2010-11-24

අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි

අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින ලොකයේම  පිටපතකි.නමුත් පවතින ලොකයට අදාල ප්‍රධාන සාධක දෙක තුනක්  මෙතැනට වලංගු නොවෙයි. පලමු වැන්න  දුර පිලිබද සාධකයයි. ලාංකිකයෙකුට  ඇමෙරිකාව හා පරතරය තප්පරයක් හෝ දෙකකි.එහි සිටින්නෙකුගේ කටහඬ, රූපය, නැතිනම් ක්‍රියාවක් ඔබ ලගට ගෙන එන්නට සූදානව සිටී. අනෙක නම් දේශපාලනික ආගමික දේශසීමා අවලංගු වීමයි. යහපතට මෙන්ම අයහපතටද හේතුවිය හැකි බොහෝ දේ සීමා කරගන්නට නොහැකිව පාලකයින් විදින වදවේදනා දැකීමෙන් මෙය වඩාත් තහවුරුවේ. අනෙක් අතින් සමාජය තුල නිතැතිම මතුවන පාලනය භාවිතා කරන ඔබ අතටම පත් වීමයි. ඔබව පාලනය කරන්නට  දෙමාපියන්ගේ සිට ඉහලට ගොඩනැගෙන සාමාන්‍ය ලොකයේ හමුවන සීමා පවුරු නැති අතර ඔබ සියතින් ගෙල සිද ගන්නවාද යන තැන සිට මේ අපූරු සුව පහසුකම් වලින් ජීවිතය ලස්සන කර ගන්නවාද තැන දක්වා තීර්නයක් ගැනීමේ සම්පූර්න අයිතිය ඔබ අතට පත්ව ඇත.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...