2011-09-12

එලබෙන වසර පහ ඇතුලත ක්ෂනික තොරතුරු සේවාවන් සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් ඉක්මවා යනබවට

එලබෙන වසර පහ ඇතුලත ක්ෂනික තොරතුරු සේවාවන් සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් ඉක්මවා යනබවට අනුමාන කල හැකි බවයි  තොරතුරු විමසුමක ප්‍රථිපල සටහනක්  ඇසුරින් ඔවුන් පවසා සිටින්නේ.සේවක පිරිස 100ට වැඩි ඇමරිකානු පෞද්ගලික ආයතන 1400ක සහභාගීත්වයෙන් කල එම තොරතුරු විමසුමේදී සහභාගීවූවන්ගෙන් 54% ප්‍රකාශකර තිබුනේ සාම්ප්‍රදායික ඊමේල් සේවාවන්ට වඩා ක්ෂනික තොරතුරු සේවාවන් එලබෙන වසර පහ තුලදී ඉදිරියට එනු ඇති බවයි.13% ප්‍රකාශකර තිබුනේ ක්ෂනික තොරතුරු හුවමාරු සේවාවන් වඩාත් ජනංප්‍රිය වන බවයි. 41% ක් ප්‍රකාශකර සිටියේ සමහර විටක එසේ වීමට ඉඩ ඇති බවකි.
                                 සාම්ප්‍රදායික ඊමේල් සේවාවට වඩා ක්ෂනික පනිවිඩ සේවාවන් ආයතනයක් තුලදී වඩාත් සාර්තකලෙස , කන්ඩායම් බව ‍රැක ගැනීමේදී,  ගැටලු විසදීමේදී , අදහස් බෙදා ගැනීමේදී මෙන්ම ලිපි කටයුතු කලමනාකරනයේදී  වඩාත් සාර්තක බවට තහවුරු වෙමින් පවතින බවට වැඩිදුරටත් එහි පැවසෙනවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...