2011-08-08

ඉන්දියව තුලදී "‍ටුවිටර්" හා "ෆේස්බුක්" වෙත පාලනයක්!!!!!

ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම්කිරීම සදහා ෆේස්බුක් හා ‍ටුවිටර් සේවාවන් භාවිතා කරන්නේයැයි සැකය මත ඉන්දියාව තුලදී අධීක්ශනයකට යටත්කිරීමේ සැලැස්මක් මේ දිනවල සලකා බලමින් පවතින බවට පුවතක් පලවෙනවා.හකුලන ලද තොරතුරු සබදතාපවා මෙම විමසීමට ලක් කිරිමට බල පොරොත්තුවන බවයි පැවසෙන්නේ. මෙම වසරේ මුල් භාගයේ හදුන්වාදෙන ලද නව නීති රිතීන් වලට අනූව අධිකරන නියෝගයකින් තොරව පවා එරට ආරක්ශක අංශ වෙත වෙබ් අඩවි හා සේවා ගිනුම් වලට අදාල තොරතුරු ලබ ගැනීමේ අයිතිය පවතින බවයි වැඩි දුරටත් සටහන්ව ඇත්තේ. කෙසේමුත් ‍ටුවිටර් නීතිරීති වලට අනූව අධිකරනමය හෝ  ප්‍රමානවත් හේතුවකින් තොරව තම භාවිතා කරන්නන්ගේ තොරතුරු ලබා නොදෙන බවයි සටහන්ව ඇත්තේ. ෆේස්බුක්වලද  මෙවැනි තත්වයක් පවතින  අතර ඉන්දියාවේ ජනංප්‍රියම වෙබ් අඩවි 10 තුලට ෆේස්බුක් හා ‍ටුවිටර් අඩංගුවන බවයි කියවෙන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...