2011-09-15

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති හා ඩෙස්ක් ටොප් අතර පිවිතුරු ප්‍රේමය අවසන්

මෙම සතියේ මුල් භාගයේ පැවති සංවර්ධක කරුවන්ගේ හමුවකදී මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රතම වරට නිල ලෙස නිවේදනයකර සිටියේ වින් 8 නැතිනම් මීලග තම මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරනයක් නිකුත් කර ඇති බවකි. 5000 අධික මෘදුකාංග සංවර්ධිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී වින් 8 පෙර සංස්කරනය ස්ථාපනය කරන ලද ටැබ්ලට් පරිගනකයන් බෙදා හැරි බවයි සදහන් වන්නේ. සංවර්ධකයන් සදහා වින් 8  පෙර සංස්කරනය  සහිත පරිගණක ලෙස මේවා නම් කර තිබූ අතර මෙම පරිගණකයන් ඉන්ටෙල් අයි5 ප්‍රොසසරයකින් සමන්විතව තිබූ අතර 1366*768 ස්පර්ශක තිරයකින් සමන්විතව  හා ගිගා බයිට 64 ක "සොලිඩ් ස්ටේට්" ඝන තැටිය කින් සමන්විතව තිබූ බවත් ගිගා බයිට් 4 ක ධාරිතාවයක් සහිත ඩි.ඩි.ආර් 3 වර්ගයේ ‍රැම් මතකයකින් සමන්විත වන බවත් වාර්ථාවී තිබිනි. නව මෙහෙයුම් පද්ධතියත් සමග මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති හා ඩෙස්ක් ටොප් පරිගනකය අතර තිබූ නූලික මට්ටමේ සම්බන්දය අවසන් වන බවටයි විචාරකයින් පවසන්නේ.
                   පර්යේක්ෂන ධාවනයකදී ලබා ගත් වාර්ථාවන් වලට අනූව නෝට්බුක් පරිගණකයකදී වින් 7  සාමාන්‍යයෙන් මෙගා බයිට් 400 තාවකාලික භාවිතයක් දක්නට ලැබුන මුත් වින් 8 සමග එම ප්‍රමානය මෙගා බයිට් 300 දක්වා අඩුවතිබෙනු දක්නට ලැබුනු අතර තාවකාලික මතකය තුල සමාන ගොනු ධාවනය ඉවත්කිරීමේ නව ක්‍රමවේදය මේ සදහා ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පවසා සිටිනවා. යු.එස්.බි 3.0 භාවිතයට ප්‍රමුකත්වය සමග යු.එස්.බී පෙර සංස්කරන සමග මෙගා බයිට් 40ක වේගය 160 දක්වා වර්ධනය දක්නට ලැබුනු බවත් ඔවුන් සදහන් කර සිටිනවා. වින් 8 සහිත දුරස්ථ පරිගණකයක ඩෙස්ක්ටොප් එක පාලනයට ලැබෙන හැකියාව ව්‍යාපාරික  භාවිතා කරන්නන් වඩාත් සතුටට පත්කරුනු ඇතැයි විචාරකයින් අනුමාන කර සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...