නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව
නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව www.nirogi.tk
IT News and Reviews in Sinhala
නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව www.nirogi.tk
අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින ලොකයේම පිටපතකි.නමුත් පවතින ලොකයට අදාල ප්‍රධාන සාධක දෙක තුනක් මෙතැනට වලංගු නොවෙයි. පලමු වැන්න දුර පිලිබද සාධකයයි. ලාංකිකයෙකුට ඇමෙරිකාව හා පරතරය තප්පරයක් හෝ දෙකකි.එහි සිටින්නෙකුගේ කටහඬ, රූපය, නැතිනම් ක්‍රියාවක් ඔබ ලගට ගෙන එන්නට සූදානව සිටී. අනෙක නම් දේශපාලනික ආගමික දේශසීමා අවලංගු වීමයි. යහපතට මෙන්ම අයහපතටද හේතුවිය හැකි බොහෝ දේ සීමා කරගන්නට නොහැකිව පාලකයින් විදින වදවේදනා දැකීමෙන් මෙය වඩාත් තහවුරුවේ. අනෙක් අතින් සමාජය තුල නිතැතිම මතුවන පාලනය භාවිතා කරන ඔබ අතටම පත් වීමයි. ඔබව පාලනය කරන්නට දෙමාපියන්ගේ සිට ඉහලට ගොඩනැගෙන සාමාන්‍ය ලොකයේ හමුවන සීමා පවුරු නැති අතර ඔබ සියතින් ගෙල සිද ගන්නවාද යන තැන සිට මේ අපූරු සුව පහසුකම් වලින් ජීවිතය ලස්සන කර ගන්නවාද තැන දක්වා තීර්නයක් ගැනීමේ සම්පූර්න අයිතිය ඔබ අතට පත්ව ඇත.
"ප්‍රබෝධමත් උදැසනක් කියන්නේ නැවත ඉපදීමක් වගෙ දෙයක්" ආශ්‍රමයේ ප්‍රධාන ශාලාවේ තැනක සටන් කර තිබුනා . මේ ආශ්‍රමයතුල ගතකල වසර හය තුල ජීවිතයට ලංවූ හා ජීවිතයෙන් වෙන්වූ දේ බොහෝයි මටසිතේ.කුඩා කලසිට විටින් විට විවිධ අවස්තාවන් හා බැදී මතකය තුල පැල පදියන්ව තිබූ බොහෝ මතකයන් හා බැදී තිබූ හැගීම් නැතිනම් විදීම් බොහොමයක් නැවතත් සොයා ගත නොහැකි ලෙස විසිරී ගොස් ඇත. නොයකුත් වෛරයන් මෙන්ම ආදරනීය ස්මරනයන් තවදුරටත් මා හසුරවන ප්‍රධාන නියමුවා නොවන තත්වයට පත්ව ඇත.
මහා වන වියන තුලින් ගලා එන හිරු කෙදි ආශ්‍රමයට දිව්‍යමය ස්වරූපයක් ගෙනෙතැයි මට සිතේ. අතුපතර සරමින් හඩ නගන නෙක රටාවේ කුරුලු රැන් හුදකලා බවට කිසිදු ඉඩක් තොතබන්නා වැනිය. අද දහවල කුටිය අසබඩ ඇති සක්මන් මලුවේ අසුන මත සමහර විට පැය දෙකක් හෝ තුනක් ගතවුවේ දැහන් ගත වීයයි මම සිතමි.ජීවිතය ගැන පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් දැනෙයි.වැදගත්මය දෙය රැස්කිරීම නිසා වන සතුටක් නොව "සියල්ල හොදින් සිදුවන බව" හැගෙන නිසාම පමනක්ම ඇති වන සතුටක් නිසාය.
