ධති නැවත ස්ථාපනයකට යාමට සිදුවන සමහර අවස්ථාවලදී  ඊලගට හමුවන ගැටලුව වන්නේ "ඩ්‍රයිවර්ස්" අහිමිවීමේ ගැටලුව වන්නට ඉඩ ඇත.මෙම මෘදුකාංගය මගින් පරිගණකයේ භාවිතවන සියලුම "ඩ්‍රයිවර්ස්" එකතැනකට පිටපත්කොට පසු ප්‍රයෝජනය සදහා ඔබට ලබා දෙනු ඇත.
    
           WinToFlash
     මෙම මෘදුකාංගය මගින් ඔබේ මෙහෙයුම් පද්ධති තැටිය පහසුවෙන් යු.එස්.බී. උපාංගයකට මාරුකරදී එය බූටබල් තත්වයට සකසා දෙනු ඇත. වැඩි වේගයකින් මෙන්ම සුරක්ශිතව තබා ගැනීමේ මෙම පියවර ඔබට සහය වනු ඇත.


(නිමවෙමින් පවතින ලිපියකි)
 

විස්වාසනීය සයිබර් සැරියකට...

"සයිබර් පුරවැසියාත් සාමන්‍ය පෘතුවි වැසියන්ගේම පිටපත්ම වීම ගැනනම් මම අතිශය දුක්වෙමි" වරක් විද්වතෙකු ප්‍රකාශ කර තිබිනි. මංපහරන්නන් වංචාකරුවන් ආදීන් ගෙන් කිහිදු අඩුවක් නැති සයිබර් අවකාශය තම ශක්තිප්‍රමානයෙන් අතිමහත් ප්‍රතිශතයක් වැය කරනුයේ සුරක්ශිතබව තහවුරු කරගැනීම සදහාය.
        සුරක්ශිත සයිබර් සැරියක් මෙහි යන එන කාගේත් ප්‍රමුක අවශ්‍යතාවයකි.Web of Trust යනු  Browser Extension ලෙස ක්‍රියාත්මක වන ෆයර්ෆොක්ස්, ක්‍රෝම්, ඉන්ටර්න්ර්ට් එක්ස්ප්ලොරා,ඔපෙරා හා සෆාරී සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෘදුකාංගයකි.වෙබ් අඩවි භාවිතාකරන්නන්ගේම  විස්වාසනීයභාවය මත මෙම අඩවිය විසින්  වෙබ් අඩවි ප්‍රමති ගත කරන අතර ලෝකය පුරා වෙබ් භාවිතාකරන්නන් අතර වේගයෙන් ජනංප්‍රියවෙමින් පවතින සේවාවකි.
http://www.mywot.com/

2011-11-03

ජර්මන් දත්ත සුරකීමේ ආයතනයකින් ෆේස්බුක් වෙත චෝදනාවක්.......

ජර්මන් දත්ත සුරකීමේ ආයතනයකින් ෆේස්බුක් වෙත චෝදනාවක් එල්ල වෙමින් පවතින බවට තොර තුරු පලවෙනවා.ඔවුන් පවසන්නේ අනිසිලෙස තම භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස්කිරමින් සිටින බවටයි. භාවිතාකරන්නාගේ බ්‍රවුසරය තුල රදවන කුඩා මෘදුකාංගයක් තුලින් ඔහුගේ අන්තර්ජාල  හැසිරීම ෆේස්බුක් ගිනුමෙන් පිටත සිටියදී පවා ‍රැස් කරන බවටත්  සමහර විටකදී තම ෆේස්බුක් ගිනුම වසා දමනු ලැබුව පසුවත් ෆේස්බුක් ආයතනය  ඔහුගේ දත්ත මකානොදමන බවටත් ඉහතකී කුකීස් ආධාරයේන් වසර දෙකක්ට පසුව පවා තම අවධානය අවසන් නොකරන අවස්ථා තමන්ට හමුව ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා. එම පුවතට අනූව කියවෙන්නේ මේ පිලිබදව පිලිතුරු සැපයීමට ෆේස්බුක් තාක්ශන ශිල්පීන්ට සිදුවනු ඇති බවයි.
                    මීට පෙරදී මෙවැනි අවස්තාවක් උද්ගතවූ විටකදී  ෆේස්බුක් ආයතනය පවසා සිටියේ තම දත්ත ‍රැස්කිරිම හානිකර මෘදුකාංග පතුරවන්නන්ගෙන් මෙන්ම බාලවයස්කරුවන් ගේ අනිසි ගිනුම් විවෘතකීම් අවස්ථා හදුනා ගැනීම සදහා වන බවත්ය.

