2011-10-05

"ITLK" පරිගණක පුවත් පලමු පෙර නිකුතුවෙන්.......


පරිගණක ලොව මවන්නේ අපූරු අවකාශයකි. කුඩා පරතරයන් (මිනිස් අපට සාපේක්ෂව) අනන්තයක එකතුවීමක් නිර්මානය කරන මෙම විසල් අවකාශය එකිනෙකට ඈදුනු පරිගණක ගොන්නක ආධාරයෙන් පෘතුවිය මත සදාතනිකයි සිතූ බොහෝ සීමාවන් බිද දමා ඇත්තේ හරිම අපූරු ආකාරයටය.කාලයක් මහා යෝධයෙකැයි සිතා සිටි භෞතික දුර පරතරය මේ සොදුරු අවකාශය තුලදී ශූන්ය කරදමා ඇත්තේ මහත් විහිලුවක් ලෙසය.

සියවස් ගනනකට පෙර නම් දෙවියන්ට පමනක් හිමියයි මිනිස් වර්ගයා කල්පනා කල බොහෝ දේ මේ අපූරු අවකාශය තුල සරල කාරනා වී ඇතුවා පමනක් නොව දිනෙන් දින තම අපමන හැකියා අවකාශයේ අනසකට යටත්කොට ගනිමින් සිටින්නේ හරිම විසිතුරු  ලෙසකයැයි අප සිතන්නෙමු.

එය මිනිස් මනස ප්රමුක සියලු අවයව වෙත දිගුවන් ගෙනවිත් දී ඇත. සමාන්ය මනසකට කිසිදිනක තේරුම්ගත නොහැකි තරමේ  විස්මිත බොහෝ දේ රැගෙන එමින්ද ඇත."කාලයකදී ගැබුරු දර්ශනය ලෙස සලකන සමහර දැ තවත් කාලයකදී සරල දැනුම බවට" පත්වනවා සේ ඉදිරි දශක කිහිපය ඇතුලත අද අපට සිතිය නොහැකි තරමේ වෙනසක් සරල භාවිතාවන් සේ මිනිස් ජීවිතවලට රැගෙන  එනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...