2011-09-21

අඩොබේ ප්ලැෂ් 11 සමග යලි කරලියට.....

එලබෙන දෙසතිය තුලදී ඇඩොබී ප්ලැෂ් තම නව සංස්කරනයත් සමග වෙබ් අවකාශයතුල තම ස්ථාවරය ‍රැක ගැනීමේ සටනට පිවිසෙන්නට නියමිත බවටයි තොරතුරු පලවෙන්නේ.ද්විමාන හා ත්‍රිමාන කරනයේදී මෙන්ම දෘඩාංග තීවරත්වය වැඩි කිරීමේ නවාංග සමග තම නව සංස්කරනය සූදානමින් ඇති බවයි ඔවුන් පවසන්නේ. ඇපල් හා මයික්‍රසොෆ්ට් ආයතන තම වෙබ්බ්‍රවුසරයන් සමග අමතර එකතුකරනයන් අවම කිරීමේ තීර්නය තුලදී අභියෝගයකට ලක්වී සිටින ප්ලැෂ් ප්ලේයරය සදහා තම ආයතනයේ  අවධානය තවමත් පවතින බවටත් එය දියුනු කිරීම සදහා ආයෝජනයන් තමන් සිදු කරමින් පවතින බවටත් මෙම නව සංස්කරනය සමග කරුනු තහවුරු වන බවටයි ඔවුන් කරුනු දක්වා සිටින්නේ.
         "ග්‍රැ‍ෆික් යුනිට්" එක තුලට කෙලින්ම පරිහරනයට ලක්කිරීම තුලින් පැරනි සංස්කරන හා සාපේක්ශව දහස් ගුනයක වේගයේ දියුනුවක් අත්පත් කරගන්නට නව සංස්කරනය සමත්ව ඇති බවයි සටහන්වන්නේ.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...