2011-09-16

වින්8 සමග සරල පරිගණක භාවිතයකට ........ (2)

නව  "ස්ටාර්ට්" මුහුනත ඔබේ සියලුම පාහේ ක්‍රියාත්මකයන් හා අඩංගුදැවන් පහසුවෙන් ඔබ වේතට ‍රැගෙන එනු ඇත. මෙම ටයිලයන් සජීවීලෙස එම මොහොතේ සිදුවෙමින් පවතින දෑ පිලිබද තොරතුරු වලින් සමන්විතය. කාලගුනය, මිතුරෙකුගේ නවතම යාවත්කාලීනයන්,එලබෙන්නට නියමිත ඔබගේ දින යොදාගැනීම් ඒවා අතර  තිබෙනු ඇත.එසේම මෙම සැකසුම් ඔබට කැමති ආකාරයට  වෙනස් කර ගැනීමටද හැකිවනු ඇත. තොරා ගැනීමට ඇති අවස්තා බහුල විටකදී ස්වංක්‍රීයව ඒවා අතර චලනයක් ඇතිකරවා පහසුවෙන් ඔබගේ අවශ්‍යතාවය තොරා ගැනීමටද පහසුකම් තිබෙනු ඇති බවයි දක්නට ඇත්තේ.

       
      ස්පර්ශක යතුරු පුවරුව  දෙයා කාරයකින්  තොරා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. පුර්න තිර යතුරු පුවරුව සුව පහසු නොවන ඉරියව්වකදී පවා පහසුවෙන් ඔබගේ යතුරුකරන කටයුතු වලට සහය වනු ඇත.වැඩි දියුනු කරන ලද යතුරු පුවරු සහයකයා වැරදි අකුරු භාවිතාවකදී ස්වංක්‍රීයව ඒවා නිවැරදි කරමින් සහය වන අතර මීලග වචනය යොජනා කරමින් ඔබේ කාර්යක්ශමතාවය උපරිම මට්ටමකට ගෙන එන්නට සහය වනු ඇති බවයි පෙනෙන්නට ඇත්තේ. විවිධ භාෂා භාවිතයේදී තොරාගන්නා භාෂාවට අනූව ස්වංක්‍රීයව යතුරු පුවරුව වෙනස් වෙමින් සහය වනවා පමනක් නොව වෙනස් කරන ලද භාෂාව එම ය්දවුමට පමනක් නොව සම්පූර්න පරිගනකයටම බලපාන ආකරයට වෙනස් වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...