" එය මෙතැන ඇයි?" ගූගල් පිලිතුරු දෙයි.....

ජීමේල් ගිනුමේ සිට ගූගල් සෙයුම් ප්‍රථිපල පි‍ටුව දක්වා අලවන දැන්වීම් වලට අමතරව "Why these ads"ලෙසින් දැක්වෙන කුඩා ටැබයක් මේ වන විටත් ඔබ දැක ඇතිවා වෙන්නට පුලුවන්.ගුගල් ආයතනය පවසන්නේ එම දැන්වීම් පෙර දී මෙන් "එතැනට " පැමින ඈත්තේ අහබුලෙස නොවන බවත් ඔබගේ භූගෝලීය පිහිටීම, භාවිතා කරන භාශාව හෝ මෑතදී කරන ලද සෙවුම්වල ප්‍රථිපල ලෙස බවත්ය. එසේම ගූගල් ගිනුමකට ඇතුලුවී භාවිතාකරන්නෙකුට තමන් ප්‍රිය නොකරන දැන්වීම් වලින් මගහැරෙන සේ තම සැකසුම්  සකසා ගන්නටත් මෙම නව ප්‍රවනතාවය තුල ඉඩ සැලසෙන බවටයි තොරතුරු පලවන්නේ."අප ඔබට වඩාත් ගැලපෙන්නේයැයි හැගෙන දැන්වීම් ඔබවෙත ගෙනෙන මුත් එය වෙනස් කරගැනීමේ හැකියාවද ඔබ වෙතට ලබාදී ඇති බවත් අමතක නොකරන්න" යැයි ආයතනය පවසා තිබෙනවා.
  විචාරකයින් පවසන්නේ නව ප්‍රවනතාවයන් තුල ආයතන සදාචාරාත්මක හෝ නීති ගරුක නොවෙමින් අපි ඔබේ පෞද්ගලිකත්වය හදාරමින් සිටිනවා යන්න පැහැදිලිව පලකල අවස්ථාවක් ලෙස මෙය පෙනෙන බවයි.

බ්‍රිතාන්‍යයෙන් ඩොලර් 25 පරිගණකයක්.........

මීට සයමසකට පෙර බ්‍රිතාන්‍ය ජාතික මහතෙකු පවසා සිටියේ  පෑම දරුවෙකුටම පරිගණකයක් යන සංකල්පය යටතේ ඩොලර් 25 කට පරිගණකයක් නිර්මානය කිරීමේ කටයුත්තට තමන්ගේ අවදානය යොමුවී ඇති බවකි.පසුගිය දිනක නිකුත්වූ පුවතකින් පැවසෙන්නේ මෙම වසර අගදී පමන වන විට එම උපකරන 10000 පමන සංවර්ධකයන් අතට පත් කරන්නට තමන් සැලසුම් කර ඇති බවකි. ඔහු පවසනවා ලබන වසර තුලදී සාමාන්‍ය පාරිභෝගිකයන් සදහා එම නිශ්පාදනය මුදාහරින්නට තමන්ට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බවකි.
          බහුල භාවිතයේ පවතින සියලුම පාහේ බාහිර උපාංග සමග සාර්තකව ක්‍රියාත්මක වියහැකි ආකාරයේ  "ඒ.ආර්.එම්" ආකෘතියක නිර්මානය වී ඇති මෙම උපකරනය දැනට ලිනක්ස් හි සමහර සංස්කරන ධාවනයකල හැකි මට්ටමේ පවතින බවත් පවසා සිටිනවා.එහි වැඩිදියුනු කල මට්ටමේ නිශ්පාදනයක් ගැන මේ වන විටත් අවධානය යොමුවී ඇති බවට පවසන ඔහු "එක් මිලදී ගැනීමකදී තවෙකක් දරුවෙකු සදහා වෙන් වන" ආකාරයේ සැලැස්මක් සමග සමාජ සුබසාධන අරමුනක් සහිතව මුලින්ම බ්‍රිතාන්‍ය තුලත් අනතුරුව ලොවපුරාත් මෙම උපකරන බෙදා හරින්නට තමන් බලාපොරොත්තු වන බවටත් පවසා සිටිනවා.