හමායන සුලංරොද සොලවන අතුකොල නිසා නැගෙන හඬ ඇරෙන්න පරිසරය නිහඬවෙනකොට,පෙරදිග කඳු සිකර අතරින් අහස්කුසට නැගෙන හිරුමඩල අපරදිග කඳුසිකර අතර සැගවගියාම අවසන්වන දවසට අවනතව ගතකරන නිකලැල් ජීවිතය හරිම ශාන්තිමත්.දිනාගන්න බැරිඋනු ජීවිතයට එරෙහියව නොවේ , එතැන දිනා ගන්නතරම් දෙයක් නැතිබව තේරුම් ගියනිසා එකගවුනු නිසා, එදිනෙදා ජීවිතයේදී පසිදුරන් ඔස්සේ ගලා එන හිස් උත්තේජන තවදුරටත් ජීවිතය ප්‍රබොදමත් නොකරන නිසා එකග උනු, සමහර විට අරුත් සුන් බව තෙරුම් ගත්තත් මුක්කුගසමින් අමාරුවෙන් පවත්වාගෙන යන ජීවිතයයට වඩා නිර්භයව වෙනසට එකගවුනු නිසා ලබා ගත් ජීවිතය. ඒක හරිම විසිතුරු අත්දැකීමක්…………………………
වරක් ආශ්‍රමයට ඇමරිකානු මහාචාර්ය වරයෙක් පැමිනියා. සොයාගැනීම් කිහිපයක් නිසා එතුමා විද්වතුන් අතරත් ගෞරවයට පාත්‍ර වුන කෙනෙක්. එතුමා පැමිනියේ දින හතක පමන කෙටිකාලයක නවාතැන් ගැනිමටයි.එතුමා බොහෝ විට දවසේ සමාලෝචන රැස්වීමට පැමින හරිම ගැබුරු රසායනික සංයුතීන් ගැන භෞතික විද්‍යාත්මක නියමයන් ආදිය යොදාගනිමින් විශාල තර්ක විතර්ක යොදමින් බරපතල කතා පැවැත්තුවා. දවසක් තමාගේ දීර්ග පැහැදිලි කිරීමකින් අනතුරුව ඔහු ඇසුවා ,ස්වාමීන්වහන්ස මගේ බුද්ධදර්මය ගැන ඇති දැනීම ගැන ඔබවහන්සේ මොකද කියන්නේ කියලා.ස්වාමීන් වහන්සේ මද සිනාවක් සමග කීවේ “ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා ” කියල පමනයි.
මේ දිනවල දහවල් ආහාර වේලෙන් පසුව අපට අවසර ලැබෙනවා කඳුයාය අතර විහිදී ඇති අතුරුමාවතක් දිගේ දිනකට පැය දෙක තුනක් ඇවිදයන්නට.ආශ්‍රමය පිහිටි කදුමුදුනතින් අනෙක් දෙසටවන්නට පිහිටි විශාල ගංගාව හා සමාන්තරව විහිදුනු අඩිපාරක් මම බොහෝ විට තොරාගන්නවා.ඉදහිටක හමුවන ගැමියෙකු හැරුනු විට විටක තදින් පැතිරුනු තුරු ගොමුත් තවත් විටක එලිමහන් පරිසරයත් ආදී නෙක වටපිටාව මනසට නැවුම් ප්‍රබෝදයක් කැන්දනවා.ෆෙං ශුයි දහම ගැන මට විශල අවබෝදයක් ලබා ගන්නට මේ පරිසරයේ වන විවිදත්වය විශාල උදව්වක් උනා.හොද තැන්පත් මනසකින් යනවිට ,මා පෙර කියු තුරුගොමුවල වෙනස හෝ කදු තැනිතලාමය වෙනස හෝ කොටින්ම කිව්වොත් මේ සියලු භෞතික පරිසර වෙනස හැරුනාහම මනසට, පරිසරය හා බැදුනු විටින්විට වෙනස් වන තවත් යමක් ඇතිබව හදුනා ගන්නට ඒ තරම් අපහසු නැහැ.විටක ශාන්තිමත් බවක් තෘප්තිමත් බවක් සැහැල්ලුබවක් මෙන්ම වෙහෙසකර බවක් කැන්දන හිස් කමක් දන්වන බවක් ආදී පසුකරන විවිද ප්‍රදේශවල ස්වභාවයක් බව හදුනා ගන්න්ට ඒතරම් වෙහෙසක් උවමනා උවේ නැහැ. ෆංශුයි වල හදාරන ශක්ති ගලනය මෙය බවත් හුදෙක් සංකේතවලින් ඔබ්බෙන්වන විශාල විශයක් මේ පසුපස ඇතිබව මම පසුව වටහා ගත්තා.
දිගු කාලයකට පසුව නැවත සමාජ ගතවීම හරිම අපූරු අත්දැකීමක්.කෙටියෙන් මම මෙහෙම කිව්වොත් ” හරියට අපි රිද්ම දෙකක ජීවත් වෙනවා වගේ”. දවස් දෙකක දිගුගමනකින් පසුව මා ප්‍රදාන නගරයට පිවිසෙන විට වෙනස දැඩිලෙස දැනෙනට පටන්ගත්තා. කලාගාරයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක් නරබමින් හවස්වරුව ගතකල මා හැන්දැවේ ගෝඩෝ එනකම් නම් මා කවදත් ප්‍රිය කල කෘතිය ඇසුරින් රචනා කල වෙදිකා නාට්ය්‍යය නැරබුවා. ජීන් පෝල් සාත්‍රේ, ඇල්බෙයා කැමූ වගෙ මිනිසුන් ලෝකය දැකපු හැටි මම හරිම ප්‍රිය කරනවා. හැබැයි ඒ දෘශ්ටිය නිවැරදියි කියලා මම විස්වසකරන නිසා නෙවේ. හතරැස් වෙදීකාවේ සියලු මාන හරිම අපූරුවට ඒ වේදිකා නිර්මන තුල මට දැනෙන නිසා කියලා මට හිතෙනවා.