2011-11-02

හානිකර ෆේස්බුක් පලකිරීමකින් ඇපල් සේවකයෙකු ‍රැකියාවෙන් ඉවතට.......

ප්‍රකට ඇපල් ආයතනයේ සේවයේ නියුතු සුළු සේවකයෙකු තම පෞද්ගලික ෆේස්බුක් පි‍ටුවෙහි පලකල යාවත්කාලීනයකින් ආයතනයේ වෙළද කීර්තිනාමයට හානිසිදුවී ඇතැයි යන පදනම මත සේවයෙන් පහකරන ලදයි පැවසෙන පුවතක් පලවනවා. ඔහු විසින් සීමිත පදනම යටතේ පලකොට තිබූ මෙම පලකිරීම ඔහුගේ මිතුරෙකු විසින් උපුටාගෙන  ප්‍රසිද්ධ පලකිරීමක්සේ නැවත් පලකිරීමෙන් අනතුරුව ලන්ඩන් වල පිහිටි ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානියාට යමෙකු යොමු විසින් අවධානය යොමුකිරීමේ ප්‍රථිපලයක් ලෙස ඔහුව ඇපල් ආයතනයේ සේවයෙන් ඉවත්කරන්නට තීරනය කල බවටයි එයින් කියවෙන්නේ. අදාල සේවක මහතා තම සේවාකාලයෙන් පිටතදීවුව ආයතනයට අගෞරව ලෙස හැසිරීම ආයතනයේ විනය ඉක්මවා යාමක් ලෙස සලකන බවටයි  එහි වැඩිදුරටත් සටහන් වන්නේ

ෆේස්බුක් වෙත socialbots ආකාරයේ පහරදීම්.....

ෆේස්බුක් සමාජ ජාලය භාවිතාකරන බොහෝ අයවලුන් කාලතුරකින් හෝ තම මිත්‍රත්වය පතා ලැබෙන සමහර ඉල්ලීමක් හෝ දෙකක් සදහා කැමත්ත පලකරනුයේ "ඇත්තෙන්ම ඔහු හෝ ඇය මම දන්නා කෙනෙක්දැයි" යන සැකයද සමගය. පලවන අලුත්ම පුවතකට අනූව ඒසදහා ඔබේ යතුරු පුවරුවෙන් ඔබ කැමත්ත පලකරන වාරයක් පාසා ඔබේ තොරතුරු නවතම ආකාරයේ සයිබර් පහරදීම් ක්‍රම වේදයකට විවර කරනවා විය හැකි බවටයි කිය වෙන්නේ.
      කැනේඩියානු සරසවියක පිරිසක් විසින් නිර්මානය කරන ලද මේ ආකාරයේ ව්‍යාජ ෆේස්බුක් භාවිතාකරන්නෙකු හරහා දහස් ගනනින් ඊමේල් ලිපිනයන් මෙන්ම පුද්ගල දත්ත කිසිදු පුද්ගල මැදිහත් වීමකින් තොරව ලබාගැනීමට සමත්වූ බවටයි වාර්ථාවෙන්නේ.ඔවුන් පවසනවා එය සමාජ ආකාරයේ හානිකර මෘදුකාංග ගනයේ පරිගණක වෛරසයක් ලෙස හදුනා ගත හැකි බවටයි.අත්හදා බැලීම තුලදී ඉහත පිරිස විසින් යවන ලද ෆේස්බුක් මිත්‍රත්ව ඉල්ලීම් වලදී පහකට එකක් පමන සාර්තක ප්‍රතිපල ලබාගන්නට තමන් සමත්වූ බවටයි එහි සටහන්ව තිබුනේ.
        ඔවුන් ෆේස්බුක් අඩවිය තුල මුදාහරින ලද මේ ආකාරයේ සෝෂල්බොට්ස් 102 කින්  සතිකිහිපයක් තුලදී මිතුරන් 3000 පමන ‍රැස්කරගත් බවටත් එම මිතුරන්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේද  ඇතුලු ඊමේල් ලිපිනයන් 46500 පමනද 14500 තරම් ඔවුන්ගේ සැබෑ ලිපිනයන්ද ලබා ගත් බවත් තොරතුරු ආකාරයේ පහර දීමකට මෙම දත්තයන් ප්‍රමානවත් වන බැවින් කල්පනාකාරීවන ලෙසට වැඩිදුරටත් පවසා තිබුනා.මෙම පහරදීමක්‍රියාත්මක වනාඅකාරය දැක්වෙන චිත්‍රනයක් පහත පලවේ.