නිවන යනු ඔබගේ අවසාන සටනයි. නමුත් මෙහිවන “අවසාන” වචනයම ඔබව සටනින් ඈත් කරනවා. මොකද ඔබ හොදටෝම සටනට ඇබ්බැහි වෙලා සිටින නිසා. දිනනකොට සතුටු වෙන්නත් පරදින කොට හඩන්නටත් ඔබට සටන උවමනාම බව ඔබට දැනෙන නිසා. හිතන්න අධිවේගරිද්ම ජීවිතයක් ගතකරන ඔබට කිසිදු රිද්මයක් නැති පරිසරයක් සිතන විට පවා දැනෙන මානසික විය්‍යාකූල භාවය. හරියට අපි ආශ්‍රමයට ආගන්තුකයන් වූ කාලයේ වගේ……
වස්සනයත් සමග ආශ්‍රමය එක පැත්තකින් වඩාත් නිහඩ වෙනවා උනාට තව පැත්තකින් හරිම කලබල කාරී වෙන හැටි හරිම අපූරුයි. අපි ආහාර සදහා දාන ශාලාවට යන්නේ දවසට එක වරක් පමනයි. බොහෝ වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේම ගම්වැසියන්ට දන්වනවා දානය රැගෙන ඒමෙන් වලකින්න කියලා. විශාල දියපහරවල් දෙක තුනක්ම පසුකරන්නට වන නිසා වැසි සමයේදී. පසුගිය කාලයේදී නිහඩව කුඩා දියපාරවල්ව තිබු තැන් විශාල දිය පහරවල් වෙමින් මහ හඩ නන් වමින් ගලා හැලෙන හැටි හරිම ලස්සන දසුනක්. ඈත කදුවලලු වල තැනින් තැන සුදුපාට සලුවාගේ දියපාරවල් මතුවෙන හැටි ශාන්තිමත් මනසට බරපතල දහම් පනිවිඩයක් පහදා දෙනවා.
අද සැදැවේ පැවති දවසේ සමාලෝචන රැස්වීමේදී සමාධි මනස ගැන ගැටලුවක් ලොකුස්වාමීන් වහන්සේට යොමුකලේ ටිබෙටියානු ස්වාමීන් වහන්සේ නමක් විසින්. එක්තරාආකාරයකට සමාධිය ප්‍රයෝජනවත් නමුත් සමධි මනසට ලොල් වීම ඔබව යතාර්තයෙන් ඉවතට ඇදදැමීමක්බවයි අවසානයේ අපට පහදා දුන්නේ.”සීමාන්තික සමාධිය ඔබේ විමසිල්ල නිදිගන්වනු ඇත” ලොකු ස්වාමීන්වහන්සේ පැහැදිලි කලා.
කෙමෙන් කෙමෙන් වසර අවසානය වනවිට ආශ්‍රම කරා එන ඇත්තන්ගේ ප්‍රමානය වැඩි වෙයි. ඊයේ සැදැසමාලෝචන රැස්වීමට පැමිනි ජර්මානු මහත්මයෙක්කීවේ තමා වසර විසිගනනක් තිස්සේ දහම හදාරන බවයි. මුලු ත්‍රිපිටකයම දොලොස් වතාවකට වඩා කියවා ඇති බවත් කිවේ මහත් ආඩම්බරයෙනි. අවසන් ජනාවසයෙන්ද සැතපුම් කිහිපක් ඈත්ව ඇති මේවැනි තැන් වලට වඩා නගරයේ දහම දැනගැනීඉමට ඇති අවස්තා කොතරම් දැයි ප්‍රශ්නකලාය. මෙවන් හිස් වන අසපුවකසිට නොව නගරයේ මිනිසුන් සමග සිට නිවන පිලිබද දැනුම වැඩිකරගෙන නිවන කරා යාමට ඇති අවස්තා වැඩි බවයි ඔහු කීවේ. ආශ්‍රම වාසී ඇත්තන් සියල්ලෝම වාගේ මෙතැනට පැමින සිටියහ.ත්‍රිපිටකය දහවරකටත් වඩා කියවූ නිසා නිවනේ දොර විවර වනතෙක් බලා සිටින මෙම අහිසංක මිනිසා කෙරෙහි කාගේත් අනුකම්පාවමුසු බැල්මක් හිමි විය. ගතවන තප්පරයෙන් තප්පරයට වෙනස් වන මෙම රමනීය වන පියස විදින්නට තරම් පින් මද නැතිනම් පුරුදු පුහුන නොකල සිත් ඇති, නැතිනම් ලොව දකින්නට කියවන්නට තර්ක බුද්ධිය හැර වෙන කිසිවකට උරුම නොකියන මේ අසරන මිනිසා කෙරෙහි අප සියල්ලටම පාහේ කනගාටුවක් ඇති විය.
©2009 IT News in sinhala | by TNB