වින්8 පුවත්

"ඇපල් ඇප්ස්" මෙන්ම "ඇන්ඩ්‍රොයිඩ් මාර්කට්" වෙත වින්ඩෝස්8 සමග මයික්‍රසොෆ්ට් ආයතනය  තම ප්‍රතිචාරය දක්වා ඇත. එනම් "මෙට්‍රො ඇප්ස්" මයික්‍රසොෆ්ට් ස්ටොර් වෙතින් බාගත කරගත හැකිවන සේ සැලසුම් කිරීමෙනි.පලවන තොරතුරු වලට අනූව බලාපොරොත්තු විය හැක්කේ නොමිලේ මෙන්ම මිලදීගත යුතු ලෙස මෙම ඇප්ස්  "වින්ඩෝස් ස්ටොර්ස්" වල පවතිනු ඇති බවයි. සමහර විටක සීමිත අත්හදා බැලීමේ කාලයකට යටත්ව මේවා නිකුත්වනු ඇති අතර නියමිත කාලයෙන් පසුව ඒවා උපකරනයෙන් අතුරුදහන්වන ලෙස සැකසෙනු ඇත.
              මෙම මෙට්‍රො ඇප්ස් සාම්ප්‍රදායික වින්32 මෘදුකාංග වලින් වෙනස් වන්නට හේතු කිහිපයක් විය හැක."ඒවා එකිනෙකින් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍යවනවා සේම අපහසුවකින් තොරව දත්ත ගොනු ඒවා අතර හුවමාරුකිරීමටද හැකිවිය යුතුයි. උදා හරනයක් ලෙස ඔබ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග වෙබ් අඩවියක සරමින් සිටින අතරතුරම "චාර්ම්" මෙනුවෙන් {ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වල "ඔප්ෂන්" මෙනුව" } පහසුවෙන් සමාජ ජලාවක හෝ ඊමේල් ලිපිනයක් වෙත එම සබදතාවය හුවමාරු කරගත හැකිවනු ඇත.තවත් විටක ඡායාරූ සම්බන්ද ඇප්ස් එකක පවතින ඡායාරූ ගොනුවක් පහසුවෙන් ෆේස්බුක් ගිනුමට යොමු කරන්නට හැකිවනු ඇත.
        එසේම මෙම මෙට්‍රො ඇප්ස් ඔබගේ වින්ඩෝස් ලයිව් ගිනුම හරහා  සමාන්තර යාවත්කාලීන(සින්ක්‍රොනයිස්) වීමට එය පහසුවක් වනු ඇත. එ තුලින් අදහස් වන්නේ මෙට්‍රෝ ඇප්ස් පදනම් වන්නේ ඔබගේ ලයිව් යුසර් අයි ඩි යමත මිස උපකරනය මත නොවන බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...